Naifmvlog

Naifm vlog Gossip and News

වැස්ස නිසා එළවලු මිල විශාල ලෙස වෙනස්වෙයි.

මේ දිනවල රට පුරාම අධික ලෙස වර්ෂාව පවතිනවා. විවිධ ප්‍රදේශ ජලයෙන් යටවීම් වලටත් පස්කඳු කඩාවැටීම් වලටත් ලක්වෙලා තිබෙනවා. මේ නිසා පවතින අයහපත් කාලගුණ තත්වයත් සමඟ අස්වනු නෙළීමට නොහැකිවීම හේතුවෙන් කන්ද උඩරටින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට 80 කින් පමණ පහළ වැටී තිබෙනවා. මේ හේතුවෙන් එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකරණ භාරය සඳහන් කළේ. වගා කළ හැකි සෑම බෝගයක්ම වගා කරමින් ජාතික ආර්ථිකයේ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි කර රටින් ගලා යන විදේශ විනිමය මෙරට ගොවි ජනතාවගේ ආදායම බවට පත් කර ගැනීමට කටයුතු කරන්නැයි රජය අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ මෙරට වගා කළ හැකි ආහාර බෝග වගා කරමින් අගය එකතු කර දේශීය ආහාර සුරක්ෂිතතාව රැක ගත යුතුව පවතින බවයි. විවිධ ආනයන ද්‍රව්‍ය සඳහා ශ්‍රී ලංකාව වාර්ෂිකව ඩොලර් මිලියන 1 යි දශම 78 ක් වැය කරන බව ශ්‍රී ලංකා මහබැංකු වාර්තා පෙන්වා දී ඇති අතර, අප රට තුළ එම ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කළ හැකි නම් විශාල විදේශ විනිමයක් වැය කිරීමට අවශ්‍ය නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඒවාට අගය එකතු කොට කර්මාන්තවලින් විශාල රැකියා ප්‍රමාණයක් ගම්බද ප්‍රදේශවල උත්පාදනය කළ හැකි බවද එහි තවදුරටත් සඳහන්.

රජය විසින් බදු ප්‍රතිශතයන් පහත හෙලීමත් සමඟ ආනයනික බස් රථවල සහ ට්‍රක් රථවල මිල රුපියල් 50,000කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අනෙකුත් වාහන වර්ග ගෙන්වීමේදී වැට් සහ ජාතික ගොඩනැගීමේ බදු අය නොකරන බැවින් ඒවායේ මිලෙහි වෙනසක් සිදු වී නොමැති බවයි එම සංගමයේ සභාපති රංජන් පීරිස් කියා සිටියේ. මේ අතර විදුලි සංදේශ බදු සියයට 25කින් පහත හෙලීමත් සමඟ මේ මාසයේ සිට ජංගම සහ ස්ථාවර දුරකතන ගාස්තු වල අඩුවීමක් සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව කියා සිටියා. මේ අනුව සියයට 15ක්ව පවතින විදුලි සංදේශ බද්ධ සියයට 11යි දශම 25 දක්වා පහත දමා තිබෙනවා. එසේම සියයට 15ක්ව පැවති වැට් බදු ප්‍රතිශතය සියයට 8 දක්වා පහත හෙලීම සහ සියයට 2ක්ව පැවති ජාතිය ගොඩනැගීමේ බද්ධ අහෝසි කිරීම විදුලි සංදේශ සේවාවන් සඳහා ද අදාළ වන බැවින් දුරකතන ගාස්තු සැලකිය යුතු මට්ටමකින් පහල බසින බවයි විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව තුල ජංගම දුරකතන සේවා සපයන ආයතන 05ක් ක්‍රියාත්මක අතර ස්ථාවර දුරකතන සේවා සපයන ආයතන සංඛ්‍යාව 03ක්. රටේ ගොඩක් දෙනෙකුගේ ආර්ථිකය හොද මට්ටමකට හැරෙන බවක් තමයි අපට සමාජයේ පුද්ගලයන් අතරේ ඇසෙන කතාවක් වන්නේ. ඔබ සිතන්නේ කුමක්ද. රටේ වෙනස් වෙන්න ඕනේ කුමක්ද.. පහතින් කමෙන්ට් එකක් දගෙන යන්න.