Naifmvlog

Naifm vlog Gossip and News

චොක්ලට් කනවනම් මේ වාසි සියල්ල ඔබට ලැබේවි.

පැණි රස කෑම කන්න කොයි කවුරුත් එක වගේ කැමතියි. චොක්ලට් කියන්නේ කොයි කවුරුත් අතර ඉතාමත් ජනප්‍රිය ආහාරයක්. චොකලට්වලට සමහරු කොතරම් ඇබ්බැහිද කීවොතින් හැමදාම චොක්ලට් ආහාරයට ගන්න පුරුදු වුණූ අය අපි අතරේ ඕනෑ තරම් ඉන්නවා. ඔයා මෙතෙක් කල් චොක්ලට් ආහාරයට ගත්තේ එහි ගුණ ගැන එහෙමත් නැතිනම් චොකල්ට්වලින් ඔයාගේ සිරුරට ලැබෙන පෝෂණය ගැන හරි හැටි නොදැනනේ. චොක්ලට් කියන්නේ පෝෂ්‍යය පාදාර්ථ රැසක් අන්තර්ගත ආහාරයක්. ඔයාට ශාරීරික සෞඛ්‍යය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යන්න ඕන නම් දැන් ඔයාට කිසිම බයක් සැකයක් නැතුව චොක්ලට් ආහාරයට ගත හැකියි. චොක්ලට් නිෂ්පාදනය කරන්න භාවිත කරන්නේ කොකෝවා බීජ කියලා ඔයා දන්නවානේ. කොකෝවා බීජවල ප්‍රතිඔක්සිකාරක ගුණය යහමින් අන්තර්ගත වෙනවා. ඔයාගේ සෞඛ්‍යය තත්ත්වය වැඩි දියුණු කරලා ඔයාව නිරෝගිව තියනවා විතරක් නෙමෙයි බොහෝ රෝගී තත්ත්වයන්ට ඔයා ගොදුරු වීම අවම කරනවා. ඔයාට කරන්න තියෙන්නේ දෛනිකව චොක්ලට් පෙති 03 ක් 04 ක් ආහාරයට ගැනීම පමණයි. එයින් ඔයාට හිතා ගන්නවත් බැරි විදිහේ වාසී රැසක් ලැබෙනවා. උසස් තත්ත්වයේ කොකෝවා භාවිත කිරීම මගින් නිෂ්පාදනය කරන් තද පැහැති චොක්ලට් ඔයාගේ සිරුරට වඩාත් ගුණදායකයි. චොක්ලට්වල ඔයා හිතන්නේවත් නැති පෝෂ්‍යය සංඝටක රැසක් අන්තර්ගත වෙනවා. කෙදි, යකඩ, මැග්නිසීයම්, තඹ, මැංගනීස්, පොටෑසියම් පොස්පරස්, සින්ක්, සෙලේනියම් ආදී පෝෂ්‍ය සංඝටක යහමින් චොක්ලට්වල අන්තර්ගතයි. මේ පෝෂ්‍යය පදාර්ථ සියල්ලම අඩු වැඩි වශයෙන් චොක්ලට්වල තියෙන නිසා ඔයා පමණට වඩා චොක්ලට් ආහාර ගන්න අවශ්‍ය වෙන්නේ නෑ.

ඔයාට මේ පෝෂණය වඩාත් සාර්ථකව ලබා ගන්න ඕන නම් ඔයා තද දුඹුරු වර්ණයෙන් යුතු චොක්ලට් තමයි ආහාරයට ගන්න ඕන වෙන්නේ. මොකද dark චොක්ලට්වල මේද අම්ල බහුලව තියෙනවා. කැෆේන් සහ ටොබ්රොමිනෝ වැනි උත්තේජකයන් රැසක් චොක්ලට්වල අන්තර්ගතයි. කෝපීවල තරමටම කැෆේන් චොක්ලට්වල අඩංගු නැහැ. ඒ නිසා චොක්ලට් කෑවාට ශරීර සෞඛ්‍යට අයහපතක් නම් වෙන්නේ නෑ. Dark චොක්ලට්වල ෆ්ලේවොලොල්ට් හා නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීමට හොඳින් සිදුවෙනවා. ඒ වගේම මොළයේ එක් එක් කලාපවලට ඉලක්කගත කාර්යයන් ඉටු කර ගැනීමට අවශ්‍ය රුධිර සංසරණය ෆ්ලැවනොල් මගින් ලැබෙනවා. බොහෝ පර්යේෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා චොක්ලට්වලින් රුධිර පීඩනය අවම කරන බව. ඔයා දිනකට චොක්ලට් පෙති 03 ක් 04 ක් ආහාරයට ගැනීමෙන් ඔයාගේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත වැටෙනවා. ඔයා මෙහිදි අවබෝධ කර ගත යුතු වැදගත්ම දේ වෙන්නේ ඔයාට රුධිරගත කොලස්ටරෝල් මට්ටම අවම කර ගන්න නම් ඔයා දිනපතා ආහාරයට ලබා ගන්නා ආහාරවල මේදය අඩු කර ගන්න සිදු වෙනවා. මේ ගුණය ඔයාට ලැබෙන්නේ චොක්ලට්වල අඩංගු ශාක ස්ට්‍රරෝ, කොකෝවා ෆ්ලැවනොල් සතු විශ්මිත ගුණාංග නිසයි. චොක්ලට් ආහාරයට ගැනීමෙන් ඔයාට ලැබෙන වාසීදායක තත්ත්වයන් අතරේ මේ කරුණත් ඉතාමත් වැදගත්. ඔයා චොක්ලට් ආහාරයට ගැනීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙන බව දැනගෙන හිටියේ නෑ නේද? මුලින් සඳහන් කළ වගේ කොකෝවා වල ෆ්ලේවානෝල් අන්තර්ගත නිසා මොළයට රුධිර ප්‍රවාහනය හොඳින් සිදු කරනවා. මානසික ආබාධ සහිත අයට චොක්ලට් ඉතාමත් ගුණදායකයි. කැෆේන්, ටොබ්රෝමීන් වැනි උත්තේජක ද්‍රව්‍යය අඩංගු වන නිසා මොළයේ උත්තේජන ක්‍රියාවලියටත් චොක්ලට් ඉතාමත් ගුණදායකයි. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.