Naifmvlog

Naifm vlog Gossip and News

කෙට්ටු වෙන්න ඕනෑවට වඩා ආහාර පාලනය කරන්න යන්න එපා.

සිහින් හැඩැති සිරුරක් ලබන්න ඕනෑම කෙනෙක් කැමතියි. තරුණියන් පමණක් නොව මැදිවියේ කතුන් පවා දැන් සිහින් සිරුරක් ලබා ගැනීම සදහා මහත් උනන්දු වෙනු දක්නට ලැබේ. සිහින් සිරුරක් තිබීම හොදය. නමුත් වැදගත් වන්නේ සිරුර සිහින් වීම වගේම නිරෝගිවද පැවතීමයි. සිරුර සිහින් වීම සදහා ආහාර පාලනය කිරීමේදි එය සැළකිල්ලෙන් කල යුතූයි. නැතහොත් ආහාර පාලනය ඉවක් බවක් නැතුව හිතූමතයට කිරීම තුලින් දීර්ඝකාලීනව අහිතකර ප්‍රතිඵල ඇතිවීමට ඉඩ තිබේ. ආහාර පාලනයේදි අඩුකල යුත්තේ අධික පිටි, තෙල්, මේද සහ පැණි රස ආහාර වැනිදෑය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය, ආහාර පාලනයේදි වුවද මැනවින් ලැබිය යුතූයි. ඔබ සෞඛ්‍යයට අහිතකර අන්දමින් ආහාර පාලනය කරන්නේද යනවග පහත ලක්ෂණ මගින් ඔබට දැනගත හැකියි. කෙස් සීග්‍රරයෙන් ගැළවී යාම හා මළානික පෙනුමක් ඇතිවීම, දෑස යට අදුරු පැහැයක් ඇතිවීම, සමේ සුදුමැලි මළානික පැහැයක් දිස්වීම, නිතර සෙමිප්‍රතිශ්‍යාව හා කැස්ස ඇතිවීම, ආහාර දිරවීමේ අපහසුතා ඇතිවීම, ප්‍රතිශක්තිය හීනවීම, නිතර තෙහෙට්ටු ස්වභාවයක් ඇතිවීම. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ ආහාර පාලනය ආරමිභ කර මාස 3-4ක් යනවිටම පෙන්නුම් කෙරේ. ඒ අන්දමින් රෝග ලක්ෂණ පළ කිරීමට හේතූ වන්නේ පහත ආකාරයට ආහාර පාලනය කල විටයි. ප්‍රධාන ආහාර වේල් අතහැර පළතුරු පමණක් ආහාරයට ගැනීම කිරි හා කිරි මිශ්‍ර ආහාර මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීම උදේ ආහාරය නොගෙන දිවා ආහාරය වනතුරු පළතුරු පමණක් ගැනීම දිගින් දිගටම ආහාර නොගෙන හිදීම ප්‍රෝටීන අධික ආහාර ගැනීමෙන් සමිපූර්ණයෙන්ම වැළකීම හෝ සෝයා අඩංගූ ආහාර පමණක් ගැනීම නිතර ව්‍යායාම කලද ගෙවීයන ශක්තිය නැවත ලබා ගැනීමට අවශ්‍ය ආහාර නොගැනීම.

ආහාර පාලනය නිසි පරිදි නොකල විට එනම් අනවශ්‍ය අන්දමින් ආහාර ප්‍රතික්ෂේප කරන විට ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අහිමි වී යයි. ඒ නිසා බර අඩුකර ගැනීමටත් නිරෝගිබව රැක ගැනීමටත් ඔබ කල යත්තේ කාබෝහයිඩ්‍රේටි, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛණිජ ලවණ, කෙඳි සහිත සමබර ආහාර වේලක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ගැනීමයි. ප්‍රෝටීන් ආහාර අඩු නොකළ යුතුය. සිරුරට ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. සිරුරේ සියලුම ක්‍රියාකාරිත්වයට ප්‍රෝටීන් අවශ්‍ය වේ. උදේ අහාරය මොන තරම් වැදගත්ද කියන එක හැමදාමත් ඔයාට මතක් මතක් කරනවා. පෝෂ්‍යදායි ආහාර වේලක් අනිවාර්යෙන්ම ලබා ගන්න කියන්නේ එයින් මොලයේ ක්‍රියාකාරිත්වය කරමවත් කර ගැනීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් අනිවාර්යෙන් ලබා දිය යුතු නිසා. එය අහිමි වී යාම ඔබේ මොලයේ වර්ධනය අඩපණ කරන්න හේතුවක්. මේ දේ නම් කාන්තාවන් ගොඩාක් දෙනෙක් කරන වැරද්දක්. බර වැඩියි, බඩ වැඩියි, එහෙම නැත්තන් මහත වැඩියි කියලා අනවශ්‍ය විදියට ආහාර පාලනය කරනවා. නමුත් පුද්ගල මනස එදිනෙදා ක්‍රියාකාරකම් වලට ක්‍රමානුකුලව හැඩ ගැසිලයි තියෙන්නේ. ඉතින් ශරීරය ඒ දේවල් ඔයාගෙන් ඒ ඒ වෙලාවල් වලදී ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හැමදාම කෑම කන වෙලාවට අපිට බඩගින්නක් දැනෙන්නේ ඒ නිසානේ. ඒ නිසා එක පාර කෑම නොකා ඉන්නේ නැතිව ටිකෙන් ටික අඩු කරමින් පාලනයකට එන්න. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.