Naifmvlog

Naifm vlog Gossip and News

අධි රුධිර පීඩනය අවම කරමින් ඔබේ හදවත සුරකින පොල්කිරි.

පොල් කියන්නේ අද වෙද්දී මසුරන් වගේ ගණන් ගිහින් තියෙන දෙයක්. ඒත් ඉතින් කුස්සියට නැතිවම බැරි වුනු දෙයක්නේ පොල්. පොල් කිව්වම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ එය අපේ ආහාර රසවත් කරගන්න භාවිතා කරනවා කියලා විතරයි. පොල් කිරි, පොල් තෙල්, පොල් වතුර මේ හැම දෙයක්ම අපේ ශරීර සෞඛ්‍යට වගේම අපේ සුන්දරත්වය වර්ධනය කර ගන්නත් උදවු වෙනවා. අද කියන්නේ මේ දේවල් වලින් එකක් ගැන විතරයි. ඒ පොල් කිරි ගැන. පොල් කිරි පෝෂණයෙන් ඉතා ඉහලයි. ඒ විතරක් නෙවෙයි ශරීරයේ ප්‍රතිශක්තිකරණය ආරක්ෂා කර ගැනීම ඇතුළු රෝග ගණනාවක්ම වළක්වා ගැනීමට හැකියාව ලැබීම නිසා පොල් කිරි ලොව සෞඛ්‍ය සම්පන්නම ආහාර අතරින් එකක් ලෙස පිලිගන්නවා. දන්නා කාලේ ඉඳලම ආහාර පිසීමට එකතු කර ගත් පොල් කිරි වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනත් දැනගෙනම අද ඉදන් කෑම හදමු. පොල් කිරි කෝප්ප එකක අඩංගු පෝෂ්‍ය පදාර්ථයන් මෙන්න මේ විදියට දක්වන්න පුළුවන්. කැලරි 138 ක්, ප්‍රෝටීන් 1.5 g ක්, සීනි 2 g ක්, මේදය 14 g ක්, මැංගනීස් 55 mg ක්, තඹ 1500 mg ක්
පොස්ෆරස් 60 mg ක්, මැග්නීසියම් 22 mg ක්, පොටෑසියම් 157 mg ක් සහ යකඩ බහුලව අඩංගු වෙනවා. කොලෙස්ටෙරෝල් හා අධි රුධිර පීඩනය අවම කරමින් ඔබේ හදවත සුරකින්න පොල් කිරි වලට පුළුවන්. පොල් lauric ඇසිඩ් බහුල ආහාරයක්. පොල් වල 50%ක පමණ ප්‍රතිශතයක් මේ lauric ඇසිඩ් අන්තර්ගත වෙලා තියෙනවා.

මෙහි ඇති ප්‍රතිබැක්ටිරියා ඔබව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරනවා. ඒ වගේම lauric ඇසිඩ් කියන්නේ ආරක්‍ෂිත මේද අම්ලයක් නිසා ඔබේ හදවත ලෙඩ වෙන්න තියෙන අවදානම අවම කරනවා. ඒ වගේම පොල් කිරි වල අඩංගු මිනරල් හා අනෙකුත් පෝෂ්‍ය කොටස් රුධිර ගමනාගමනය ක්‍රමවත්ව පවත්වාගෙන යන්න උදවු කරන නිසා අධි රුධිර පීඩනය වැනි භයානක රෝග වලින් ඔබව ආරක්ෂා කරනවා. මාංශ පේශි වර්ධනය කරන්න පොල් කිරි උදවු වෙනවා. ඒ වගේම කායික කායික ක්‍රියාකාරකම් වර්ධනය කර ගන්න ඔබට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. විශේෂයෙන් පොල් කිරි වල අඩංගු මැග්නීසියම් හා පොටෑසියම් හානි වුණු මාංශ පේශි හා පටක නැවත වර්ධනය කරනවා. ඒ වගේම ශක්තිමත් කරනවා. ආහාර ජීර්ණය සම්බන්ධ ගැටළු පවතින අයට පොල් කිරි හොඳ විසඳුමක්. ආහාර ජීර්ණය කිරීමේ අපහසුතා නිසා ඇති වන මලබද්ධය කියන්නේ ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත් කරවන්නක්. පොල් කිරි යෙදු ආහාර පරිභෝජනයෙන් මේ තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න වගේම දැනටමත් මේ රෝගී තත්ත්වයන්ට මුහුණ දීලා ඉන්න අයට රෝගය අවම කර ගන්න පුළුවන්. සිනි මට්ටම පාලනය කරමින් ඔබට දියවැඩියාව වැළඳීමට ඇති ඉඩ කඩ අවම කරන්න පොල්කිරි වලට හැකියාව තියෙනවා. ඒ වගේම අධික බර නිසා සිත් තැවුලෙන් ඉන්න අයටත් පොල්කිරි හොඳම විසඳුමක්. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.