Naifmvlog

Naifm vlog Gossip and News

රෝග ගණනාවකට සුව ඔසුව මැංගුස්.

මැංගුස්වල ජලය ග්‍රෑම් 80.94ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 41ක්, මේදය ග්‍රෑම් 0.58ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 17.91ක් සහ තන්තුමය කොටස් ග්‍රෑම් 1.8ක් අඩංගු වෙනවා. ඒ වාගේම මිනිස් සිරුරට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන කැල්සියම් මිලිග්‍රෑම් 12ක්, යකඩ මිලිග්‍රෑම් 0.30ක්, මැග්නීසියම් මිලිග්‍රෑම් 13ක්, පොස්පරස් මිලිග්‍රෑම් 8ක්, පොටෑසියම් මිලිග්‍රෑම් 48ක්, සෝඩියම් මිලිග්‍රෑම් 7ක් සහ සින්ක් මිලිග්‍රෑම් 0.21ක් අන්තර්ගතයි. මැංගුස්වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන් මිනිස් සිරුරෙහි වියපත් බව දුරලමින් තරුණ බව රුකගැනීමට උපකාර කරයි. එහි අඩංගු සංතෘප්ත මේදය හේතුවෙන් සිරැරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය මනාව පවත්වා ගැනීමට පුළුවන. මැංගුස් ග්‍රෑම් 100ක අඩංගු වන්නේ කැලරි 63ක් වැනි ප්‍රමාණයකි. එම නිසා මිනිස් සිරැරේ අන්තර්ගත මේද ප්‍රමාණය මැංගුස් ආහාරය ගැනීමෙන් පාලනය කරගත හැකිය. ස්ථුලතාවයෙන් දුක් විඳින පුද්ගලයන්ට මැංගුස් ආහාරයට ගැනීමෙන් තම ශරීර බර අඩුකර ගැනීමට පුළුවන. මැංගුස් ග්‍රෑම් 100කින් මිනිස් සිරැරට අත්‍යවශ්‍ය විටමින් සී 12%ක් පමණ ලබාගත හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. රතු රුධිර සෛල වර්ධනය කර ගැනීමට මැංගුස් ආහාරයට ගැනීමෙන් හැකියාව ඇත. රුධිර නාළවල ධමනි හීනිවීමේ තත්ත්වය මඟහරවා ගැනීමටද, මැංගුස් වඩාත් උචිත පළතුරකි. මැංගුස් මගින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යහපත්ව ක්‍රියාත්මක කරලීමට හැකිය. එමගින් රෝග වළක්වා ගැනීමට ද හැකි වේ. මැංගුස්වල අන්තර්ගත තඹ, මැග්නීසියම්, ඛනිජ ලවණ හා පොටෑසියම් නම් වූ පෝෂ්‍ය පදාර්ථ මගින් අධික රුධිර පීඩන තත්ත්ව වළක්වාගත හැකිය. එසේම හෘද ස්පන්ධනය මනාව පාලනය කර ගැනීමට පුළුවන.

මැංගුස්වල අඩංගු විටමින් සී හේතුවෙන් ඇසේ ඇතිවන සුද තත්ත්වය වළක්වාගත හැකි බව වෛද්‍යවරු ප්‍රකාශ කරති. දේශීය වෛද්‍යවරුන් ද, මැංගුස් මදය පමණක් නොව, එහි ලෙල්ල තම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගනු ලැබේ. මැංගුස් ලෙලි හා ලෙලිවල වියළි කුඩු අතීසාරයට ගුණදායකය. එපමණක් ද නොව, ඔසප් සිදුවීමේදී ඇතිවෙන වේදනා මඟහරවා ගැනීමටද මැංගුස්වලින් විවිධ දේශීය බෙහෙත් වර්ග පිළියෙල කරනු ලබයි. මැංගුස්වල කොළ සහ පොතු මගින් මිනිස් සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා බෙහෙත් වට්ටෝරු සාදනු ලැබේ. මැංගුස් ආහාරයට ගැනීමෙන් මුහුණේ ඇතිවන කුරුළෑ වැනි ආසාදන තත්ත්ව අවම කර ගැනීමට පුළුවන. විවිධ චර්ම රෝග සුවවීම වේගවත් කරන අතරම, සෛල අලුත්වැඩියා කිරීමේ හැකියාව ද මැංගුස්වල පවතී. මෙහි අඩංගු xanthones නමැති සංඝටකය හේතුවෙන් මිනිස් සිරුරට බලපාන දිලීර, වෛරස් ආසාදන තත්ත්ව වළක්වා ගැනීමට පුළුවන. පිළිකා රෝග සඳහා ද මැංගුස් ඉතාමත්ම ගුණදායක පළතුරකි. වෛද්‍යවරුන් ප්‍රකාශ කරන අන්දමට, ගර්භණී සමයේදී මැංගුස් ආහාරයට ගැනීම එතරම් ගුණදායක නොවේ. මැංගුස් විශාල ලෙස වගා කරන රටක් තමයි පිලිපීනය. ඔවුන් මැංගුස් උදරය ආශ්‍රිත රෝග සුව කිරීම සඳහා නිතරම භාවිත කරනවා. ඔවුන් මේ සඳහා වැඩි වශයෙන් භාවිත කරන්නේ මැංගුස් ශාකයේ පත්‍රයි. මැංගුස් පත්‍ර භාවිතයෙන් පාචනය, බඩවැල් තුළ හටගන්නා “dysentery” රෝගය සහ මුත්‍රා රෝග සුව කරනු ලබනවා. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.