Naifmvlog

Naifm vlog Gossip and News

තරුණ බව රැකදෙන පේර වල විශ්මිත ගුණ.

පේර කියන්නේ අපි හැමෝම කැමති රසවත් පළතුරක්. පේර වල ඇති විශ්මිත සෞඛ්‍යය ප්‍රතිලාභ පිළිබඳව ඇසුවොත් නම් එය ඔබේ ප්‍රියතම පලතුර බවට පත්වේවි. නමුත් පේර වල ඇති එම ප්‍රතිලාභ පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. පේර වල බලවත් ප්‍රතිඔක්සිකාරක සහ විටමින්ද තිබෙනවා. දොඩම් සහ ලෙමන් තරමටම පේරද ගුණයෙන් පොහොසත් පළතුරකි. නමුත් එම පලතුරු වලට වඩා පේර වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාමත්ම ප්‍රභලයි. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරනවා පේර වල විටමින් සී බහුලවම ඇති නිසා තමයි ප්‍රතිෂක්තීරණය පද්ධතිය ශක්තිමත් වන්නේ. ඉතින් එම නිසා වයිරස් වලින් සහ නොයෙකුත් රෝගී තත්වයන්ගෙන් ස්වාභාවිකවම ආරක්ෂාව සලසා ගන්නට ඔබට පුළුවන්. පේර වල ඇති සුවිශේෂීම ගුණය නම් පිළිකාවලට එරෙහිව සටන් කිරීමේ ගුණයයි. ඉහත සඳහන් කල පරිදි පේර වල ප්‍රභල ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා. එම නිසා පේර අනුභව කරන විට බලපෑම උදාසීන වෙනවා. එවිට පිළිකා සෛල වල පැතිරීම යම් පමණකින් අඩු වෙනවා. පිළිකාවට එරෙහිව සටන් කරනවා යනුවෙන් අදහස් කරේ එයයි. හදවත් රෝග නිසා වසරකට බොහෝ දෙනෙක් මරණයට පත්වෙනවා. පේර කොළ කිහිපයක් තම්බාගත් වතුර පානය කරනවානම් රුධිර සීනි මට්ටම ස්ථායීව පවත්වාගන්නටද එය බෙහෙවින් උපකාරී වෙනවා. පේරවල ප්‍රති බැක්ටීරියාකාරක ගුණයක් ඇති නිසා ඔබේ දත් වල අතර සිටින බැක්ටීරියාවන් විනාශ කරනවා. ඒවගේම දත්මුල් ඉදිමීම ඇතුළුව අනෙකුත් මුඛය ආශ්‍රිත දෝෂයන් ඇතිවීම වැළකෙනවා. එපමණක් නොවෙයි වේදනා නාශක ගුණයක්ද ඇති නිසා දත් කැක්කුමද සුවවෙනවා.

පේර කොළ තම්බාගත් වතුරට රුධිරයේ සීනි මට්ටම විධිමත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒවගේම පේර යුෂ වලද එවැනිම ගුණයක් තිබෙනවා බව පැවසෙනවා. පේර කෙලින්ම අනුභව කිරීමේදීද එම ප්‍රතිලාභම ලැබෙනවා. පෙර වල ඇස්වල සෞඛ්‍යය තත්වය සඳහා වැදගත්ම පෝෂකයක් වන විටමින් A තිබෙනවා. එම නිසා රාත්‍රී අන්ධතාවය ලෙස හඳුන්වන තත්වය වැකෙන අතර අක්ෂි සෛලවල සෞඛ්‍යය තත්වයද වැඩිදියුණු වෙනවා. ප්‍රතිඔක්සිකාකර වැදගත් වන්නේ පිළිකාවලට එරෙහිව සටන් කිරීමටම පමණක් නොවෙයි, සම සඳහාත් ඉතාමත්ම ඵලදායී වෙනවා. සමේ තරුණ බව ආරක්ෂා වීම, කුරුලෑ ඇතිවීම සහ අකලට වයසට යෑම වැළකීම පේර වලින් සම සඳහා ලැබෙන විශ්මිත ප්‍රතිලාභ කිහිපයකි. පේර වල මස්පිඩු සහ ස්නායු සංසිඳුවන මැග්නීසියම් අන්තර්ගත වෙනවා. එම නිසා මහන්සිවී ව්‍යායාම කල පසුව අනුභව කිරීමට වඩාත් සුදුසු ආහාරයක් ලෙස පේර හඳුන්වන්නට පුළුවන්. මොකද ඒ විසින් විඩාවට පත්වූ මාන්ෂපෙශී ඉහිල් කරමින් ආතතියද අවම කරනවා. පේර වල විටමින් සී සහ යකඩ බහුලව පවතිනවා. එම පෝෂක දෙකම වෛරස් ආසාදනයන් වලට එරෙහිව ක්‍රියා කරන ඉතාමත්ම වටිනා පෝෂක පදාර්ථයන් දෙකක්. එම නිසා සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීම වලක්වාගැනීමට සහ සුවකරගැනීමට පේර යුෂ පානය කරන්න. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.