Naifmvlog

Naifm vlog Gossip and News

මේ අහාර වර්ග කනවනම් ඔබේ ආයුෂත් කෙටි වෙයි.

සමහර අයට වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා කිව්වට ටිකෙන් ටික තමන්ගේ සුන්දරත්වය අහිමි වෙද්දී ඕනම කෙනෙක් ඒ ගැන ටිකක් හිතනවා. එත් ඉතින් අපිට ස්වභාවධර්මයට පිටින් යන්න බැහැ. වයසට යන එක නතර කරන්න බැහැ. හැබැයි තරුණ පෙනුම රැක ගන්න යම් යම් දේවල් කරන්න පුළුවන්. ඒ අතරේ ඔය නිතරම මෙන්න මේ ආහාර වර්ග ගන්නවා නම් පුළුවන් තරම් ඒවා අඩු කරන්න. මේවයින් ඔයාගේ පෙනුමට වයසට වඩා වියපත් බවක් එක් කරනවා. කැෆේන් අධික ආහාර. තේ, කෝපි වැනි පානයන්, ශක්තිජනක පාන, සෝඩා මෙන්ම චොකලට්, පරිභෝජනය කිරීමෙන් සම ඉතා ඉක්මනින් විජලනයට ලක් වෙනවා.ලුණු භාවිතය අවම කරන්න. සෝඩියම් අධික ආහාර වැඩිපුර ගැනීමෙන් සම ඉක්මනින් වයසට යනවා. ඒ වගේම හදවත් රෝග ඇති කරන්නත් එය හේතුවක්. සීනි අධික ආහාර නිසා රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහල යවනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සමේ ඇදෙන සුළු බව නැති වෙනවා. එතකොට සම රැළි වැටෙනවා. කලින් පිළියෙළ කල මස් වර්ග ආහාරයට ගැනීම හැකි තරම් අවම කරන්න. සොසේජස්, මීට් බෝල්, බේකන් වැනි ආහාර වල ඇති කල් තබා ගැනීමේ රසානිකයන් නිසා සම ඉක්මනින් වියපත් කරනවා. පිළිස්සූ මස් වලින් සමේ ඉදිමුමක් ඇති කරන්න පුළුවන් අහිතකර දෑ නිකුත් වෙනවා. ඒ වගේම එයින් සමේ ඇති කොලජන් අහිමි කරවනවා.ඒ හේතුවෙන් සම ඉක්මනින් වයසට යනවා.

අධික ලෙස මිරිස් යෙදු සැර අධික ආහාර වලින් ඈත් වෙන්න. මිරිස් ඇතුළු කුළුබඩු හැකි තරම් සිමා කරන්න. සැර අධික ආහාර වලින් සමේ පැහැයට හානි කරනවා. කිරි සහිත ආහාර. කිරි සහිත ආහාර සියල්ලක්ම සමට අහිතකර නැහැ, නැවුම් කිරි, යෝගට් සමට ඉතාමත් හිතකරයි. නමුත් විශේෂයෙන් විවිධ ආකාරයට පිළියෙළ කල චීස් වර්ග සමට එතරම් සුදුසු වෙන්නේ නැහැ. පොප් කෝන්. පොප් කෝන් වලට ගොඩක් දෙනෙක් ප්‍රිය කරනවා. ඒත් එහි අඩංගු ට්‍රාන්ස් කියන මේද කොටස් හදවතට වගේම සමටත් හිතකර වෙන්නේ නැහැ. සම මත ඇති වන ඇක්නි වලට මෙය හේතුවක්.විශේෂයෙන් සීනි සහ කාබෝහයිඩ්‍රේට් එකදිගට අනුභව කිරීමෙන් රෝගී තත්ත්ව ඇතිවිය හැක. මේ නිසා දියවැඩියාව, හෘද රෝග, කොලෙස්ටරෝල් වැනි රෝග ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිවේ. එමෙන්ම වැඩිපුර සීනි සහ සීනි යොදා ආහාර ගැනීමෙන් සිරැරේ මේදය නිපදවීමක් සිදුවේ. අද වෙද්දී සමාජයේ බොහෝ දෙනෙක් කාබෝහයිඩ්‍රේට්, මේදය අඩංගු ආහාර මෙන්ම පැණි රස ආහාර වැඩිපුර ආහාරයට එක්කරගැනීමට පුරුදුව සිටිති. මේ නිසා රෝගවලින් ඈත්වීමට නම් ඔබ නොදැනුවත්වම ගනු ලබන ආහාරවලින් ඈත් විය යුතුය. ඒ වෙනුවට ශරීරයට හිතකර වූ ආහාරවලට පුරුදු වෙන්න. එමෙන්ම වසර ආරම්භය උත්සවවලට සහභාගී වීමේ අවස්ථා වැඩිවන අවධියකි. ඒ කාලවලදී ආහාරවලින් පරිස්සම් වීම ඉතා වැදගත් වේ. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.