Naifmvlog

Naifm vlog Gossip and News

කවදාවත් අර්තාපල් ශීතකරණයේ තබන්න එපා. හේතුව

කාලගුණය මත හෝ දිගු නිවාඩුවකට ගෙදරින් පිටතට යනවිට ඔබ ශීතකරණයට හැකි හැමදේම දානවා වෙන්න පුළුවන්. නමුත් අර්තාපල් ශීතකරණයට දමන විට ඔබ දෙවරක් සිතිය යුතු වෙනවා. Foods Standards Agency හි වෙබ් අඩවියේ දක්වන ආකාරයට ශීතකරණයේ නොදැමිය යුතු ආහාර අතර අර්තාපල් විශේෂ බවයි. අල ශීතකරණයට දැමූ විට එය සීග්‍රයෙන් සීනි බවට පත්වෙනවා. අල බේක් කළ හෝ බැදීමේදී මෙම සීනි ඇමයිනෝ අම්ල ඇස්පැරජින් සමග ක්‍රියාකර කෙමිකල් ඇක්‍රයිලමයිඩ් නිෂ්පාදනය වෙනවා. එය හානිකර වෙනවා. අර්තාපල් තැන්පත් කිරීමට සුදුසුම ක්‍රමය වන්නේ තෙත් නැති වියළි ස්ථානයක එය තැබීමයි. ඇක්‍රයිලමයිඩ් ඇක්‍රයිලමයිඩ් මුද්‍රණ කොළ, ඩයි වර්ග හා ප්ලාස්ටික් නිෂ්පාදනයේදී යොදාගන්නා රසායනිකයක්. ඒවායේ පොටෙටෝ චිප්ස්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වැනි දේවල් වලද මෙම රසායනිකය අඩංගු වෙනවා. මෙම රසායනිකය පිළිකා ඛාරකයක්ද වන බව සොයාගෙන තියෙනවා. Cancer.gov වෙබ් අඩවිය මගින්ද එය සනාථකර තියෙනවා. අර්තාපල් කෑම නැවැත්විය යුතුද? අර්තාපල් කෑම නැවැත්විය යුතු නැතත් සෞක්‍ය සංවිධාන වල මතයට අනුව එහි ආදීනව ගැන දැනුවත් වීම වැදගත්. ගෙදරදීම චිප්ස් හදාගන්නා විට ලා රත් පැහැයට බැද ගැනීම වැදගත් වෙනවා. විවිධ උපකරණ නිෂ්පාදනයන් තුළ ඇති උපදෙස් අනුව අර්තාපල් බැදීම හා බේක් කිරීම වැදගත්. ලෝක සෞක්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්මය පිළිබඳ සංවිධානය ඇක්රල්මයිඩ් අඩංගු ආහාර ගැන ඉතා සුවිශේෂී අවධානයක් යොමු කරනවා. ඊට වඩා පර්යේෂණයන් වල වැදගත්කමද තහවුරු කරනවා. ඒ වගේම පහත සදහන් අහාර වර්ගත් කවදාවත් ශිතකරණේ තබන්න එපා.

ශීතකරණය තුළ දී තක්කාලි ගෙඩියේ ඇති සියලුම රසය අතුරුදහන් වන අතර ශීතකරණයේ ඇති සිසිල් වාතය හේතුවෙන් ඉදීමේ ක්‍රියාවලිය ද නතරවීම සිදුවේ… හොඳින් මතක තබා ගන්න තක්කාලි වලට වැඩි රසයක් එකතු කරන ඉදීමේ ක්‍රියාවලිය තමයි මෙසේ නතර වීම සිදුවන්නේ… ශීත උෂ්ණත්වය හේතුවෙන් පලතුරු බිත්තිවල අභ්‍යන්තරයේ ඇති තුනී පටලයන් වල බිඳ වැටීමක් සිදුවන නිසා ඒවා පිෂ්ඨතම ස්වාභාවයකට පත්වෙනවා… අන්න ඒ හේතුන් නිසා තමයි තක්කාලි කිසිවිටෙක ශීතකරණය තුළ තැබිය යුතු නොවන්නේ. ළූණු ශීතකරණය තුළ තැබීමේ දී එහි ඇති තෙතමනය හේතුවෙන් ළූණු ගෙඩිය වඩාත් මෘදු මොලොක් එකක් බවට පත්වන අතර ළූණු ගබඩා කල යුතු නිවැරදි ස්ථානය නම් වියලි සහ සීත උෂ්ණත්වයක් ඇති ස්ථානයකයි. ලූනු සහ අර්තාපල් වෙන් වෙන්ව ගබඩා කිරීමට මතක තබා ගන්න. මොකද, ළූණු සහ අර්තාපල් එක ළඟ තිබෙන විට දී ඒවා ඉක්මනින් නරක් වෙනවා. අලිගැටපේර ඉදවා ගැනීමට අවශ්‍ය නම් කිසිවිටෙක ඒවා ශීතකරණය තුළ තබන්න එපා… ඔබ මිලදී ගනු ලැබුවේ හොඳින් ඉදී ඇති අලිගැටපේර ගෙඩියක් නම් ඒය ශීතකරණයේ තැබුවාට වරදක් නෑ… සුදුළූණු ශීතකරණයේ තැබීමේ දී අංකූර ලියලීමක් සිදුවන අතර එය මොලොක් සහ රබර් ස්වාභාවයකට පත්වෙනවා… එම නිසා සුදුළූණු ගබඩා කිරීමේ දී වියලි සහ සිසිල් පරිසරයක ගබඩා කිරීමට මතක තබා ගන්න. ශීතකරණයක් තුළ මීපැණි ගබඩා කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් ඇත්තේ නෑ… මී පැණි අසුරන ලද බඳුන හොඳින් වසා තබනවා නම් කිසිඳු ගැටළුවක් නැතුව බොහෝ කාලයක් තබා ගැනීමට පුළුවන්. ශීතකරණයක් තුළ මීපැණි තැබීමේ දී මීපැණි කැටිගසීමට ඉඩ තිබෙනවා. ඔලිව් තෙල් ගබඩා කලයුතු වන්නේ සිසිල් අඳුරු ස්ථානයක මිස ශීතකරණයක නොවෙයි… ශීතකරණයක තැබීමේ දී ඔලිව් තෙල් මිදීමට සහ ඝනවීමකට ලක්වෙනවා… අවසානයේ දී එය බටර් වැනි ස්වාභාවයකට පත්වෙනවා. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.