Naifmvlog

Naifm vlog Gossip and News

ඇස් පෙනීම වර්ධනය කරන සුපිරිම ආහාර

ඇස් පෙනීම වර්ධනය කර ගන්න වගේම එහි නිරෝගී බව රැක ගැනීමේ වැදගත්කම කොතරම්ද කියන එක කුඩා අවදියේ ඉඳලම අපි දන්න දෙයක්නේ. සෞඛ්‍ය සම්පන්න දෑසකට අපි ලබා ගන්න ආහාර වල අඩංගු විටමින් වර්ග රැසක්ම වැදගත් වෙනවා. විශේෂයෙන් විටමින් A වලින් පොහොසත් ආහාර වැඩි පුර ලබා ගැනීමෙන් ඇස්වල සෞඛ්‍යය දිගු කාලීනව රැක ගන්න ඔයාට පුළුවන්. ඒ වගේම ඇස් සම්බන්ධව ඇති වන විවිධ ආසාදන, පෙනීමේ දුර්වලතා ඇතුළු විවිධ අක්ෂි ගැටළු මගහරවා ගන්නට විටමින් A, විටමින් C, D බහුල ආහාර ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්න. බිත්තර වල අඩංගු ලූයිටීන් සහ විටමින් A ඇතුළු පෝෂ්‍ය පදාර්ථ ඇස් පෙනීමට ඉවහල් වනවා වගේම හා ඇස් වියළි වීමට ඇති අවස්ථාව අඩු කරනවා. ඒ වහෙම අක්ෂි සෞඛ්‍යය හා ක්‍රියාකාරිත්වය වර්ධනය කරනවා. බතල කියන්නේ විටමින් A බහුල තවත් ආහාරයක්. බතල සතු මහත් පෝෂණ ගුණය නිසාම සාමාන්‍ය ප්‍රමාණයක බතල අලයක් මගින් ඉතා ඉහල කැලරි ලබා ගන්න පුළුවන්. කිරි වීදුරුවක් මගින් විටමින් D සහ A මෙන්ම කැල්සියම්, ප්‍රෝටීන් සහ මැග්නීසියම් ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබා ගන්න පුළුවන්. යොදය රහිත කිරි පරිභෝජනය ඇස් පෙනීමට ඉවහල් වන විටමින් A අවශ්‍යතාව නොඅඩුව සපුරා ගන්න පුළුවන්. දොඩම්, මිදි, ලෙමන් සහ බෙරි විටමින් C වලින් පොහොසත් පලතුරු අතර ඉහලින්ම ඉන්නවා. මේ පළතුරු වර්ග ආහාර වේලට එකතු කර ගන්න අමතක කරන්න එපා. නිවිති කියන්නේ දිනපතා ඔබේ ආහාර වේලට එකතු කර ගන්න තරම් වටිනා ඖෂධිය ගුණයක් සහිත පලා වර්ගයක්. නිවිති කෝප්පයක් මගින් දිනකට අවශ්‍ය වන විටමින් A, විටමින් C, K, මැන්ගනීස්, යකඩ සහ කැල්සියම් ශරීරයට සපයා ගන්නට පුළුවන්.

විටමින් සහ ඛනිජ වලින් පොහොසත් තක්කාලි පළතුරක් සහ එළවළුවක් යන දෙයාකාරයටම පරිභෝජනයට ගන්න පුළුවන්. ඔමේගා 3 අඩංගු වන ආහාර වර්ග මඟින් අක්ෂි ගැටළු රාශියක් මඟහරවා ගන්න පුළුවන් වගේම ඇස් පෙනීම වර්ධනය කර ගන්නත් පුළුවන්. මාළු, ධාන්‍ය වර්ග, සව්, ඕට්ස් වැනි ආහාර වර්ග ඔමේගා 3 වලින් පොහොසත්. ඇස් පෙනීම වර්ධනය කරන ආහාර කියද්දී මුලින්ම මතක් වෙන ආහාරයක් තමයි කැරට්. කැරට් ආහාරයට ගැනීම මගින් අක්‍ෂි සෞඛ්‍යය සැබවින්ම වර්ධනය කර ගන්න පුළුවන්. කැරට් වල අඩංගු විටමින් A විටමින් K, B, මැග්නීසියම් සහ තන්තු ශරීරයට වගේම ඇස් පෙනීම වර්ධනයටත් උපකාරී වෙනවා. පාස්ලි, කංකුන් ඇතුළු පලා වර්ග වල විටමින් A අඩංගු වෙනවා. සමහර පලා වර්ග මගින් ඇසට හානිකර කිරණ වලින් ආරක්ෂා කරන අතර වැඩිපුර පලා වර්ග පිසීමද නොකළයුතු වෙනවා. සැමන් වල ඔමේගා 3, ෆැටි ඇසිඩ් බහුලව අඩංගු නිසා ඇස් වල පෙනීමට උදවු වෙනවා. ගෙදරදී පෑන් එකට බටර් ටිකක් දමා රන්වන් පාට වනතුරු බැදගත් සැමන් වලට දරුවන් හුඟක් කැමතියි. අවුරුදු 1 සිට දරුවන්ට ඉතාම සුදුසුයි. අලිගැටපේර ඇස්වල පෙනීමට ඉතාම හිතකර වෙනවා. ඇසේ සුද ඇතිවීම හා ඇස්වල පෙනීම කෙමෙන් අඩුවී යාමේ ගතියද අඩු කරනවා. අලිගැටපේර බීම හෝ පොඩිකරගත් අලිගැටපේර පෝෂණීය මේද, විටමින් E ඇතුළු පෝෂක රැසක් ලැබෙනවා.රතු, කොළ හා කහ පාටින් යුත් මාළු මිරිස් වල විටමින් A බහුලයි. ඇස් රෝග හා ඇස් පෙනීමට ඉතාම හොඳයි. අමුවෙන් හෝ තෙල්දා කෑමට ගැනීමට දරුවන් පුරුදු කරන්න