Naifmvlog

Naifm vlog Gossip and News

සෙම්ගෙඩි ඉක්මනින් සුවකරගන්නේ මෙහෙමයි.

සෙම්ගෙඩි කියන්නේ මේ දවස් වල බොහෝ දෙනෙක්ට අැතිවන රෝගී තත්වයක්. ඒ වෙලාවකට හැමෝම වගේ කරන්නේ ලොකු මුදලක් වියදම් කරලා බටහිර වෛද්‍යවරයෙකු සොයා යාම. හැබැයි ගොඩක් අය දන්නෙ නෑ සෙම් ගෙඩි ඉතාම පහසුවෙන් සුවකළ හැකි ප්‍රතිකාරයක් ඔබට නිවසේදීම කර ගත හැකි බව. මේ සදහා කිසිදු වියදමක් වැය නොවන අතර බටහිර ඖෂධ වල මෙන් අතුරු විපාකද නොමැත. මේ පහසු ප්‍රතිකාරය ගැන මේ කියන්න යන්නේ. සෙම්ගෙඩි රෝගී තත්වය ලොකු පොඩි කියලා වෙනසක් නැතිව හැදෙන රෝගී තත්වයක්. සෙම්ගෙඩි හැදුණාම උගුරේ දරා ගන්න බැරි වේදනාවක් ඇති වෙනවා. අද හැඩකාරී අපි ඔයාට සෙම්ගෙඩි තත්වයෙන් බේරී සිටීමට විසඳුම් වට්ටෝරු කිහිපයක් සහ අලේපයක් ගැනයි. සෙම්ගෙඩි වැළඳෙන්න දවසකට කලින් ඔයාගේ උගුර කකියන්න පටන් ගන්නවා. ඒ අවස්ථා වලදී මේ ප්‍රතිකර්ම අත් හදා බලන්න. ඔබට සහනයක් ගෙනදෙන‍ ප්‍රතිඵල ලැබේවි. තවද බැක්ටීරියා ආසාදන සුව කරලා පැය කිහිපයකින් පසු ඔයාට ලොකු සහනයක් දැනේවි. සූදුරු සත්කාරය : අවශ්‍ය ද්‍රව්‍ය – සූදුරු 40g උණු ජලය 125ml විස්කි මේස හැදී 1/2 සාදන ක්‍රමය : පළමුව භාජනයක් ගෙන එයට වතුර 100ml යක් දමා එයට සූදුරු ටික එකතු කර නටන තුරු රත් කරන්න. ටික වෙලාවකින් පසුව මිශ්‍රණය ඝන සහ කළු පැහැයක් ගනී. පසුව එය පෙරා ගෙන එයට ඉතිරි වතුර ටික එකතු කර නැවත හොඳින් නටවා ගන්න. ලිපෙන් ඉවතට ගෙන නිවා විස්කි ස්වල්පය එකතු කරන්න. සදා ගත් බෙහෙත් වට්ටෝරුව සැම විනාඩි 30කට වරක්ම මේස හැන්ද ගානේ බොන්න. පැය දෙකකින් පසු ඔයාට සහනයක් දැනේවි.

ගම්මිරිස් සත්කාරය : ගම්මිරිස් ස්වල්පයක් මද උණුසුම් ලුණු වතුර සාදන ක්‍රමය : කෝප්පයක් ගෙන ලුණු වතුර කෝප්පයකට ගම්මිරිස් ස්වල්පයක් දමා උගුර සෝදන්න. මෙම ක්‍රමය ඉතාමත් ලේසියෙන් සදා ගන්න පුළුවන්. හදිසියේම සෙම්ගෙඩි රෝගී තත්වය වැළදුනොත් මෙම ක්‍රමය ඉක්මන් ප්‍රතිකර්මයට වඩාත් යෝග්‍යයි. මෙම ක්‍රමය ඔයාගේ සෙම්ගෙඩි සුව වනතුරු පැය 4රෙන් 4රට සිදු කරන්න. අලේපය : භාජනයක් ගෙන වැලමි, තිප්පිලි, ලුණු, වියලි ඉඟුරු සමානව ගෙන මිශ්‍ර කර, මි පැණි එකතු කර හොඳින් අඹරා ගන්න. දිනපතා උගුරේ මෙම ආලේපනය අලේප කරන්න. ඔයාගේ උගුරට හිතා ගන්න බැරි සහනයක් දැනේවි. සාමාන්‍යයෙන් සෙම් ගෙඩි වැළදෙන්නට පය 24 කට පමණ පෙර අපේ උගුර රිදෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවේ සිට තමයි අපි කියන මේ ප්‍රතිකාරය කරන්න ඕනේ. ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු මද උණුසුම් ජලය සමග දියකර උගුර සෝදන්න. මෙය පැය 4 න් 4 ට සෙම් ගෙඩි සුව වන තුරු සිදු කරන්න ඕනේ. මෙමගින් උගුරේ බැක්ටීරියා අසාධන විනාශ කරලා පැය කිහිපයක් තුල ඔබට විශාල සහනයක් ලබා දෙනවා. සෙම් ගෙඩි සුව කරන පානයක් ලෙස නිල් කටරොඩු මුල්, මුරුංගා පොතු සිවිය හා නික මුල් සමානව ගෙන , තම්බා , මී පැණි මිශ්‍රකර, දිනපතා උදේ සවස , අඬු කෝප්ප භාගය බැගින් පානය කරන්න. සෙම් ගෙඩි නිවැරදි ප්‍රතිකාර මඟින් ඉතා පහසුවෙන් සුවකළ රෝගයක්. නමුත් එය නොසලකා හැරීම හේතුවෙන් තවත් භයානක රෝග රැසක් ඇති වීමට ඉඩකඩ තියේනවා . ඒ නිසා ඔබට සෙම්ගෙඩි එක් වරකට වඩා වැළඳී ඇත්නම් හෝ නිතර නිතර වැළඳෙන්නේ නම් සුදුසු වෙදමහතෙකු හමු වී ප්‍රතිකාර ගැනීම තමයි වඩාත්ම සුදුසු දේ වන්නේ. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.