Naifmvlog

Naifm vlog Gossip and News

ව්‍යායාම කරන්න කලින් අනිවාර්යයෙන් මේ දේවල් කන්න.

හැඩට ඉන්න නම් ආහාරපාන වගේම ව්‍යායාමත් ඕන බව දැන් හැම දෙනාම දන්නවා. ඒත් ව්‍යායාම කරන්න පෙරාතුව ඒ වෙනුවෙන් වූ පසුබිම නිවරැදි විදිහට සකස් කර ගත්තොත් ව්‍යායාම වලින් ලැබෙන උපරිම ප්‍රතිඵල කිසිම කරදරයක් නැතුව ලබා ගන්න පුලුවන් වෙන්නේ. ඔන්න ඉතින් හිස්බඩම ව්‍යායාම පටන් ගනන්වාට වඩා ඊට පෙරාතුව වූ පැය තුනකට පමණ කලින්, අඩුම තරමින් පැය බාගයකට කලින් වත් ශක්තිජනක පානයක් ලබා ගැනීම වඩාත් හොඳයි. සාමාන්‍යයෙන් කිරි වීදුරුවක් වගේ දෙයක් මේ සඳහා ගැලපෙනම පානයක් කියන්න පුලුවනි. ශක්තිජනක පානයකින් පසුව ව්‍යායාම කිරීම ආරම්භ කලොත් මේදය දහනය කර ගැනීම පහසුවෙන්ම කරන්න පුලුවන් වෙනවා. අස්ථි පද්ධතියේ පැවැත්ම හොඳින් පවත්වා ගැනීමට පුලුවන් නිසා සිරුරේ හැඩය හොඳින් තබා ගැනීමට හැකියාව ලැබෙනවා. උදේ ආහාරයට පීනට්, බටර් සමග කුරක්කන් ආහාර, කව්පි, ඕට්ස්, කඩල වගේ දේවල් ගැනීමට පුලුවනි. බටහිර වෛද්‍යවරුන්ගේ පිලිගැනීමට අනුව පීනට් වල අන්තර්ගත ප්‍රෝටින් නිසා සිරුරේ ඇටමිදුලු ශක්තිමත් වෙන බවයි. ඒත් සමහර අය පීනට් වෙනුවෙන් ආසාත්මිකතාවයක් දක්වනවා. එහෙම පුර්ව අවස්ථාවන් තිබෙනවා නම් සහ මුල් අවස්ථාවේදීම එවැනි ආසාත්මිකතාවයන් පෙන්වනවා නම් පීනට් වලින් දුරස් වුනාට වරදක් නැහැ. දිනපතා ව්‍යායාම කරන අයට ඕට්ස්, ගුණ ලබා දෙන ආහාරයක්. මෙහි කැල්සියම් යහමින් තිබෙන නිසා අස්ථි ශක්තිමත් වීමට වඩාත් හේතුකාරකයක් විදිහට පෙන්වා දෙන්න පුලුවනි. ඕට්ස්, කිරි සහ පළතුරු සමග ආහාරයට ගැනීමටත් පුලුවනි. සකස් කර ගැනීමටත් ඒ තරම් කාලවේලාවක් ගත වෙන්නෙත් නැහැ.

ස්ටීල් කට් යනුවෙන් හැ‍ඳින්වෙන්නේ ඕට්ස් ඇටය කුඩා කොටස්වලට කැපීමෙන් සාදා ගන්නා විශේෂයක්. අයිරිස් සහ ස්කොටිෂ් ඕට්ස් යන නමිනුත් හැඳින්වෙන ස්ටීල් කට් විශේෂය එළවලු සමග තම්බා අහාරයට ගැනීමට පුලුවනි. ස්ටීල් කට්වලට වඩා පහසුවෙන් තැම්බෙන මේ වර්ගයේදී ඕට්ස් පෙති විදිහට දකින්න පුලුවන්. ඕට්ස් නිසා අපිට ලැබෙන සෞඛ්‍ය වාසි බොහොමයක් තිබෙනවා. ඉතාම පහසුවෙන් අහිතකර කොලස්ටරෝල් මට්ටම අඩු කර ගන්න පුලුවන්. හදවත් රෝග වෙනුවෙන් මේ අහිතකර කොලස්ටරෝල් මගින් ඇති වෙන බලපෑම ගැන කියන්න තව අතුරු කතා අවශ්‍ය නැති බව ඔබ දන්නවා. හදවත් රෝග වෙනුවෙන් වඩාත් වැඩි බලපෑමක් ඇති කරන්නේ අඩු ඝනත්ව ලිපොප්‍රෝටීනයි. සිදු කරන ලද සමීක්ෂනයකින් හඳුනා ගත් අන්දමට ඕට්ස්වල අන්තර්ගත බිටා ග්ලුකැන් තන්තු මගින් රුධිරයේ කොලස්ටරෝල් සංසරන මට්ටම අවම කිරීමේ හැකියාවක් තිබෙනවා. දවසකට ඕට්ස් ග්‍රෑම් තුනක් ආහාරයට ගැනීමෙන් අහිතරක කොලස්ටරෝල් මට්ටම 8%‍ සිට 23‍% දක්වා පහළ මට්ටමට පත් කර ගන්න පුලුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ වසර 19 ක් පුරා වැඩිහිටියන් දස දහසක් දෙනා සම්බන්ධ කර ගෙන අධ්‍යනයක් පවත්වන ලද අතර එහිදී පෙනී ගියේ දිනකට ඕටස් තන්තු ආහාරයට ගත් පුද්ගලයන් කිරීටක ධමණීන් ආශ්‍රිත ආබාධ තත්වයන්ගෙන් ආරක්ෂාව ලද බවයි. යෝගට් සමග පළතුරුත් උදේ ආහාරයට එකතු කර ගැනීමට පුලුවනි. එයින් ශරීර ශක්තිය ඇති වෙනවා. ඒ වගේම යෝගට් දියරය සහ පළතුරු යුෂ උදේ ආහාරයට සම්බන්ධ කර ගත්තොත් ස්ථුලතාවය අඩු කර ගන්නත් පහසුවෙන්ම පුලුවන් වේවි. උදේ ව්‍යායාම පටන් ගන්න විනාඩි දහයකට විතර කලින් කෙසෙල් ගෙඩියක් ආහාරයට ගත්තොත් පොටෑසියම් සහ ප්‍රතිඔක්සිකාරක සිරුරට ලැබෙනවා. ඒ නිසා ශක්තිය හොඳින් පවත්වා ගැනීමට පුලුවනි. ව්‍යායාම අහවර වීමෙන් පසු ටෝස්ට් කරන ලද පාන් සමග තම්බාගත් බිත්තරත් හොඳ බව වෛද්‍යවරුන් විසින් සදහන් කර තිබෙනවා. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.