Naifmvlog

Naifm vlog Gossip and News

වතුර බෙන්න හොඳ නැති අවස්ථාවන් ගැන දන්නවද?

ජලය කියන්නේ ඔයාගේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. දිනකට වැඩිහිටියෙක් වතුර ලීටර 2ක් ද, අවුරුදු 5-8 දරුවන් ලීටර 1ක් ද, අවුරුදු 9-12 දරුවන් ලීටර 1.5ක් ද, අවුරුදු 13+ දරුවන් ලීටර 2ක් ද පානය කළ යුතුයි. නමුත් ඔබ දන්නවාද වතුර බොන්න හොඳ නැති අවස්ථාද තියෙනවා කියලා. අද අපි කියන්නේ වතුර පානය කරන විට සැලකිලිමත් වෙන්න ඕන අවස්ථාවන් ගැනයි. අධික ලෙස ජලය පානය කිරීමෙන් ඔයාගේ ශරීරයේ සෝඩියම් මට්ටම අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පමණට වඩා වතුර බීමත් අපේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. නිදා ගන්න කලින් ඔයා නිදා ගන්න කලින් හුඟාක් වතුර බොනවාද? එහෙනම් ඒ වෙලාවට බොන වතුර ප්‍රමාණය අඩු කරන්න. ඊට එක් හේතුවක් තමයි නිදා ගන්න කලින් හුඟාක් වතුර බිවුවොත් ඔයාට රාත්‍රී නින්දේදී සරින් සැරේ මුත්‍රා බර එන නිසා හරි නිදක් ලැබෙන්නේ නැති වීම. අනෙක රාත්‍රී නින්දේදී ඔයාගේ වකුගඩු හරියට ක්‍රියා කරන්නේ නැති නිසා සමහර දිනවලට උදේ නැට්ටම මුහුණ ඉදිමීම් ස්වරුපයක් දක්නට ලැබෙනවා. ඉතින් ඔයා රාත්‍රී නින්දට කලින් හුඟාක් වතුර බිවුවම මේ තත්වය වැඩි වෙන්න පුළුවන්. ව්‍යායාම කිරීමේදී ව්‍යායාම කරන විටදී වතුර පානය කරොත් ඔයාට අතුරු ආබාධ රැසකට මුහුණ දෙන්න වෙයි. ව්‍යායාම වලදී ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙන නිසා ශරීරය සිසිල් කර ගැනීම ජලය කරොත් විද්‍යුත් විච්ජේදනයක් ඇති වෙන්න පුළුවන්. ඔළුව කැක්කුම, ඔක්කාරය, කැරකිල්ල ඇති වෙනවා. ව්‍යායාම කර සම්පුර්ණයෙන්ම අවසන් වී විනාඩි කිහිපයකින් පසුව ජලය පානය කරන්න.

මුත්‍රා වල වර්ණය අවර්ණ නම් මුත්‍රා වල වර්ණය අවර්ණ නම් ඔබ දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණයට වඩා දැනටමත් ජලය පානය කර තියෙනවා. ඉතින් ඔබ තවත් වතුර බිව්වොත් ඔබේ ශරීරයේ සෝඩියම් ප්‍රමාණය පහල බහිනවා. මෙය ඔබට හෘද්‍යාබාධ ඇතිවීම දක්වා දුර දිග යා හැකියි. ආහාර ගැනීමට පෙර සහ අතර තුර ආහාර ගැනීමට පෙර සහ ආහාර ගන්නා අතර තුර වැඩිපුර ජලය පානය කිරීම කටට කෙල උනන එක අඩු කරනවා. මේ හේතුවෙන් කෙල වල ඇති ආහාර දිරවීමට අවශ්‍ය එනසයිම වල ක්‍රියාකාරීත්වය බාල කරනවා. මපණට වඩා වතුර බීම ආමාශගත යුශ වලින් සිදු කරන අහාර කුඩාකැබලි වලට දිරවීම සහ ඇතැම් ආහාර වල ඇති බැක්ටීරියා විනාශ කිරීම අඩපන කරනවා. නිරෝගීව ජිවත්වීමට පෝෂ්‍යදායී ආහාර වේලක් වගේම ජලයද අත්‍යවශ්‍ය සාධකයක් බව ඔබ මතක තබා ගත යුතුම දෙයක්. සාමාන්‍යයෙන් අපේ ශරීරයට දවසකට වතුර වීදුරු 08ක් වත් පානය කිරීම අත්‍යවශ්‍යයි. නමුත් ඔබ දවසකට වතුරු වීදුරු 08ක් බොන්න ඕනේ කියලා, ඔබට මතක් වුන වෙලාවක එකපාරම වතුර විදුරු ගණන් බොන එක නම් වැරදියි. මොකද ඒකෙන් වෙන්න නැති ලෙඩ දාගැනීමක් විතරයි. ඔබ කාර්යබහුල පුද්ගලයෙක් වුනත්, පැය 1/2 කට සැරයක් වතුර උගුරු 3 ගානේ වත් බොන්න පුරුද්දක් ඇතිකර ගත්තොත් ඔබට නොදැනීම දවසට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. මේ විදිහට වතුර බොන එක අපේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් යහපත්. නමුත් සමහරු සැරින් සැරේ washroom යන්න වෙන නිසා වතුර බොන එක හිතාමතාම අතපසු කරනවා. ඒ වුනත් මේ විදිහට වතුර බොන්න පුරුදු වුනොත් නම් ඔබට washroom යන එක ලොකු ගැටළුවක් වෙන එකක් නම් නැහැ. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.