Naifmvlog

Naifm vlog Gossip and News

අඩු නින්ද ලෙඩ ගොඩක ආරම්භයක් වෙන්නේ මෙහෙමයි.

හුඟ දෙනෙක් අඩුවෙන් නිදාගන්න එක අමුතුම ලයිෆ් ස්ටයිල් එකක් කියල හිතාගෙන ලොකුකමට ඔහොම කියනව සහ ඒ බව ඔප්පු කරන්න එහෙම කරනව. හැබැයි ඉතින් එහෙම අයට කියන්න තියෙන්නෙ නොදැනුවත්වම ඔය කරගන්නෙ ලොකු වරදක් කියලයි. ඒ නිසා තමන්ගෙ වයසට අනුව අවශ්‍ය අවම නින්ද ගැන අවබෝධයකින් ඉන්න එක හුඟක් වැදගත්. නින්ද කියන්නෙ මිනිස් ශරීරයට අත්‍යාවශ්‍යම දෙයක් කියල කොයි තරම් කිව්වත් දහසක් වැඩ රාජකාරි එක්ක නින්ද නම් අපි අවශ්‍ය පමණ ලබාගන්නෙම නැති දෙයක්. දවස පුරා වෙහෙසෙන ඔබේ ශරීරයට විවේකයක් ලබාගන්න තියෙන එකම අවස්ථාව තමා මේ නින්ද. මේ නින්ද මොන තරම් වැදගත්ද කියනව නම් අනිවා අපි මේ ගැන මීට කලින් හොඳ නින්දකට ටිප්ස්, ඔබට සුව නින්දක් ලැබෙනවද නැද්ද, සුව නින්දකට ඔබට කල හැකි දේ කියල අද මේ කියන්නෙ යන්න නින්ද අඩු වීමේ භයානක කම ගැන.ඔබ වාහනයක් එලවන පුද්ගලයෙක් නම් නින්ද අඩුකම කියන්නෙ බොහොම භයානක දෙයක්. ඔබේ විතරක් නෙවෙයි ඔබ සමඟ වාහනේ ගමන් ගන්න අනිත් අයගේ ජීවිතත් අවදානමකට ලක් වෙනව. දුර ගමන් යද්දි රියදුරා එක්ක පොඩි චැට් එකක් දාගෙන යන්න පුළුවන් කථාවට බර කෙනෙක්ව ඉස්සරහ සීට් එකට නග්ගන්නෙ අන්න ඒ හින්ද. නින්ද අඩු වීමෙන් වාහනේක ඒකාකාරී ලෙස ගමන් ගනිද්දි ඉබේටම නින්ද යන්න පුළුවන්. එහෙම උන අනතුරු සහ ඒ නිසා උන ජීවිත හානි ගැන ප්‍රවෘත්ති ඕනෑ තරම්. වයස 17ට වැඩි සෑම වැඩිහිටියෙක්ම පැය 7ත් 9ත් අතර නින්දක් ලබා ගැනීම අනිවාර්යයි.පැය 5කට 6කට වඩා අඩු නින්දක් ලබන කෙනෙක්ට අධි රුධිර පීඩනය ඇති වීමේ අවධානමක් තියෙනව.

ස්ට්‍රෙස් හෝර්මෝන නිසි ලෙස ක්‍රියාත්මක කරවීමේ සිරුරට ඇති හැකියාව නින්ද අඩු කම නිසා නැති වීම තුලින් හානිකර ලෙස ඔබේ රුධිර පීඩනය ඉහල යා හැකියි. අධි රුධිර පීඩනය ඔබේ හදවතට හොඳ නැති බව අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. මේ නිසා නින්ද අඩුකම රුධිර පීඩනය, හෘද රෝග, හදිසි හෘදයාබාධ, දිය වැඩියාව වැනි රෝග රැසකට පාර කපනව. එකකට එකක් සම්බන්ධ ශරීරාංග එකක් ලෙඩ උනොත් අනිකටත් බලපෑමක් එල්ල කරනව. මේ නිසා සුව නින්දක් ලබා ගැනීම අනිවාර්යයි. මෙක දෙපැත්තටම බලපාන් කරුණක්. නින්ද අඩුකම දියවැඩියාවට බලපාන්නෙ වක්‍රාකාරව. අර කලින් කියපු විඩාබර බව, නිදිමත නැති කරගන්න ඔබ ගන්නා ආහාර ඔබට දියවැඩියාව ඇති වෙන තැනට කටයුතු කරන්න පුළුවන්. එ වගේම තමයි දිය වැඩියාව හැදුනු කෙනෙක්ට නම් නිතර නිතර රාත්‍රියටත් මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයක් මතු වෙන්න පුළුවන් නිසා නින්දට බාධා ඇති වීම. එහෙම දියවැඩියාව තියෙන කෙනෙක් අඩු නින්දක් ලබන එකත් දියවැඩියා තත්වය වැඩි කරන්න හේතු වෙන්න පුළුවන්.ඔබේ නින්දේදී මොලය විසින් දවස පුරා ක්‍රියාකාරී ඔබේ මධ්‍යම ස්නායු පද්ධතියට විවේකයක් ලබාදී නව ස්නායු ක්‍රියාකාරිත්වයක් ඇති කරවනව. මෙයට ඔබ ඒ ගතවන කාලය නිදා ගැනීම අවශ්‍යයි. අඩුවෙන් නිදා ගන්න තරමට ඔබේ ස්නායු පද්ධතියට අවශ්‍ය විවේකය නොලැබෙනව. ඒ තුලින් විඩාපත් ස්නායු ඔබව මානසිකව ඇදවට්ටන්න බලනව වගේම ශාරීරිකව විඩාපත් කරනව. මේ නිසා ඇඟට පණ නැති කම ක්ලාන්තය වැනි රෝග ලක්ෂන මතු වීමත්, අවේලාවක අනතුරු සහිත තැනක මෙසේ සිදු උනොත් ඉන් වෙන්න පුළුවන් හානියත් වැඩියි. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැක ගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.