Naifmvlog

Naifm vlog Gossip and News

ක්ලෝරීන් දාපු ජලය පානය කරන්න එපා. හේතුව මෙන්න.

අපි හැමෝම පානයට ගන්නේ ක්ලෝරීන් දමා පිරිසිදු කරන ලද ජලය. ගතවන සෑම මොහොතකම මිලියන ගණනක් ජනතාව ක්ලෝරීන් එක්කරන ලද ජලය පානය කරනවා. ක්ලෝරීන් නමැති රසයානික ද්‍රව්‍ය භාවිතා කරනු ලබන්නේ ජලයේ තිබෙන විෂබීජ ඇත්නම් ඒවා විනාශකර දැමීමටයි. මේ ආකාරයට පානිය ජලය තුල අනතර්ගත වන රෝගකාරක බීජයන් බොහෝමයක් ක්ලෝරීන් මගින් විනාශ කර දමනවා. නමුත් බලසම්පන්න රසායනික ද්‍රව්‍යයක නරක පැත්තක්ද තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පරිසරයේ ගුණාත්මක බව ආරක්ෂා කිරීම සඳහා වූ මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන වාර්තාවකට අනුව ක්ලෝරීන් අඩංගු ජලය පානය කරන පුද්ගලයින් හට ක්ලෝරීන් අඩංගු නොවන ජලය පානය කරන පුද්ගලයින්ට වඩා 93% පිළිකා ඇතිවීමේ අවදානමක් තිබෙන බව සඳහන් වනවා. ක්ලොරිනීකරණය යනු පානිය ජලයේ ඇති විෂබීජ නැසීම සඳහා ජලයට ක්ලෝරීන් එක්කර සිදු කරනු ලබන පවිත්‍රතා ක්‍රියාවලියක් වන අතර ගෑස් ලෙස, “sodium hypochlorite (NaOCl)” සහ “calcium hypochlorite (Ca(OCl)2” ලෙස තිබෙන ක්ලෝරීන් ජලයට එක්කර සැනින් එය ජලය පුරා දියවී යන අතර වැඩි සාන්ද්‍රණයක් එක්කිරීම මගින් එය ශරීරයට අහිතකර අන්දමට බලපානවා. කෙසේ වෙතත් ක්ලෝරීන් අඩු ප්‍රමාණයක් එක්කිරීම මගින් ජලයේ ඇති විෂබීජ ආදිය නැසීමේ හැකියාව ඇති අතර එය එම ජලය පානය කිරීමටත් සුදුසු වනවා.

වවිධ ජල මුලාශ්‍ර ඔස්සේ ලබා ගන්නා ක්ලොරිනීකරණය කරන ලද ජලය ඔස්සේ පැතිරෙන “Legionella” බැක්ටීරියාව නිසා මරණ පවා සිදුවී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තාකරනවා. මේ හේතුව නිසයි පාසැල් සහ රෝහල් වැනි ජනතාව රැස්වන ස්ථාන වල ක්ලෝරීන් සහිත ජලය පානය කිරීම සඳහා යොදා ඇත්තේ. නගර සභාවලින් වතුර ‘පිරිසිදු කරන්ඩ කියලා‘ ක්ලෝරීන් දාන එකේ සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා කැන්සර් රිස්ක් වැඩිවීම වගේ මේ ක්ලෝරින් දාන එකේත් කිසිම පාලනයක් නෑ. වතුර ටැංකිවලට ගෝනි පිටිං හලනවා. එක එක පැතිවල ක්ලෝරීන් වතුර එක එක රහ. ඒ ඇරෙන්ඩ Arsenic, Cadmium වගේ heavy metal ප්‍රශ්නෙත් ලෝකෙ හැම තැනම තියෙනවානේ. ඔස්ටේලියාවෙ, එංගලන්තයේ සහ එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවල වතුරට ෆ්ලෝරයිඩ් දානවා දත්වලට හොදයි කියලා. දෙයියන්ගේ පිහිටෙන් තාම ලංකාවෙ ඒක කරන්නෙ නෑ. ඒකෙනුත් ලොකු ලොකු සොඛ්‍ය ප්‍රශ්න එනවා කියලා සමහර බටහිර විද්‍යාඥයන් කියනවා විශේෂයෙන්ම ළමයි හම්බවෙන්ඩ ඉන්න කාන්තාවන්ගේ කළලවලට එහෙම. කොහොම වුනත් ස්වභාවික ජලය පානය කිරීම තරම් අන් කිසිවක් ගුණ නෑ. නමුත් නාගරිකව ජිවත්වන අයටනම් මේ ජල ගැටලුව තදින්ම බලපානවා. මොකද ස්වභාවික ජලයක් නාගරිකව සොයා ගැනීම අපහසු නිසා. ක්ලෝරීන් ජලයට එක කිරීම අගුණ එය එක කරන ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුයි. කෙසේ වෙතත් පුළුවන් සෑම මොහොතකම ජලය රත් කර පානය කිරීමට හුරුවන්න. එතකොට මේ ගැටළු වලින් මිදීමට හැකියාව ලැබේ. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැක ගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.