Naifmvlog

Naifm vlog Gossip and News

ක්ෂණික කෝපය ඇතිවීම පාලනය කරගන්නේ මෙහෙමයි.

අපි කාට කාටත් කේන්ති ඇතිවෙන වෙලාවල් තියනවා. සමහරුන්ට කේන්තියක්, තරහක් ඇතිවෙන්නෙ ඉතාම කලාතුරකින්. තවත් සමහරුන්ට සුලු දේකටත් ලොකුවටම කේන්ති යනවා. ඒ විදිහට කේන්ති යන එකට අපි කියන්නෙ ක්ෂණික කෝපය, එහෙමත් නැත්නම් හදිසි කෝපය කියලයි.ක්ෂණිකව කෝපයක් ඇති වෙන්න එක විදිහක් කියලා නෑ. හුඟක් වෙලාවට අපේ හිතේ එකපාරට කෝපයක් ඇති වෙන්නෙ අපි අකමැති විදිහට පුද්ගලයෙක් හැසිරුණාම සහ අපි අකමැති සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුනාමයි. මීට අමතරව පැරණි අමිහිරි මතකයක් ආයෙ මතක්වීමෙන් වගෙත් හදිසි කෝපය ඇවිස්සෙන්න පුලුවන්. හදිසි කෝපයක් ඇති වෙන්න මූලිකවම බලපාන කාරණාව තමයි තමන්ට උවමනා විදිහට දේවල් සිද්ද නොවෙන එක. එහෙම වෙද්දි තමන්ගේ හිතට යම්කිසි තර්ජනයක්, බියක් සහ දුකක් වැනි අනාරක්ෂිත හැඟීමක් දැනෙන්නට පටන් ගන්නවා. අන්න ඒ හැඟීම වළක්වන්න ආරක්ෂිත ක්‍රමයක් හැටියට තමයි මේ කෝපය කියන එක අපේ හිතේ ඇතිවෙන්නෙ. ක්ෂණිකව කෝපය ඇතිවීමෙන් කරන්නේ අර අනාරක්ෂිත හැඟීමෙන් අපේ අවධානය වෙනතකට හරවන එකයි.ඒ වගේම තවත් කට්ටියක් ඉන්නවා ඒ අයට ක්ෂණිකව කෝපය ඇති උනත් ඒ අය ඒකට ප්‍රතිචාර දක්වන්නෙ නැහැ. ඒක හිතේ තද කරගෙන ඉන්නවා. මේකත් බොහෝම භයානක තත්ත්වයක්. එහෙම හිතේ කෝපය සඟවාගෙන සිටීමෙන් මේ කෝපය වෙනත් ආකාරවලින්, වෙනත් නිවැරදි සහ අහිංසක පුද්ගලයන් හරහා පිටවෙන්න පුලුවන්. ඒ නිසා තරහ පාලනය කරනව කියල තරහ යටපත් කරන් ඉන්න එකත් හොඳ වැඩක් නෙමෙයි. ක්ෂණික කෝපය නිසාත්, කෝපය හිතේ තදකරගෙන සිටීම නිසාත් ඇතිවෙන්න පුලුවන් සෞඛ්‍ය ගැටලු බොහොමයක් තියනවා.

හිසේ සහ උදරයේ වේදනා, ආහාර ජීර්ණ පද්ධතියේ රෝගාබාධ, අනිද්‍රාව ආතතිය, අධික රුධිර පීඩනය, කුෂ්ට දද වැනි චර්ම රෝග සහ හදවත් රෝග ඉන් සමහරක්.ක්ෂණිකවම කෝපයට පත් උනා කියමු. මේ වගේ වෙලාවට අපේ හිතට කෝපය ඇතිකරන්න මුල් වෙච්ච පුද්ගලයට හරි සිද්ධියට හරි ක්ෂණික ප්‍රතිචාරයක් දක්වන්නනෙ අපි පුරුදු වෙලා ඉන්නෙ. සමහරු අත පය විසිකරගන්න යනවා, තවත් අය අනිත් පැත්තට බනිනවා පලු යන්න, එහෙමත් නැත්නම් බඩු මුට්ටු පොලේ ගහන අයත් ඉන්නවා. මේ වැඩේ හරිම වැරදියි. කෝපයට බැහැ බිඳුණු හිතක් කෙසේ වෙතත් බිඳුණු බඩුවක්වත් යථා තත්ත්වයට පත් කරන්න. ඒ නිසා ක්ෂණික කෝපයක් ඇති වුන වෙලාවකදි ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න. ඒකෙන් කෝපය නිසා ඇතිවන තවත් ප්‍රශ්න ගොඩක් වළක්වන්න පුලුවන් වෙයි. ඒත් එක්කම හිතන්න ඕනෙ දෙයක් තමයි මේ ලෝකෙ සිද්ද වෙන දේවල් හැම දෙයක්ම අපිට පාලනය කරන්න බැරි බව. අපිට කරන්න පුලුවන් හොඳම දේ තමයි අපිව පාලනය කරගන්න එක. මෙන්න මේ සිතුවිල්ල ඇති කරගෙන අපිව තාවකාලිකව හරි පාලනය කරගන්න එක වැදගත්. එහෙම ඉන්න අමාරුයි නම් කරන්න තියෙන්නෙ ක්ෂණික කෝපය ඇති වෙච්ච ස්ථානයෙන් ඉවතට යන එකයි.සිදුවීම ගැන ආයෙත් පාරක් හිතන්නහදිසි කෝපයට ගැලපෙනම බෙහෙත් දෙකක් තමයි ව්‍යායාම සහ සංගීතය කියන්නෙ. ආතතිය ඇති අවස්ථාවක පොඩි රිලැක්සින් මියුසික් එකක් දාගෙන ඇහුම්කන් දෙන්න. හිතේ අවුල් වෙලාවකට පොඩි වෝක් එකක් දාන්න. අත පය විසි කරල ව්‍යායාම ටිකක් කරන්න. ඒ වගේම කෝපය පාලනය කරගන්න හොඳම ව්‍යායාමයක් තමයි හුස්ම ගැනීමේ ව්‍යායාම කියන්නෙ.ක්ෂණිකව කෝපයට පත්වීම ඔයාගෙ දුර්වලතාවයක් කියල ඔයා හඳුනගෙන ඉන්නවනම්, මේ සඳහා විසඳුම් හෙවිය යුතුයි කියලා ඔයාට හිතෙනවනම් ඔයා නිවැරදි මාවතක ගමන් කරමිනුයි ඉන්නෙ. අපි මේ කියන පියවර වලිනුත් නිසි සහනයක් ලබා ගන්න බැරි උනානම් ඔයාට පුලුවන් මනෝවෛද්‍යවරයෙකුගෙ පිහිටක් පතන්න. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැක ගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.