Naifmvlog

Naifm vlog Gossip and News

ආහාර නිසා ලෙඩ වෙන්නේ මෙහෙමයි

අප කන සහ බොන දේ වලින් වෙන්න ඕනේ බඩගිනි නිවාගන්න එකම නෙමෙයි. ඒවයින් අපගේ ශරීරයට ආසාදන වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් ලැබෙන්න ඕනේ වගේම තරබාරුකම, හෘද රෝග, දියවැඩියාව සහ විවිධ වර්ගයේ පිළිකා ඇතුළු සෞඛ්‍ය ගැටලු ඇතිවීම වැළැක්වීමට තරම් අපි ගන්න ආහාර සෞඛ්‍ය සම්පන්න වෙන්නත් ඕනේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වෙබ් අඩවියේ පසු ගිය දවස් වල නිර්දේශ වගයක් දී තිබ්බා සෞඛ්‍ය සම්පන්න, දිගු ජීවිතයක් ගත කිරීමට අපට උපකාර වන පොදු ආහාර ඉඟි කිහිපයක් ගැන. ඕනෑම කෙනෙකුට මේ යහපත් පුරුදු අනුගමනය කළොත් නීරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් බව ඔවුන් සහතික කර තිබෙනවා. අපගේ ශරීරය ඇදහිය නොහැකි තරම් සංකීර්ණ වන අතර කිසිදු ආහාරයක් මඟින් උපරිමයෙන් වැඩ කිරීමට අපට අවශ්‍ය තරම් සියලුම පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන්නේ නෑ. එබැවින් අපගේ ආහාර වේලෙහි අපව ශක්තිමත්ව තබා ගැනීම සඳහා විවිධාකාර නැවුම් සහ පෝෂ්‍යදායී ආහාර අඩංගු විය යුතුමයි. ඔබේ දෛනික ආහාර වේලට තිරිඟු, බඩ ඉරිඟු, සහල් සහ අර්තාපල්, පරිප්පු, බෝංචි වැනි රනිල කුලයට අයත් ආහාර දිනපතා එක් කරගන්න. ඊට අමතරව නැවුම් පලතුරු, එළවළු සහ පෝෂණීය සත්ත්ව ප්‍රභවයන්ගෙන් උදා: මස්, මාළු, බිත්තර සහ කිරි.
ආහාර ලබා ගැනීමට අරමුණු කර ගන්න.

සැකසූ බඩ ඉරිඟු, මෙනේරි, ඕට්ස්, තිරිඟු සහ දුඹුරු සහල් වැනි සම්පූර්ණ ධාන්‍යමය ආහාර ඔබට හැකි සෑම විටකම තෝරා ගන්න. මොකද ඒවා වටිනා තන්තු වලින් පොහොසත් වන අතර වැඩි කාලයක් පුරා ඔබේ උදරයට පූර්ණ බවක් ලබා දෙයි. අතරමැද දී පුංචි ආහාරයක් ගන්න අවශ්‍ය නම් සීනි, මේද හෝ ලුණු අධික ආහාර වලට යොමු වනවාට වඩා අමු එළවළු, ලුණු රහිත ඇට වර්ග සහ නැවුම් පලතුරු තෝරලා ආහාරයට ගන්න පුරුදු වෙන්න. අධික ලෙස ලුණු භාවිතය මගින් ඔබේ රුධිර පීඩනය ඉහළ නැංවිය හැකි අතර එය හෘද රෝග හා අංශභාගය සඳහා ප්‍රමුඛ අවදානම් සාධකයකි. මේ ගැන නොදැනුවත්ව ලොව පුරා බොහෝ අය අධික ලෙස ලුණු අනුභව කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කරන්නේ සාමාන්‍යයෙන් දවසකට ලුණු ග්‍රෑම් 5ක් පමණක් පරිභෝජනය කිරීම ප්‍රමාණවත් බවයි. මොකද අපේ ආහාරයට අපි අමතර ලුණු එකතු නොකළත්, පොදුවේ අපි අරගන්න සැකසූ ආහාර හෝ බීම වල සහ බොහෝ විට ලුණු ඉහළ ප්‍රමාණයකින් අඩංගු බව ඔබ දැන සිටිය යුතුයි. ආහාර පිසීමේදී හා පිළියෙළ කිරීමේදී අරපිරිමැස්මෙන් ලුණු භාවිතා කරන්න. ලුණු අඩංගු සෝස් සහ රසකැවිලි භාවිතය අඩු කරන්න. සෝයා සෝස්, ස්ටොක් හෝ මාළු සෝස් වැනි ලුණු අධික ස්නැක්ස් ගැනීමෙන් වළකින්න. සැකසූ ආහාර වලට වඩා නැවුම් සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගැනීමට උත්සාහ කරන්න.

ටින් කළ හෝ වියලන ලද එළවළු, ඇට වර්ග සහ පළතුරු භාවිතා කරන විට ලුණු සහ සීනි අඩංගු නොකළ නිෂ්පාදන තෝරාගන්න. කෑම මේසයෙන් ලුණු සහ ලුණු සහිත රසකාරක ඉවත් කර ඒවා ගැනීමේ පුරුද්දෙන් ද ඔබ ඉවත් වෙන්න. මොකද අපේ රස නහර ඉක්මනින් ඒවාට ඇබ්බැහි වෙනවා. වෙළඳපොළෙන් ආහාර මිල දී ගැනීමේදී ඒවායේ ලේබල් පරීක්ෂා කර අඩු සෝඩියම් අන්තර්ගතයක් ඇති නිෂ්පාදන පමණක් තෝරා ගන්න. මේද හා තෙල් භාවිතය අඩු කරන්න අප සියලු දෙනාටම අපගේ ආහාර වේලට මේදය අවශ්‍ය වෙනවා. නමුත් ඕනෑවට වඩා මේදය ආහාර තුළ අඩංගු වුණාම තරබාරුකම, හෘද රෝග සහ ආඝාතය වැනි රෝග වැඩි වීමේ අවදානම වැඩි කරනවා. මොකද සැකසූ ආහාර වලින් නිපදවන ට්‍රාන්ස් මේද‍ය සෞඛ්‍යයට වඩාත් අනතුරුදායකයි. මේ ආකාරයේ මේදය අධික ආහාර වේලක් මඟින් හෘද රෝග අවදානම 30% කින් පමණ වැඩි කරන බව සොයාගෙන තිබෙනවා. බටර් හා ගිතෙල් වෙනුවට සෝයා බෝංචි, කැනෝලා , ඉරිඟු, කුංකුම, සූරියකාන්ත වැනි සෞඛ්‍ය සම්පන්න තෙල් ආහාර වලට ආදේශ කර ආහාර සකසා ගන්න. සාමාන්‍යයෙන් රතු මස් වලට වඩා මේද ප්‍රමාණය අඩු කුකුළු මස් හා මාළු වැනි සුදු මස් වර්ග ආහාරයට ගන්න. සැකසූ මස් පරිභෝජනය සීමා කරන්න. පිසීමේදී ආහාර බදිනවා වෙනුවට ස්ටීම් කිරීමට හෝ තම්බා ගැනීමට උත්සාහ කරන්න. ආහාර මිලදී ගැනීමේදී ලේබල් පරීක්ෂා කරන්න පුරුදු වෙන්න. සෑම විටම කාර්මිකව නිපදවන ට්‍රාන්ස් මේදය අඩංගු සියලුම සැකසූ, ක්ෂණික හා බැදපු ආහාර වලින් වළකින්න. එය බොහෝ විට මාගරින් සහ ගිතෙල් වල මෙන්ම පෙර ඇසුරුම් කළ ස්නැක්, ක්ෂණික, බේක් කළ හා බැදපු ආහාර වල දක්නට ලැබෙනවා. සීනි පරිභෝජනය සීමා කරන්න. උපද්‍රවකාරී හා හානිකර මත්පැන් පානය කිරීමෙන් වළකින්න. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.