Naifmvlog

Naifm vlog Gossip and News

අධික තරබාරුවේ ආදීනව 13ක්.

තරබාරුව ගැන බොහෝ දෙනෙක් සිතින් දුක් වන අතරේ, තරබාරු වන්නට සිහින දකින පිරිසකුත් සිටිනවා. තරබාරුව පෘෂ්ඨිමත් බවේ ලක්ෂණයක් ලෙසයි ඔවුන් සලකන්නේ. නමුත් තරබාරුව කියන්නේ ලෙඩ ගොඩකට අත වැනීමක් කියලා කියන්නත් පුළුවන්. ඇත්තටම නියමිත බර ප්‍රමාණයට වඩා ඔබේ බර වැඩි නම් එය අවදානම් බව පැවසිය යුතුමයි. තරුණ වියේ තරබාරුව සිටින්නන්, වැඩිහිටි වියේදී නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වෙන ආකාරය දැක ගන්න පුළුවන්. තරබාරුව සහ දියවැඩියාව, තරබාරුව සහ දියවැඩියාව අතර ධන සම්බන්ධතාවයක් ඇත. සිරුරේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි වන විට එහි ඇති සීනි ප්‍රමාණය පාලනය කිරීමට සිරුර අපොහොසත් වෙනවා. තරබාරු සිරුරක් සෑම විටම ඉන්සියුලින් හෝමෝනයට ප්‍රතිරෝධයක් දක්වනවා. තරබාරුව නිසා දියවැඩියාවත්, දියවැඩියාව නිසා තරබාරු වීමත් සිදු විය හැක. තරබාරුව සහ අධි රුධිර පීඩනය, තරබාරුවේදී සිදු වන්නේ සිරුරෙහි අඩංගු මේද ප්‍රමාණය ඉහල යාමයි. අතිරික්ත මේදය රුධිර නාල තුල තැම්පත් වීමත් සමඟ ඒ නාල තුලින් රුධිරය ගමන් කරවීමට වැඩි වෙහෙසක් දරන්නට සිදු වෙනවා. ඒ වගේම සම්පුර්ණ සිරුරටම සැපයෙන රුධිර ප්‍රමාණයත් වැඩි කල යුතු නිසා හදවතින් පොම්ප කල යුතු රුධිර මට්ටම ඉහල යනවා. තරබාරුව සහ හදවත් රෝග, තරබාරු සිරුරකට සැපයිය යුතු රුධිර ප්‍රමාණය වැඩියි. ඉතින් හදවත වෙහෙස විය යුතු ප්‍රමාණයත් වැඩියි. මේ නිසාම හදවතේ වම් පැත්ත ඉදිමීම, ඝන වීම, හදවතට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම වැනි ගැටළු ඇති වෙනවා.

තරබාරුව සහ පිළිකා, තරබාරු කාන්තාවන්ගේ ගර්භාෂයේ සහ පියයුරු වල පිළිකා ඇති වීමේ අවදානම වැඩි වෙනවා. ඒ වගේම තරබාරු පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථිය, ගුද මාර්ගය වැනි ස්ථාන වල පිළිකා ඇති වීමේ අවදානමක් පවතිනවා. මීට අමතරව ගලනාල පිළිකාව, වකුගඩු පිළිකා, අග්න්‍යාශ පිළිකා, බඩවැල් ආශ්‍රිත පිළිකා, ඩිම්භකෝෂ පිළිකා, ඇටමිදුළු ආශ්‍රිත පිළිකා හට ගැනීමේ අවදානමක්ද පවතිනවා. තරබාරුව සහ අස්ථි සම්බන්ධ ගැටළු, සිරුරේ බර දරාගෙන සිටින්නේ අස්ථි පද්ධතියයි. සිරුරේ බර වැඩි වූ විට දණහිස් සහ වළලුකර අස්ථි වැඩියෙන් ගෙවී යනවා. තරබාරුව සහ ෆැටි ලිවර්, ෆැටි ලිවර් රෝගයේදී සිදු වන්නේ අක්මාවේ අධික ලෙස මේදය තැම්පත් වීමයි. තරබාරුව සහ නින්ද නොයෑම, තරබාරු පුද්ගලයන්ට නින්ද යෑමේ ප්‍රවණතාවය අඩුය. එමෙන්ම දිවා කාලයේදී නිදි බර ගතිය, තෙහෙට්ටු ස්වභාවය තරබාරු පුද්ගලයන් තුල දැකිය හැකියි. තරබාරුව සහ අංශභාගය, තරබාරු පුද්ගලයෙකු පහසුවෙන්ම අධි රුධිර පීඩනය, නරක කොලොස්ටරෝල් මට්ටම ඉහළ යාම සහ දියවැඩියාව වැනි තත්වයන්ට ගොදුරු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අංශභාගයට ගොදුරු වීමේ අවදානමක්ද ඇති වෙනවා. තරබාරුව සහ ගර්භනී සමයේ සංකුලතා, ගර්භනී මවකගේ බර වැඩි වීම විවිධ සංකුලතා ඇති වීමට හේතුවක් වෙනවා. නමුත් ගර්භනී සමයේදී ආහාර පාලනය සහ බර ව්‍යායාම කිරීමත් සුදුසු නැහැ.

මේ නිසා මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින සෑම තරුණියක්ම ගැබ් ගැනීමට පෙර බර පාලනය කර ගැනීම පිළිබඳව උනන්දු වන්නේ නම් ඉතා සුදුසුය. තරබාරුව සහ මද සරු බව, තරබාරු කාන්තාවන් සහ පුරුෂයන් දෙගොල්ලෝම මැද සරු බවට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා. අධික ලෙස තරබාරු අයගේ සමේ දිලීර ආසාදන ඇති වීමේ සුළු අවදානමකුත් පවතිනවා. ඊට අමතරව ඇවිදීමේදී කළවා එකට ඇතිල්ලීම නිසා තුවාල ඇති වීමත් සිදු වෙනවා. අනවශ්‍ය තරබාරුව නිසා ඊස්‌ට්‍රජන්, ප්‍රොජෙස්‌ටරෝන්,ඉන්සියුලින්, තයිරොයිඩ් හෝමෝන ඇතුළු සමස්ථ හෝමෝන පද්ධතියම අසමතුලිතතාවයට පත්වේ. තරබාරු අය ගොදුරු වෙන රූපලාවන්‍ය ගැටළු බොහොමයක් පවතිනවා. ඒවා නම් අත් බාහු වල ඇති මස් ප්‍රමාණය වැඩි වීම, පපු ප්‍රදේශය ඉතා විශාලව දිස් වීම, ඇඟට සාපේක්ෂව උදරය විශාල වීම, උදරය සහ යටි බඩ එකට සම්බන්ධ වීම සහ සම අවපැහැ වීම වැනි ගැටලුය. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.