Naifmvlog

Naifm vlog Gossip and News

අධික ලෙස දහඩිය දමනවානම් කල යුත්තේ මෙයයි.

දහඩිය දැමීම ඔයාගෙ ශරිරයේ සෞඛ්‍යය සම්පන්න බවට ඉතාමත් වැදගත් වුණත් අසිමිතව ඔයාගේ සිරුරෙන් දහඩිය වහනය වෙනවා නම් එයට ඉක්මනින් පිළියම් හොයන්න ඔයාට සිදු වෙනවා. ඔයාට සමහරවිට ඔයාගේ දහඩිය දුර්ගන්ධය ගැටළුවක් නොවිය හැකියි. නමුත් ඔයා දිනපතා බසයක හෝ කෝචිචියක උදේ සවස ගමන් කරන කෙනෙක් නම් ඔයාටත් සමහර විට ඉවසා ගත නොහැකි තරමේ දහඩිය දුගද අනන්තවත් දැනිලා ඇති. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ඇයි? සමාන්‍යයෙන් අපේ සිරුර පුරාම දහඩිය දැමීම සිදු වුණත් දහඩිය දුගධ අපිට හොඳින්ම දැනෙන්නේ කිහිළි ආශ්‍රිත ප්‍රදේශයෙනුයි. එයට හේතුව වෙන්නේ දහඩිය වගේම කුණු දුහුවිලි රැඳිලා වැඩි වේලාවක් තියෙනවා. ඉතිං මේ වගේ ගැටළුවක් අවම කර ගන්න පුළුවන් දිනාපතා ස්නානය කිරීම මගින්. දිනපතා නාලා හොඳට පිරිසිදුව ඉන්න කෙනෙක්ගෙන් අධික ලෙස දහඩිය දුගද වහනය වෙන්නේ ඉතාමත් අඩුවෙන්. මොකද එවිට ඔයාගේ සිරුරේ දහඩිය වගෙම කුණු දුහුවිලි එකතු වෙන්නේ අඩුවෙන්. ඔයාට අධික ලෙස දහඩිය දමනවා නම් ඒ වගේම අධික ලෙස දහඩිය දුර්ගන්ධය වහනය වෙනවා නම් ඔයාට පුළුවන් කිහිලි ආශ්‍රිතව තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරන්න. මොකද අධිකව රෝම තිබීමෙන් දහඩිය දැමීම වැඩියෙන් සිදු වෙනවා. ඒ වගේම ඔයා සිරුර පිරිසිදු කරන සෑම අවස්ථාවක කිහිලි ආශ්‍රිත ප්‍රදේශයේ හොඳින් සබන් යොදා පිරිසිදු කරන්න. පසුව තෙත මාත්තු කරන්න. අවශ්‍ය නම් ඔයාට පුළුවන් පර්ෆියුම් වර්ගයක් හෝ ඩියෝඩ්‍රන්ට් වර්ගයක් ආලේප කරන්න. මෙයින් දහඩිය දුගද වහනය වීම තරමක් අවම කර ගත හැකියි. ගොඩක් දෙනෙක් කරන්නේ දහඩිය දමා ඇති විට බියෝඩ්‍රන්ට් තැවරීම සිදු කරනවා. එයින් සිදු වෙන්නේ ඔයාගේ සිරුරේ දුර්ගන්ධය වැඩිපුර දැනීමයි.

ඔයාට පුළුවන් ඔයා නිවසෙන් එළියට යනකොට කොට්න් බට්න් කිහිපයකට සුවද විලවුන් ගල්වා එය පොළිතින් ආවරණයක බහා ඔයාගේ අත් බෑගයේ තියා ගන්න. තරමක් දුරට හෝ ඔයාට උපකාරී වේවී දහඩිය දුගද අවම කර ගන්න. ඔයාගේ ඇඳුම්වල සුවඳවත් බව ආරක්ෂා කර ගැනීමෙන් යමතාක් දුරට හෝ ඔයාට පුළුවන් දහඩිය දුගඳ අවම කර ගන්න. ඔයා ඇඳුම් අල්මාරියේ පතුළට ටිෂු කිහිපයක් දමා ඒ මත සුවඳවිලවුන් ගැල්වීම සිදු කරන්න. එවිට ඔයාගේ ඇඳුම්වල සුවඳවත් බව ආරක්ෂා වෙලා තියෙනවා. ඔයා කොච්චර කාර්යබහුල වුණත් එක ඇඳුම එක් වතාවකට වඩා අඳින නරක පුරුද්ද නම් තියා ගන්න එපා. විශේෂයෙන්ම ඔයාගේ යට ඇඳුම්. ඒ විතරක් නෙමෙයි ඔයා දිනපතා හොඳින් ඇඳුම් සේදුවට විතරක් මදි. ඒ ඇඳුම් තද අව්වවේ වියළා ගත යුතුයි. දහඩිය උරා ගන්නා කපු රෙදිවලින් නිම වු රෙදි වර්ග සහිත ඇඳුම් වැඩියෙන් තෝරා ගන්න අමතක කරන්න එපා. මොකද සිල්ක් වර්ගයේ ඇඳුම් වලට දහඩිය උරා ගන්නේ නෑ. එවිට දහඩිය දුගද වැඩියෙන් ඔයා තුළින් වහනය විය හැකියි. විශේෂයෙන්ම දෛනික ජීවන රටාව තුළ ඔයාගේ පෞද්ගලික පිරිසිදු කමට ඔයා යොමු කළොත් ඔයාට පුළුවන් තවත් කෙනෙක්ට අප්‍රසන්න බවක් ඇති නොවෙන විදිහට එදිනෙදා වැඩ කටයුතු ටික කර ගන්න. ලෙමන් වල ඇති ස්වභාවික ශරීරයේ ප්H අගය අඩු කිරීමේ ගුණය නිසා අත් අයට ඇති බැක්ටීරියා මර්ධනය කරනවා. ලෙමන් ගෙඩියක් දෙකට කපා එය අත් යට හොඳින් ගල්වා හොඳින් වියලෙන්න අරින්න. දැන් යන්තම් උණුසුම් වතුරෙන් සෝදා හරින්න. ඔබට සංවේදී සමක් ඇති නම් ඇල්මැරුණු වතුරට ලෙමන් යුෂ දමා එයින් අත් යට සෝදන්න. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.