Naifmvlog

Naifm vlog Gossip and News

රසායනාගාර පරීක්ෂණ ගැන ඔබ දැනගත යුතු මූලික කරුණූ

රසායනාගාර වෛද්‍ය පරීක්ෂණ වලට අද කොයි කවුරුත් මුහුණ දෙයි. රෝග නිර්ණයෙහිලා මෙන්ම රෝග අවදානම හඳුනාගැනීමෙහිලා මෙයින් ලැබෙන සම්මාදම සුළුපටු නොවන්නේය. නිරවද්‍ය ලෙස රසායනාගාර පරීක්ෂණ සිදු කිරීමෙහිලා උපකාරී වන භාවිතාවන් සම්බන්ධයෙන් විවිරණයක යෙදෙන මෙම ලේඛකයා ඉදිරිපත් කරන කරුණූ ක්ෂේත‍්‍රයේ නියැළුණූ අයට මෙන්ම මහජනතාවටද තම දැණූම නිම් වළලූ පුළුල් කරගැනීමෙහිලා වටනේය. නිවැරදි රසායනාගාර පරීක්ෂණ ක‍්‍රියාවලියක පියවර, රෝගියා නිවැරදිව හඳුනාගැනීම ප‍්‍රමුඛ අවශ්‍යතාවයකි එසේම පරීක්ෂණයට ඉවහල් වන හෙයින් රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද මේ අදියරේදී අවබෝධයක් ලබාගත යුත්තේය. ISO තත්ත්ව ක‍්‍රමවේදයන් හා පිළිගැනීමට අනූව රෝගියා නිවැරදිව හඳුනාගැනීමට වෙනස් ආකාර ක‍්‍රම අවම වශයෙන් තුනක් ඔස්සේ වත් ක‍්‍රියා කළ යුතුය. නිදර්ශකය නිවැරදිව ලේබල් කිරීමද අතිශයින් වැදගත් වන්නේය. රෝගියා නිරාහාරව ඉන්නේද යන වග අවශ්‍ය වුවහොත් රෝගයේ ස්වභාවය නිවැරදි පරීක්ෂණය ඇණවුම් කර තිබේද යන වග පිළිබඳව සෑම කල්හීම විමසිළිමත් විය යුතුය. රෝගියාගේ මානසික ස්වභාවය විමසීම රසායනාගාර පරීක්ෂණ කෙරෙහී බලපාන ආහාරමය සාධක නිරාහාරව සිටීම නිසා ඇමයිනෝ අම්ල, බිලිරුබින, කීටෝන, වර්ධක හෝමෝන, මේද අම්ල හා ට‍්‍රයිග්ලිසරයිඩ වල ඉහළ යාමක් සිදු වේ. HDL, ග්ලූකෝස්, ඉන්සියුලින්, T3, ලැක්ටේට් ඞීහයිඩ‍්‍රජනේස් අගයන් පහත වැටීමක් සිදුවේ.

මේදමය ආහාරයක් ගැනීමේදී පොටෑසියම්, ට‍්‍රයිග්ලිසරයිඞ්, ඇල්කලයින් පොස්පටේස්, 5-HIAA ආදියේ ඉහළ යාමක් සිදුවේ. මස්, මාළු, යකඩ, බිස්මත් ආනුපාන කරගත් ප‍්‍රතිඅම්ල ආදිය ගැනීමෙන්ප Stool Occult Blood tests රීක්ෂණයේ සදොස් සහගත ප‍්‍රතිඵළ (False Positive) ලැබීමට හැකියාවක් ඇත. එළවළු පමණක් ආහාරයට ගන්නන් වෙසෙසින්ම දිගු කාලයක් මුළුල්ලේ වෙජිටේරියන් ආහාර වලට හුරු වූ විට LDL,VLDL පොස්පොලිපිඞ්ස්, කොලෙස්ටරොල්, ට‍්‍රයිග්ලිසරයිඩ හා විටමින් B12 ආදියේ අඩු අගයන් වාර්තා වීමට අවකාශ තිබේ. අධික ලෙස මස් ප්‍රෝටීන අනුභව කරන අයගේ සීරම් යුරියා, ඇමෝනියා හා යූරේට් මට්ටම ඉහළ යාම ස්වභාවයයි. අධික ප්‍රෝටීන හා අඩු කාබෝහයිඩ්‍රේට ආහාර අනුභවය නිසා මූත‍්‍රා කීටෝන හා BUN අගයන් ඉහළ යාමට අවකාශ ඇත. මෙලෙසම මද්‍යසාර ගැනීමෙන් ට‍්‍රයිග්ලිසරයිඩ, ලයිපොප්‍රෝටීන, ලැක්ටේට, අක්මාගත එන්සයිම හා විටමින් B12 අගයන් ඉහළ යාමට ඉඩ ඇත. එසේම මේ නිසා ග්ලූකෝස්, කෝටිසෝල් හා ප්‍රොලැක්ටින් අගයන් අඩු වෙයි. පමද්‍යසාර වලට ඇබ්බැහි වීමෙන් HDL, Ò-glutamyltransferase (GGT), urate, and mean corpuscular volume (MCV) අගයන් වැඩි වෙයි. කෝපි හා කැෆේන් සාර පාන වර්ග ගැනීමෙන් ග්ලූකෝස්, ප්ලස්මා රෙනින්, නිදහස් මේද අම්ල හා කැටකොලැමින් සාන්ද්‍රණ ඉහළ යයි.

රුධිරය ලබා ගන්නා ආකාරය අනූවද රසායනාගාර වාර්තා වල බලපෑම් ඇතිවිය හැක. දිගු වෙලාවක් ටර්නික් එක යොදාගෙන සිටීමෙන්potassium, magnesium, albumin, protein, serum enzymes, coagulation factors, iron, ammonia, calcium, cholesterol, and triglyceride level යන පරීක්ෂණ වල අගයන් දෝෂ සහිතව ලැබිය හැක. එන්නත් කරන ප‍්‍රදේශය පිරිසිදු කිරීමට යොදන මද්‍යසාර නිසියාකාරව වියළීම සිදු නොවීමෙන්ද සදොස් ප‍්‍රතිඵළ ලැබීමට හැකියාව ඇති බැවින් නිසියාකාරව පිරිසිදු කළ ප‍්‍රදේශය වියළීමට පෙර කටුව ගසන්න එපා. මේ නිසා රතු රුධිර ෙසෙල විනාශ වීමක් සිදු වෙයි. පොස්පේට්, යූරික් අම්ලය හා පොටෑසියම් අගයන් වැඩි වශයෙන් පෙන්වීමට ඉඩ තිබේ. රෝගියා නිවැරදි ආකාරයට පිළියෙල කිරීම, නිවැරදිව රුධිරය ලබාගැනීම නිරවද්‍ය රසායනාගාර පරීක්ෂාවක් උදෙසා ඉවහල් වන්නේය. වෙසෙසින්ම සැකයක් ඇතිවූ කල්හී පරීක්ෂණය නැවත සිදු කිරීමටද පසුබට නොවිය යුතුය. ග්ලූකෝස් පරීක්ෂාව සඳහා සාමාන්‍යයෙන් නිරාහාරව සිටිය යුතු කාලය පැය දොළහකි. ක‍්‍රියැටිනින් පරීක්ෂණය සඳහා නිරාහාර රුධිර සාම්පලය වඩාත් උචිතය. වෙසෙසින්ම රතු මස්, වෙනත් මාංශල ආහාර වැඩි වශයෙන් අනුභව කරන විට එය වඩාත් උචිතය. එසේම රසායනාගාර පරීක්ෂණයට භාජනය වන තැනැත්තා පොදුවේ පිළිපැදිය යුතු මූලික කාරණා කිහිපයක්ද වේ. දුම්පානය හා මද්‍යසාරයෙන්ව වැළකී සිටීම, කැෆේන් අන්තර්ගත පාන වර්ග පානය කිරීමක් නොමැතිව පරීක්ෂණයට භාජනය වීම හා ආතතියෙන් තොරව පරීක්ෂණයට භාජනය වීමද වැදගත් වන බව සිතට ගත යුතුය. රුධිරය ලබාගන්නා ස්ථානයට නියමිත වෙලාවට විනාඩි පහළොවකට පෙර පැමිණීමට උත්සුක විය යුතුය. එසේම උදඃසන 7-11 අතර කාලයේදී රුධිරය ලබාගන්නේ නම් වඩාත් මැනවි. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.