Naifmvlog

Naifm vlog Gossip and News

ගෙදරක වහළයට හරියට ඇණ ගහන හැටි

නිවෙසක් තනන්නේ සැමදා ජීවත් වීමටය. එසේ හදන නිවෙසෙ කිසිදු ‍ෙදා්ෂයකින් නොවිය යුතුය. නිවෙසක් හදන විට සැලසුමේ කිසිම ‍ෙදා්ෂයක් නැතිව එය නිර්මාණය කිරීමට අප උත්සාහ ගනී. මිලදී ගන්නා ඉඩමේ ‍ෙදා්ෂ ඇත්නම් එයද නැති කර ගැනීමට අවශ්‍ය ශාන්තිකර්ම සිදු කරයි. නමුත් ඉදි කරන නිවෙසේ වහලය නිසා නිවෙස් හිමියාගේ ජීවිතයට පමණක් නොව මුළු සේසතම නැතිවීමට පුළුවන. ඒ නිවෙස හැඩ කිරීමට කියා හදන වහලය මඟිනි. නිවෙසසේ වහලය ඉදි කිරීමේදී වාස්තු ‍ෙදා්ෂ බැලුවත් වහලය ඉදි කිරීමේදී කරන වැරදි නිසා ‍ෙදා්ෂ ඇති වේ. ඒ වහලය ඉදි කිරීමේදී එකතු කෙරෙන අමතර වහල ෆිනිෂින් වහල නිසා මේ ‍ෙදා්ෂ ඇති වෙයි.

නිවෙසේ ප්‍රධාන වහලය ඉදිකිරීමේදී ඊට මූලික තැන නොදී ඉදි කෙරෙන අමතර වහල නිසා බොහෝවිට මෙම ‍ෙදා්ෂ ඇති වෙයි. නිවෙසේ සෑම දෙනාම ලෙඩ කිරීමට මෙය උපකාරයකි. සමහර වඩු වැඩ කරන අය මුදුන් යට ලීයට පරාලය මූට්ටු කිරීමේදී යට ලීයේ සිට පරාලයට ඇණ ගසයි. එහිදී පරාලයේ පිහිටීම වෙනස් වෙයි. එවිට වඩු බාස් කරන්නේ තවත් ඇණයක් ගෙන අනෙක් පැත්තෙන් ගැසීමය. එවිට ඇණය ගසන්නේ පරාලයේ සිට යට ලීයටය. යට ලීයේ සිට පරාලයට ගැසිය යුතු ඇණය ගහන්නේ පරාලයේ සිට යට ලීයටය. මෙය වාස්තු ‍ෙදා්ෂයකි. සමහර විටක පරාලයට හෝ යට ලීයට ගහන ඇණය නැමී ඇද වෙයි. එසේ වූ විට එම ඇණය ගලවා දැමිය යුතුය. නමුත් සමහරු කරන්නේ එම ඇණය ගලවනවා වෙනුවට එය නමා තව ඇණයක් ගැසීමය. එය වැරැදිය.

සාමාන්‍යයෙන් නිවෙසක් තැනීමේදී වහළේ මුදුන් යට ලීය සහ පරාල ගැසීමට ගන්නේ සම්මත ඇණ ගණනකි. එම ගණන 108කි. රීප්පවලට ගහන ඇණ ප්‍රමාණය මීට ගණනය කරන්නේ නැත. එකසිය අට ගණනය කරන්නේ මුදුන් යට ලීයට සහ පරාලවලට ගහන ඇණ ප්‍රමාණය අනුවය. එය වාස්තු විද්‍යාව අනුවද පිළිගනී. නවගුණ වැලට ඇත්තේ ඇට 108කි. යන්තර, මන්තර ජප කරනවිට මතුරන්නේ 108 වතාවකි. ඒ වාගේ වහළයක් ගැසීමේදී ඇණ 108ද අතීතයේ සිට එන සම්මතයකි. ඊට අනුකූල නොවන ලෙස වහලය ගහනවිට එය ගෙහිමියාට බලපායි. වහලයක් ගහන්නේ නිවෙසේ වර්ගඵලය අනුවය. ප්‍රධාන වහලය මඟින් නිවෙස ආවරණය කිරීමට නොහැකි වෙයි නම් අතුරු වහලයක් ගැසීම සිදුවෙයි. එය ප්‍රධාන වහලයට වඩා අඟල් නවයක් පහළින් ගැසිය යුතුය. එය ශාස්ත්‍රීය ක්‍රමයයි.

නිවෙසක වහලය තැනීමේදී පල සංඛ්‍යාව වැඩි වන තරමට එම නිවෙසට වාසනාව ගෙන දෙන බව මතයක් තිබේ. එම සංඛ්‍යාව ඔත්තේ ගණනක් විය යුතු යැයි කියාද මතයක් තිබේ. නමුත් එය වැරදි මතයකි. නිවෙසක් තැනීමේදී ලස්සන කිරීමට පල වැඩියෙන් වහල ගැසූ විට එහි ‍ෙදා්ෂ ඇතිවිට එය ගෘහමූලිකයාට තදින්ම බලපායි. ඔහුට එම නිවෙසේ වාසය කිරීමට බැරිය. තමන් සතු සල්ලි වියදම් කළ නිවෙස විකුණා හෝ කුලියට දී වෙනත් ගෙයක විසිමට ඔහුට සිදු වේ. නැත්නම් ගෘහ මූලිකයා හෝ බිරිය දරුවන් සැමදාම අසනීපයෙනි‍. මොන තරම් බෙහෙත් බිව්වත් සුව නොවේ. එය සිදුවන්නේ නිවෙසේ වහලයේ ‍ෙදා්ෂ හේතුවෙනි. සමහර අයට මොන තරම් නිවෙස තැනුවත් එහි ජීවත් වීමට බැරිය. නිවෙසේ විසීම මහ කරදරයක් සේ සලකයි. සමහර පවුල්වල නිතර නිතර අඬ දබර ඇති වෙන්නේද මේ ‍ෙදා්ෂ නිසාවෙනි. නැත්නම් පවුලේ අය අඩු වයසින් මිය යෑමටද ඉඩ තිබේ. නැත්නම් අලුතින් තැනූ නිවෙස අතහැර දමයි.

එසේ වෙන්නේ අද නිසි ලෙස වහළයක් ඉදි කිරීමට බොහෝ දෙනකු දන්නේ නැති හෙයිනි. ඇණ කිලෝ 50ක් ගෙනත් දුන්නත් ඒ සියල්ලම ගසා හෝ වහළ නිම කිරීම පමණක් සිදු කරයි. ඇණ එකසිය අටක් ගැසීම කියා හඳුන්වන්නේ ඕනෑම දෙයක් 108කින් ජීවම් වෙන නිසාය. අපට යම් දෙයක් නැහැ කියා අපිම 108 වරක් කියූ විට එය අපටම හූනියමකි. අපි වස් කවි සෙත් කවි කියන්නේ අපේ සිංහල හෝඩියේ අකුරු පදනම් කරගෙනය. එය හොඳට හෝ නරක යොදා ගෙන සෙත් කවි, වස් කවි අපම නිර්මාණය කරගෙන ඇත. අද යක්කු, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ නැත. නමුත් අපි යන්තර, මන්තර කියා එම අමනුෂ්‍ය බලවේග ගෙන්වා ගනී. ඒ බලවේග යන්තර, මන්තරවලට මෙල්ල වෙයි. මිනිස්සුන්ට හැදෙන ලෙඩ රෝග ඇත්තේ දෙකකි. එකක් කායික රෝගය. අනික මානසික රෝගය. සමහර ලෙඩවලට නූල් බැන්දත් ඒ ලෙඩේ හො¼ද වෙයි. බෙහෙත් බිව්වත් ඒ ලෙඩේ හොඳ වෙයි. නූල් බැඳීමේදී භාවිත කළේ යම් මන්තරයකි. ඒ මන්තරය කිව්වේද අප ඉගෙනගත් හෝඩියේ අකුරු 54නි. ඒ වගේ වාස්තු විද්‍යාවේදීද ඇත්තේ සම්මත පිළිගැනීමකි.

වාස්තු විද්‍යාවට අනුව වහලයකට ලී ගැනීමේදී බස්නාහිරට වැටෙන ගස්වල ලී ගන්නේ නැත. ගහක් කපා ලී ගත් විට එම ගහ කැපුවේ මොන පැත්තටද කියා අප දන්නේ නැත. සමහරවිට බස්නාහිරට කැපූ ගසක ලී වීමටද පුළුවන. වහලයට ලී ගැනීමට ගසක් කැපීමේදී නැඟෙනහිරට කැපිය යුතුය. නමුත් නිවෙසක් ඒ පැත්තට ඇත්නම් ගහ ඒ පැත්තට කැපීමට බැරිය. එවිට ගහ කපන කෙනා ගහේ මුල් කොටස නැඟෙනහිරට කපා ක්‍රමානුකූලව සෙසු කොටස්ද අවශ්‍ය ප්‍රමාණවලට නැඟෙනහිර පැත්තට කපා ගනී. නමුත් එසේ කිරීමට බැරි නම් ගහ බටහිරටම කපා ගනී. ඉන්පසු වහලය ගැසීමේදී එහි ‍ෙදා්ෂ හැරිය යුතුය. එය සිදු කරන්නේ ලීයේ අග මුල සොයාගෙනය. නමුත් ගහක් කපා ලී ඉරූ විට ලීයේ අගමුල සොයා ගැනීමට බැරිය. එහෙත් එය හොයන ක්‍රමයක් තිබේ. එය සොයන්නේ ලීයේ හරි මැදින් ලණුවක් ගැට ගසා වතුරට දැමීමෙන්‍ය. එවිට ලීයේ බර පැත්ත යට යයි. එසේ මුල පැත්ත සොයාගත් ලීය වහළයට ගැසීමේදී මුල පැත්ත සෑම විටම ඉස්සරහට සිටින සේ ගැසිය යුතුය. එවිට වහලයෙන් පිටවෙන කිරණ එළියට විසි කරයි. එසේ නොවුණ විට වහළයෙන් පිටවෙන කිරණ සියල්ලම නිවෙස තුළට එයි. සමහර විටෙක ගෙතුළට පරිසරයෙන් එන යහපත් කිරණ එළියට විසි කරයි. මේ පිළියම් නොදැන නිවෙසක වහලයක් ගැසූවිට එය ‍ෙදා්ෂ සහිත වෙයි. මේ ‍ෙදා්ෂ මඟ හැර වහළයක් නිසි ලෙස ගැසීමට වඩු බාසුන්නැහේ දැන ගත යුතුය.

නිවෙසක ප්‍රධාන උළුවස්ස බටහිරට තියන්නේ නැත. ඊසානට නිරිතට ප්‍රධාන උළුවහු තියන්නේ නැත. එසේ තියෙන නිවෙස අන්ත දුගී තත්ත්වයට පත්වෙයි. එම ‍ෙදා්ෂ මඟ හැරීමට වාස්තු විද්‍යාව අනුව තුන් පැත්තකට උළුවහු තැනීම සිදු කරයි. එවිට නිවෙසට ඇතුළුවෙන අයහපත් කිරණවල බලපෑම අඩු වෙයි. මන්ද යත් එය තුන් පැත්තකින් පිට කෙරෙන නිසාවෙනි. අයහපත් දිසාවලට නිවෙසක ප්‍රධාන උළුවහු තැබීමේදී මේ ක්‍රමවේදය අනුගමනය කරයි. එසේ නොකර උළුවහු දෙකක් තැබීමේදී නිවෙසට ‍ෙදා්ෂ ගෙනදෙයි. වහළයක් ගැසීමේදී තනි පලයට වහලයක් ගැසීමට බැරි අවස්ථා තිබේ. නමුත් එහි ‍ෙදා්ෂ නැතිව පල සහිත වහළයක් ගැසීමට පුළුවන. වහළයක් ගැසීමේදී පල දෙක, පල හතරක් ගැසීම සුබපල ගෙන දෙයි. නිවෙසක පල හතරක් ගහන්නේ හතර පැත්තට බෙදීමෙනි. ඊට තවත් පරාලයක් එක්කොට පරාල පහක් යොදාගෙන ඇත. එය අසුබ නැත. මෙහිදී පල වැඩිවෙන තරමට අසුබ නොවී වහළය ගහන ක්‍රමද තිබේ. එය ක්‍රමානුකූලව සිදුකළ යුතු දෙයකි.

නිවෙසක වහළයේ පල වැඩි වෙන විට ඒ පල අතරින් ප්‍රධාන වහලය නිසි ලෙස වාස්තු විද්‍යාවේ ක්‍රම අනුව ගසා ගත යුතුය. ගෘහ මූලිකයාට බලපාන්නේ මුදුන් යට ලීය තිබෙන අයුරු අනුවය. නිවෙසක වහළයේ දිග අඩි 30ක් වූ විට එය කොටස් තුනකට බෙදා ගත යුතුය. එවිට එහි මැද අඩි 10 කොටසට අනිවාර්යයෙන්ම මුදුන් යටලීය තැබිය යුතුය. එවිට ‍ෙදා්ෂ අඩු වෙයි. එසේම එම වහළය කොටස් තුනකින් යුක්ත වුවත් නිවෙසේ ප්‍රධාන වහලය නම් එය ගැසිය යුත්තේ ඇණ එකසිය අටකින් පමණි. ඊට වඩා වැඩි වීමට බැරිය එසේ වුවහොත් ‍ෙදා්ෂ ඇතිවෙයි. එම වහලය ගැසීමේදී නියම ශාස්ත්‍රය දන්නා වඩු බාසුන්නැහේ ක්‍රමය දනී. සමහර වහළවල් ගහන අය සිතාමතාමද ‍ෙදා්ෂ සහිත වහලවල් ගසයි. එසේම නොදැනුවත්කමටද ‍ෙදා්ෂ සහිත වහළවල් ගසයි. එසේ ‍ෙදා්ෂ සහිත වහළක් ගසා ඇති විට එහි ‍ෙදා්ෂ නැති කළ හැකිය. මෙහිදී වහළය සම්පූර්ණයෙන්ම ගලවා ගැසීමට සමහර දෙනා පෙලඹී ඇත. නමුත් වහළයේ ‍ෙදා්ෂය ඇත්තේ කොහේද කියා සොයා වහළය නිසි පරිදි සැකසිය හැකිය. එහිදී ‍ෙදා්ෂය ඇත්තේ මොන පලයේද පල කිහිපයකද කියා වඩුබාසුන්නැහේ දනී. ඔහු ඒ ‍ෙදා්ෂ බිඳ වහළය නිවැරදි කරයි.

වහළයක් ගැසීමේදී ලස්සනට උළු පලය වදින්නේ අඩියට අඟල් පහේ බැස්මටය. උළු පලය හැඩයට ගහන්නේ නම් අඩියට අඟල් 6ක් ගත යුතුය. ටකරන් පලයට ගහන වහලයකදී අඩියට අඟල් 4ක්ද සීට් පලයට අඟල් 4ක් ලෙසද වහළය ගැසිය යුතුය. එසේ නොකර වහළයක් ගැසූවිට තෙමෙන්නේ නැත. නමුත් නිවෙසේ කිසිම එළියක් නැත. කොපමණ ලස්සනට නිවෙස හැදුවත් පෙනුමක් නැත්තේ ඒනිසාය. නිවෙසක වහළය නිසි ලෙස ගසා නැතිවිට එහි වස් වහලය හදන බාස්ටද බලපායි. නිවෙසක වහළයක් ගසා අවසානයේ වස් යක්ෂණියන් ලවා වස් අරියි. වස් යක්ෂණියන් කියන්නේ මනුෂ්‍ය ආත්මයේ සිට මැරුණු පසු ප්‍රේත ආත්මවල ඉපදෙන අයටය. මේ අයට දෙන්නේ මත්පැන් ගංජා, මස් වර්ගය. සමහරු වස් යක්ෂණියන්ට කුකුළු බිල්ලක් හෝ කිරි හරක් බිල්ලක් දෙන අයද වෙයි. මේ සත්තු වස් යක්ෂණියන්ට පුද කොට හරියට වස් ඇරීම සිදු කළේ නම් දින 7-14 ඇතුළත එම සතුන් මැරෙයි. එසේ නොකර සමහර බාසුන්නැහේලා කරන්නේ තම ඇසෙන් ඇහි පිහාටුවක්ද, හිසෙන් කෙස් ගහක්ද, කකුලෙන් නිය පොත්තක්ද, ඇඟිල්ලෙන් ලේ ටිකක්ද ගෙන හිස බඳින රෙදි කඩේ ගා කොස් ගහක හෝ අඹ ගසක තබා නියනෙන් කැපීමය. එවිට කිසිදු ප්‍රේත ආත්මයක් වෙන කිසි දෙයක් ඉල්ලන්නේ නැත.

ඉන් එහාට කිසි දෙයක් ඉල්ලන්නේ නැත. එනිසා සත්ත්ව හිංසාවක් කොට පව් පුරවා ගැනීමක්ද සිදු නොවේ. එසේම උළුවහු පනිද්දී මේසන් හැන්දක් කියතක් වැනි දේද දමයි. එය ශාස්ත්‍රය නිසි ලෙස නොදන්නා අය කරන දෙයකි. මළගිය ප්‍රේත ආත්ම ඉල්ලන දෙය හරියට නොදී වස් යක්ෂණියන් පැන්නීමට බැරිය. එනිසා වහළයක් ගැසීමේදී මෙන්ම උළුවහු පැනීමේදීද හරි ශාස්ත්‍ර කළ යුතුය. එවිට කිසිදු ‍ෙදා්ෂයකින් තොරව සතුටින් ඉදි කළ නිවෙසේ ජීවත් විය හැකිය.