Naifmvlog

Naifm vlog Gossip and News

අඟහරු මත පෘථිවියේ ක්ෂුද්‍ර ජීවින්ගෙන් කරන්න හදන දේ

නාසා ආයතනය රෝවරයක් මඟින් චිලියේ අටකාමා කාන්තාරයේ අඩි තුනක් භූගතව සිටි ක්ෂුද්‍ර ජීවීන් එකතු කර ඇති බව හෙළි වී තිබේ. මෙ අත්හදා බැලීම මඟින් අඟහරු මත ඇති ශුෂ්ක පසෙන් ලබාගැනීමට අපේක්ෂා කළ හැකි බැක්ටීරියා වර්ග මොනවාද යන්න පිළිබඳව විද්‍යාඥයන්ට පැහැදිලි චිත්‍රයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඔවුන් අටකාමා කාන්තාරය අත්හදා බැලීමේ භූමියක් ලෙස භාවිත කරන්නේ එය පෘථිවියේ වඩාත්ම “අඟහරුට සමාන” කලාපය වන නිසා හා කටුක පරිසරය නිවැරැදිව අනුකරණය කරනු ඇති නිසාය.

ඔවුන් සොයාගත් ක්ෂුද්‍ර ජීවීන් අඟහරු ග්‍රහයා මත අපේක්ෂා කළ හැකි ප්‍රමාණයට සමාන ඉහළ ලුණු මට්ටමට අනුගත වී ඇත. ඉහළ පාරජම්බුල කිරණ නිරාවරණය හා ඉතා ලුණු සහිත පස් නිසා කාන්තාරය ආසන්නතම ගැළපීම වන අතර එම නිසා මෙම ග්‍රහලෝකයට අඟහරු දූත මෙහෙවර අනුකරණය කිරීමට හොඳම ස්ථානය වේ.සිංගප්පූරුවේ යේල්-එන්යූඑස් විද්‍යාලයේ අධ්‍යයන ප්‍රධානි මහාචාර්ය ස්ටීවන් පොයින්ටිං පැවැසුවේ “රෝබෝ රෝවරයකට පෘථිවියේ අඟහරු වැනි කාන්තාරයේ මතුපිට පස් නැවත ලබා ගත හැකි බව අපි පෙන්වා දී තිබෙනවා” යනුවෙනි.

මෙය වැදගත් වන්නේ ඉහළ විකිරණ, අඩු උෂ්ණත්වය සහ ජලය නොමැතිකම නිසා ජීවිතයට අපහසුතාවක් ඇති වන පෘෂ්ඨීය තත්ත්වයන්ගෙන් ගැලවීමට අඟහරු ග්‍රහයා මත ඇති ඕනෑම ජීවයක් මතුපිටට පහළින් සිදුවිය යුතු බව බොහෝ විද්‍යාඥයන් එකඟ වන බැවිනි. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ස්වයංක්‍රිය රෝවරය අඟහරුගේ මතුපිටට සමාන භූමි ප්‍රදේශ දෙකක් හරහා කි.මී. 50ක් ගමන් කළේය. එකක් ගල් සහිත කාන්තාරයක වේදිකාවක් වන අතර අනෙක වැලි සහිත කාන්තාර පරිසරයකට සමාන විය. ස්වයංක්‍රිය රෝවරය මඟින් සොයා ගන්නා ලද සාම්පලවල අසාමාන්‍ය හා ඉහළ විශේෂිත ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය. ප්‍රවීණයන් පවසන්නේ අනාගත පර්යේෂණයන්හි ප්‍රතිසාධනය කළ හැකි ක්ෂුද්‍ර ජීවීන් කොතරම් දුරට සිදුවේදැයි වටහා ගනීම සඳහා ගැඹුරට කැණීම් ඇතුළත් වන බවයි. පර්යේෂකයෝ ඔවුන්ගේ විසරණය සීමිත ජල සැපයුම, පෝෂ්‍ය පදාර්ථ හා පසෙහි රසායන විද්‍යාව සමඟ සම්බන්ධ කළහ.

අධ්‍යයනය සඳහා භාවිත කරන ලද සරඹයේ ගැඹුර අඟල් 31.5ක් වූ අතර එහි සාම්පල අතින් සොයාගත් ඒවාට සාපේක්ෂව සංසන්දනය කරන ලදී. ඉදිරි වර්ෂවලදී අතීත හෝ වර්තමාන ජීවිතය පිළිබඳව සාක්ෂි සෙවීම සඳහා රෝවර්ස් අඟහරු වෙත පොළොවට පහළින් කැණීමට යොදවනු ඇත.අඟහරු මත මෙහෙයුම දළ වශයෙන් මීටර් 2ක් පමණ දුරට විහිදවීමට බලාපොරොත්තු වන අතර පෘථිවිය මත පදනම් වූ සංසන්දනයක් කිරීමෙන් විභව ගැටලු හඳුනාගැනීමට සහ ප්‍රතිඵල අර්ථ නිරූපණය කිරීමට උපකාරී වේ.ක්ෂුද්‍ර ජීවී ජීවය, පසෙහි ඇති සීමිත ජල සැපයුම, පෝෂ්‍ය පදාර්ථ හා භූ රසායන විද්‍යාව හා සම්බන්ධ පරීක්ෂණවලින් මේවා තහවුරු කර ගැනීමට අපේක්ෂිතය.

ඉඡ්ඊධ් ආයතනයේ අධ්‍යයන සම කර්තෘ ආචාර්ය නතාලි කබ්රෝල් පැවැසුවේ, “මෙම ප්‍රතිඵල මඟින් පෘථිවියේ අතිශය ආන්තික වාසස්ථානවල ක්ෂුද්‍ර ජීවී ජීවය පැල්ලම් ඇති බවට මූලික පාරිසරික රීතියක් සනාථ කරන අතර එමඟින් වෙනත් ග්‍රහලෝකවල අතීත හෝ වර්තමාන ජීවීන් ගැනද තොරතුරු සොයාගත හැකි බවට ඉඟි කරයි” ලෙසය.අඟහරු මත ජීවිතය සඳහා විද්‍යාඥයන් සතුව ඇති සාක්ෂි මොනවාද? වෙනත් ග්‍රහලෝකවල ජීවය සෙවීම් දශක ගණනාවක් තිස්සේ මිනිසාගේ සිත් ඇද බැඳ තබා ඇත. ඔවුන් පවසන්නේ රතු ග්‍රහයාගේ ජීවයක් තිබුණේ නම් එය බොහෝවිට පොසිලීකරණය කළ බැක්ටීරියා ලෙස පෙනී යනු ඇති අතර එය සොයා ගැනීමට නව ක්‍රමයක් යෝජනා කර ඇති බවයි. මෙතෙක් ජීවිතයේ වඩාත්ම පොරොන්දු වූ සංයුතීන් මෙන්න.

ජලය – අඟහරු ග්‍රහයා මත ජීවය සොයන විට ජලය ප්‍රධාන බව විශේෂඥයෝ එකඟ වෙති. පෘථිවිය දැන් පාෂාණමය හා ධ්‍රැවීය අයිස් තට්ටුවල සිරවී ඇති නිසරු වුවත් අතීතයේ අඟහරු මත ජලය තිබෙන්නට ඇත. වර්ෂ 2000දී විද්‍යාඥයන් විසින් අඟහරු ග්‍රහයා මත ජලය පවතින බවට සාක්ෂි සොයා ගන්නා ලදී.

උල්කාපාත – අඟහරු ග්‍රහයාගෙන් උල්කාපාත 34ක් පෘථිවියට වැදී ඇති අතර ඉන් තුනක් පෘථිවියේ අතීත ජීවීන් පිළිබඳ සාක්ෂි රැගෙන යා හැකි යැයි විශ්වාස කෙරේ. 1996දී විශේෂඥයන් ඇන්ටාක්ටිකාවේ ඒඹ්ඩ් 84001 නමින් හැඳින්වෙන උල්කාපාතයක් සොයා ගත් අතර එහි පොසිල, බැක්ටීරියා වැනි සංයුති අඩංගු විය. කෙසේ වෙතත් 2012දී විශේෂඥයන් නිගමනය කළේ මෙම කාබනික ද්‍රව්‍ය ජීවයේ මැදිහත්වීමකින් තොරව ගිනිකඳු ක්‍රියාකාරකම් මඟින් නිර්මාණය වී ඇති බවයි. පෘථිවියේ පළමු සමීප සම්බන්ධතා 1964 මැරිනර් 4 මෙහෙයුම විසින් ගනු ලැබීය. මෙම ආරම්භක රූපවලින් පෙනී ගියේ දේශගුණය තෙත් වූ විට ජීවයට නිවහනක් වූ විට අඟහරුට භූමි සැකැස්මක් ඇතිවිය හැකි බවයි. 1975දී පළමු වයිකිං යානය දියත් කරන ලද අතර එය අවිනිශ්චිත වුවද එය වෙනත් පර්යේෂකයන්ට මඟ පෑදීය.

බොහෝ රෝවර් යානා මඟින් එවූ තොරතුරු මත අඟහරු පෘෂ්ඨයට යටින් ජලය ඇති බවට සාක්ෂි සහ ඉඳහිට වර්ෂාපතනය පවා අනාවරණය වී තිබේ. මෙම වසර මුලදී නාසාගේ කියුරියෝසිටි රෝවරය පුරාණ අඟහරු වැවක ජීවමාන විභයවන් සොයා ගත්තේය. වසර බිලියන 3.5ක් පැරැණි ගේල් ආවාටයේ සංරක්ෂණය කර ඇති කාබනික අණු – ෆ්ලොරිඩාවේ ඔකෙකෝබිවිල තරම් විශාල නොගැඹුරු විලක් තිබෙන බවත් සිහිකරවයි. ඒ අනුව අඟහරුගේ එවකට පැවැති තත්ත්වයන් ජීවිතයට හිතකර විය හැකිය. අඟහරු ග්‍රහයා වෙත අනාගත පර්යේෂණ සැලසුම් කෙරෙන්නේ ඒවා වඩාත් හොඳින් පරීක්ෂා කිරීම සඳහා සාම්පල නැවත පෘථිවියට ගෙන ඒම සඳහාය.

මීතෙන් – 2018දී කියුරියෝසිටි විසින් අඟහරුගේ වායුගෝලයේ මීතේන්හි තියුණු සෘතුමය වැඩිවීමක්ද තහවුරු කරන ලදී. විශේෂඥයන් පැවැසුවේ මීතේන් නිරීක්ෂණය මඟින් වර්තමාන ජීවිතයට වඩාත් බලවත්ම අවස්ථාවක් ලබාදෙන බවයි.