Naifmvlog

Naifm vlog Gossip and News

රෝහලක් හදන්න කැටේ කඩා මුදල් දුන් අපූරු කතාවක්

රෝහලක් හදන්න තම කැටේ කඩා මුදල් පරිත්‍යාග කරලා


රුපියල රුපියල එකතු කර පුරවාගෙන තම කැටය කඩා රෝහලක් හදන්න මුදල් පරිත්‍යාග කළ පුංචි පුතකුගේ කතාවක් පසුගියදා ආණමඩුවෙන් වාර්තා විණි.
ආණමඩුව රෝහලට රජයෙන් ලබා දුන් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමකදී මේ සිදුවීම වාර්තා වීම විශේෂයි. තෙනුල ගීමිත නමැති පුංචි පුතු රුපියල් තුන්දහස් එකසියයකට ආසන්න මුදලක් ලබාදී ඇත්තේ තමන්ගේ කැටය කැඩීමෙන්.

මේ දරුවාගේ අනාගතය සඳහා ඔහුගේ මව විසින් රුපියල, රුපියල ඉතිරි කර එකතු කළ මේ මුදල ලක්ෂ දහයකට ආසන්න මුදලක් යොදා ප්‍රතිසංස්කරණය කළ මේ ගොඩනැඟිල්ලේ වියදම් සඳහා ලබාදීම රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ මෙන්ම පැමිණ සිටි කාගේත් පැසසුමට ලක්විණි.


ආණමඩුව මූලික රෝහල ඇතුළු පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි පුත්තලම, කල්පිටිය, මාරවිල යන රෝහල් සඳහා රුපියල් මිලියන පනස් පහක වියදමකින් වෛද්‍ය උපකරණ පිරිනැමීමක් පසුගිය 28දා පෙරවරුවේ දේශීය සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්නගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.