Naifmvlog

Naifm vlog Gossip and News

ජනප‍්‍රිය ගීත රැසක හිමිකරු වන ගේ‍්‍රෂන් ජයමහ

සුදු මීදුම පීදෙන තොටිල්ලේ… රන් යායේ රිදී නිම්නේ… කුසුම්ලතා රේණුලතා… ජනප‍්‍රිය ගීත ගණනාවක හිමිකරු… අවුරුදු හය හතක් එක රැයක්වත් ගෙදර නැතිව ප‍්‍රසංගවලට සහභාගි වුණා! ඔහුගේ ගීත වලට ඇති ජනතා කැමැත්තේ කිසිදු අඩුවක් අද ද දක්නට නොමැත. 90 දී මෙන්ම ඒ ගීත අදත් වේදිකාවේ, ගුවන්විදුලි නාලිකාවල, මෙන්ම රසිකයන් අතර ද ගැයෙන්නේ එම නිර්මාණවල ජනප‍්‍රියත්වය එකසේ රඳවා ගනිමින් සුදු මීදුම පීදෙන තොටිල්ලේ, රන් යායේ රිදී නිම්නේ, කුසුම්ලතා රේණුලතා වැනි අතිශය ජනප‍්‍රිය ගීත ගණනාවක හිමිකරු වන ඔහු ගේ‍්‍රෂන් ජයමහ. 1.අලූත් නිර්මාණයක් කළේ නැද්ද? මං අලූත් ගීතයක් පටිගත කළා. ”ඔබ නැති මට පාලූයි’’ කියන ගීතය. ප‍්‍රියන්ත නාවලගේ සංගීත අධ්‍යක්ෂණය කළේ. ගීතය පටිගත කළාට මං තාම ගීතය මිනිස්සු අතරට යන්න අවශ්‍ය කටයුතු කළේ නැහැ. ඉතිං ඉදිරි දවස් ටිකේ බලාපොරොත්තු වෙනවා ඒ වැඩකටයුතු කරන්න. ඒ නිසා මේ ටිකේ ටිකක් නිශ්ශබ්දව ඉන්නේ.

2.කොච්චර කාලෙකින්ද අලූත් ගීතයක් නිර්මාණය කළේ? ඇත්තටම කියනවා නං අවුරුදු දහයකට විතර පස්සේ මේ ගීතයක් කළේ. මං විදේශගතවෙලා හිටියනේ 2004 ඉඳලා. ඒ කාලේදී මං අලූත් නිර්මාණ කළේ නැහැ. ඊට පස්සේ 2010 තමයි ලංකාවට ආවේ. ඒ ආවට පස්සේ පහුගිය දවස්වල තමයි මේ ගීතය කළේ. 3.දැන් ගීත කීයක් විතර ගායනා කරලා තියෙනවද? ඔක්කොම ගත්තොත් ගීත හතළිහක් විතර ගායනා කරලා තියෙනවා. ජනප‍්‍රියත්වයට පත්වෙලා තියෙන්නේ ගීත දහයක් විතර. සුදු මීදුම පීදෙන තොටිල්ලේ, කුසුම් ලතා, මා හඬවලා, ඔබ ළඟ නැති මේ සසරේ ගීත, අම්මේ ඔබේ සෙවනේ වැනි ගීත දහයක් විතර ජනප‍්‍රියත්වයේ එහෙම ම තියෙනවා එදා වගේම.

4.ඔබ මුලින්ම ගීත ගායනා කරන්නේ 90 ට පෙරද? මුලින්ම 1989 තමයි මගේ ගීතයක් පටිගත කළේ. නමුත් 90 මුල් භාගයේ තමයි සුදු මීදුම කැසට් එක එළිදැක්වූවේ. ඒ කැසට් එකේ තමයි ඔය ගීත සියල්ලම අඩංගු වුණේ්. ගායකයෙක් වෙන ආසාව නං පාසැල් කාලේ ඉඳන් තිබුණා. පාසල් කාලයෙන් පස්සේ මං සංගීත කණ්ඩායම්වල ආධුනික ගායකයෙක් විදිහට ගීත ගායනා කළා. ඒ කාලේ ඉඳලම මං උත්සහ කළේ මගේම කියලා ගීතයක් පටිගත කරන්න. ඒක පුද්ගල ප‍්‍රසංග කළා. හුඟක් උත්සහ කරමින් ඉන්න යුගයක තමයි සුදු මීදුම පීදෙන තොටිල්ලේ ගීතය නිර්මාණය වුණේ්. මගේ එකම බලාපොරොත්තුව වුණේ මගේම කියලා ගීතයක් පටිගත කරලා ඒක ජනප‍්‍රියත්වය කරගන්න වැඩ කරන එක තමයි. 89 අග භාගයේ සියැක් ඒකෙ බේස් ගිටාර් වාදක රොනී තමයි මාව රූකාන්ත ගුණතිලක ළඟට එක්කං ගියේ. ඒ ගිහිල්ලා අපි සිංදුවක් කරමු කියලා තමයි අපි ගීතයක් පටිගත කළේ. ඒ ගීතයට මට උදව් කළේ මුදල් දුන්නේ මගේ යාලූවෙක්. කොනි පෙරේරා කියලා. එහෙම තමයි ඔය ගීතය කෙරුණේ්. සංගීතය සහ පද රූකාන්ත ගුණතිලක. මගේ පළවැනි ගීතය සුදු මීදුම.

5.එතකොට ප‍්‍රසංග ? ළවැනි ගීතය කළාට පස්සේ 89 දී මම සංගීත කණ්ඩායම්වල ගීතය ගායනා කරන නිසා සීදුවේ සංගීත ප‍්‍රසංගයකට මගේ යාලූවෙක්ගෙ මාර්ගයෙන් ගායනා කරන්න අවස්ථාව ලැබුණා. සන්ෂයින් සංගීත කණ්ඩායම තමයි සංගීතය සැපයුවේ. මං මගේ සුදු මීදුම ගීතය තමයි ගායනා කළේ ආධුනිකයෙක් විදිහට. ඒක වෙනස් ලස්සන ගීතයක් නිසා සංගීත කණ්ඩායම එයින් පස්සේ ප‍්‍රසංග පටන් ගනිද්දී එයාලා ඒ ගීතය ගායනා කළා. එහෙම එහෙම ගීත හුඟක් ජනප‍්‍රිය වුණා. ඊට ටික කාලෙකට පස්සේ තමයි නිෂ්පාදක කෙනෙක් මාව හොයාගෙන ඇවිත් සුදු මීදුම කැසට් එක කළේ. ඒ 90 දී.

6.කැසට් ඒකෙන් පස්සේ? ඊට පස්සේ සුදු මීදුම කැසට් එක කරලා මාසයක් යන්න කලින් මට අවබෝධ වුණා හැමතැනම කැසට් එක හොඳට අලෙවි වෙනවා, මිනිස්සු අතර ගීත ටික තියෙනවා කියලා. ගෙවල්වල, කඩවල්වල, බස්වල හැමතැනම මගේ ගීත ටික ඇහෙන්න ගත්ත. ඉතිං ඔහොම ඉන්නකොට දවසක් ෂෙල්ටන් මුතුනමගේ මාව හොයාගෙන ඇවිල්ලා සංගීත ප‍්‍රසංගයක් භාරදුන්නා වෙන්නප්පුවේ. මං ඒකට ගියා එදා ඒ ප‍්‍රසංගයේ සිංදු කියලා බැස්ස ගමන්ම ෂෙල්ටන් මුතුනමගේ කිව්වා ඩයරිය අරං ලියා ගන්න කියලා. ඩයරියක් තිබුණේ නෑ එතකොට මං ළඟ. මං ඩයරියක් පාවිච්චි කළේ නෑ. ඒ පාර කොලයක් අරං ලියා ගන්න කියලා තව සංගීත ප‍්‍රසංග දහයක් විතර ලියා ගන්න දුන්නා. එදා තමයි මුදල් හම්බවෙන ප‍්‍රසංගයකට ගියේ ඉස්සෙල්ලම. එදා බැක් කළෙත් සන්ෂයින්. රුපියල් හත්සිය පනහක් එදා මට හම්බුණා. පළවැනි ප‍්‍රසංගය නිසා මං ඒකෙන් රු. සීයක් කඳානේ පල්ලියට දැම්මා. ඉතුරු සල්ලි ගෙදරට වියදම් වුණා. මට ඒ කාලේ වාහනයක් එහෙම තිබුණේ් නෑ. ත‍්‍රීවීල් එකක ගියේ. එදා ඒ ප‍්‍රසංගය කළාට පස්සේ ෂෙල්ටන් මුතුනමගේ එදාම ප‍්‍රසංග ටිකක් දුන්නනේ. ඊටත් පස්සේ පහුවදා තව එකක් දුන්නා. පහුවදා තව එකක්. පහුවදා දෙකක්. ඔහොම ඔහොම වැලනොකැඞී ප‍්‍රසංග එන්න ගත්තා රට වටේම එක දිගට. මට මතකයි ඒ කාලේ එක රැුයට සංදර්ශන හත අටකට යනවා ඉතිං. පාන්දර එනවා. නිදාගන්න හම්බවෙන්නේ නෑ. උදේ පාන්දරම ගෙදරට ප‍්‍රසංගවලට ආරාධනා කරන්න සංවිධායකයෝ එනවා. ඒ වගේ කාලයක් තිබුණා ඉතිං 90 දී.

7.ඊට පස්සේ? පළවැනි ප‍්‍රසංගයට ත‍්‍රි වීල් එකක ගියාට මට මතකයි මාස දෙකක්වත් යන්න හම්බවුණේ් නෑ ප‍්‍රසංග විශාල ප‍්‍රමාණයකට සහභාගී වෙන්න මට ලැබුණා. ඒ නිසා ඉක්මනට වෑන් එකකුත් ගත්තා. ඒ පළවැනි ප‍්‍රසංගයත් එක්ක එක රැුයක්වත් ගෙදර ඉන්නේ නැතුව අවුරුදු හය හතක් එක දිගට ප‍්‍රසංගවලට සහභාගී වෙන්න සිදුවුණා. ජනප‍්‍රිය වෙද්දීත් මං විවාහකයි. පළවැනි ප‍්‍රසංගයට යනකන්ම මං විදේශ රැුකියා ඒජන්සියක සේවය කළා. ඒ රැුකියාව කරන ගමන් තමයි මං සංගීත කටයුතු කළේ. 88 මං විවාහ වුණේ්. දුව හම්බවුණා ඊට පස්සේ.. දුව හම්බවුන වෙලාවේ දුවගේ නමට අකුරු බලන්න ගිය වෙලාවේ ඒ වෙලාව බලපු කෙනා සඳහනක් කළා දුව හොඳ වෙලාවක ඉපදිලා තියෙන්නේ. මාසයක් යන්න කලින් මෙයාගේ පියා රටේ ගොඩක් ජනප‍්‍රිය වෙනවා කියලා. මං ඒක එච්චර හිතට ගත්තේ නෑ. නමුත් ඔහු ඒක තදින්ම කිව්වා ජනප‍්‍රිය වෙනවා, මුදල් ලැබෙනවා එහෙම කියලා. ඒ තමයි චාපා ජයමහ. ඉතිං දුව හම්බවෙලා හයමාසයක් යද්දී අර කියපු දේවල් ඒ විදිහටම සිද්ධ වුණා. සුදු මීදුම කැසට් එක කරලා ඒක ජනප‍්‍රිය වෙලා වාහන අරගෙන ඒවා සිද්ධ වුණා.

8.දැන් කෝ චාපා?  ඇය නර්තන ශිල්පිනියක්. සිරස ඩාන්සින් ස්ටාර් තුන්වන තැනට තේරුණේ ඇය. මේ වෙද්දී කලා කටයුතුවල නිරත වෙනවා. එයා රට පුරාම නර්තන පංති පවත්වනවා. වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී ඉන්නවා. ඒ එක්කම ඉන්දියාවේ වෙළෙඳ දැන්වීම් සඳහා ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක් සමග නර්තන අධ්‍යක්ෂණ කටයුතුවල නිරත වෙනවා. ගායකයෙක් විදිහට ඉතාම සාර්ථක ජීවිතයක් ගෙවන්න මට පුළුවන් වුණා. ගායකයෙක් විදිහට ජනප‍්‍රිය වුණාට පස්සේ තමයි මගේ ජීවිතේ සාර්ථක වුණේ්. ඒජන්සියක රැුකියාව කළත් ඉස්සර පළවැනි ප‍්‍රසංගයට යෑමත් එක්කම රැුකියාවෙන් ඉවත් වෙන්න සිදුවුණා ප‍්‍රසංග නිසා. රැුකියාවට යන්න වෙලාවක් තිබුණේ් නෑ. විදෙස් රටවල සංගීත ප‍්‍රසංගවලට එහෙමත් සහභාගී වෙන්න සිද්ධ වුණ නිසා. 9.ඔබේ රඟපෑමේ කටයුතු? ටෙලි නාට්‍ය දෙකක ප‍්‍රධාන චරිත රඟපෑවා. කප්රුක සෙවන ලක්ෂ්මන් පුෂ්පකුමාර ගේ අධ්‍යක්ෂණයක්. සෙව්වන්දි, ජයන්තදාස් පෙරේරාගේ අධ්‍යක්ෂණයක්. ඒ නාට්‍යවල මං ප‍්‍රධාන චරිත රඟපෑවා. හර්බට් රංජිත් පීරිස්ගේ වාඩිය ටෙලි නාට්‍යයේත් මං රඟපෑවා. සාර්ථක කලා ජීවිතයක් ගත කළා. ඇත්තටම සතුටුයි ඉතිං ගායන ජීවිතය ගැන වගේම කෙටි කාලීන වුණත් රංගන ජීවිතය ගැන. දැන් මගේ කලා ජීවිතයට වසර තිහක්. අද බොහොම සතුටින් ඉන්නවා ඉතිං. මං ආසාවෙන් කළේ. නමුත් ප‍්‍රසංග වැඩි වුණ නිසා ඒ කාලේ ෂූටින්ග් යන එක ලේසි වුණේ් නෑ මට. සංගීත ප‍්‍රසංග ඉවර කරලා උදේ පාන්දර ආයේ ෂූටින්ග් යන්නේ නිදිමතේ. දවල්ට ගියවෙලේ ඉඳන් ? වෙනකං රඟපාන්න තියෙනවා. ආයේ ඒක ඉවර කරපු ගමන් ප‍්‍රසංගවලට යනවා. නිදි මරල නිදි මරලා යනකොට මූණ ඉදිමිලා මට ඒක කරගන්න අමාරුයි. එයාලටත් අපහසුයි මගේ වැඩ එක්ක. නැතිනම් මම නිසා ඒ අයටත් අමාරුයි මටත් අමාරුයි. ඊට පස්සේ තව ටෙලි නාට්‍ය දෙකකට කතා කළා එක්කම ප‍්‍රධාන චරිතවලට. මං ඒක කරන්න ගත්තෙ නෑ. මං අර දෙකෙන් තීරණය කළා ආයේ කරන්නේ නෑ කියලා.

10.පවුලේ අනිත් අය? මගේ තාත්තා රියැදුරෙක් රිචඞ් අප්පුහාමි. අම්මා වයලට් ලැටීෂියා ඇය ගෘහනියක්. සහෝදරියක් සහ සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ අය කවුරුත් කලා කටයුතුවලට සමබන්ධ නැහැ. පුතා පසිඳු ජයමහ ඕස්ටේ‍්‍රලියාවේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. චාපා දුව බලාපොරොත්තුවෙන් ඉන්නවා අලූත් ගීතයක් පටිගත කරන්න. පුතත් අලූත් ගීතයක් පටිගත කළා. කලා කටයුතුවල බොහොම අවබෝධයෙන් නිරත වෙනවා ඒ අය. 11. සුන්දර 90 ගැන මොකද හිතෙන්නේ? සුන්දර 90 ඇත්තටම සුන්දරයි. රූකාන්තගේ නිර්මාණ අහන්න ලැබුණාම ඒ කාලේ සංගීතයේ ඇහිච්ච නැති නාද රූකාන්තගේ නිර්මාණ තුළිින් එළියට ආවා. ඒ නිසා තමයි 90 වෙනසක් දැනුණේ ගීතවල. වෙනසත් ජනප‍්‍රිය වෙන්න හේතුවක් වුණා. හඬවල්වලත් යම් දෙයක් තියෙන්න ඇති ඒ කාලෙත් එක්ක. අනික 90 දශකයේ ජනප‍්‍රිය වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. විවිධ ශෛලීන් සහිත විශාල පිරිසක් ඉන්නවා ජනප‍්‍රිය වුණා. අනික 90 දශකය තමයි සංගීත ප‍්‍රසංගවල වුණත් වෙනසක් වෙච්ච කාලේ. සංගීත ප‍්‍රසංගවලට ඇඳුම් විලාසිතාවල පවා අපි ඒ කාලේ වෙනසක් කළා. 90 දශකයේ තමයි අන්තිමටම මේ වෙනස්කම් සිද්ධ වුණේ්. ඉතිං 90 දශකය ඇත්තටම සුන්දර කියලා කියන්න පුළුවන්. රටෙත් හොඳ කාලයක් කියලා මට හිතෙනවා. මිනිස්සුන්ට ප‍්‍රශ්න අඩුයි. අතේ සල්ලි තිබුණා. ජීවන වියදම පවා හරි අඩු තැනක තිබුණේ. හැමදේම මිල අඩුයි. මේ මාර්තු මාසයේදී 90 දශකයේ ගායක ගායිකාවන්ගේ ප‍්‍රසංගයක් පැවැත්වෙනවා.

12.ඒ කාලේ ලැබුණු රසික ප‍්‍රතිචාර ? විශාල ලියුම් ප‍්‍රමාණයක් එනවා දවස ගානේ. මම පළවැනි ප‍්‍රසංගයට රු. හත්සිය පණහක් ගත්තා. හැබැයි සති දෙකක් යන්න කලින් ඒක රු. දාහ කළා. මාස දෙකක් යන්න කලින් ඒක රු. එක්දහස් පන්සීය කළා. එතකොට ඒ කාලේ හිටපු ගායක ගායිකාවන් හුඟක් දෙනෙක් රු. අටසිය පණහට තමයි සිංදු කිව්වේ. ඒ එක්කම මම එක්දාස් පන්සීය කළාම තමයි අනිත් අයටත් ඒ අවස්ථාව හදාගන්න පහසු වුණේ. රටේ හොඳ කාලයක් නිසා හැමදාම රටේ කොහේ හරි සංගීත ප‍්‍රසංගයක් පැවැත්වුණා. හැමදාම ප‍්‍රසංග හය හතක් තියෙනවම තමයි. ඒකත් එක්ක මං හරිම කාර්ය බහුල වුණා. හැමදාම දවල් එක වගේ වෙද්දී ගෙදරින් යනවා. ලිස්ට් එක කලින් අත්සන් කරලා කලින් ගීත ගයන්න අවස්ථාව හදා ගන්න ඕනනේ. නැත්නම් අනිත් ප‍්‍රසංගවලට යන්න වෙලාව මදි. හැමදාම එකක් දෙකක් මගහැරෙනවම තමයි. ඒ කාලේ හරියට ලියුම් ආවා. හැබැයි ඒ එක ලියුමක්වත් මට බලන්න බැරිවුණා. හැබැයි මගේ බිරිඳ තමයි ඒ හැමකෙනෙකුටම පිළිතුරු ලියලා යැව්වේ. 13. දැන් මොකද කරන්නේ? මං දැන් ප‍්‍රසංගවලට යන ඒකත් හුඟක් අඩු කරලා තියෙන්නේ. විශේෂයෙන් තෝරා ගත් ප‍්‍රසංගවලට විතරයි යන්නේ. මං මේ වෙද්දී මගේ ව්‍යාපාර දෙකක් කරගෙන යනවා. සෝලා කම්පනි එකක් අපි කරනවා. දරුවන් ගේ කලා කටයුතුවලට විශාල කැපකිරීමක් කරනවා. ඒ වගේම ඉදිරියේදී දුව ගේ ගීතයක් සහ මගේ ගීතයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ඒ යුගයේ මට උදව් කළා ඕගන් වාදන ශීල්පී රාජු ජයකොඩි. ප‍්‍රවීණ වාදක ඩයමන්ඞ් පෙරේරා, බේස් ගිටාර් වාදක රනිල් පීරිස් කොනි පෙරේරා ඒ වගේ කීප දෙනක්. ඔවුන් සිහිපත් කරන්න ඕන. මගේ සහෝදර ගායන ශිල්පීන් ඇතුළු හැමෝම සිහිපත් කරන්න ඕන. මම ප‍්‍රවීණයන්ටත් ගරු කරනවා. නවීනයන් එක්කත් සුහදව ඉන්නවා. කලා ජීවිතේට වසර තිස්පහ වගේ වෙනකොට ප‍්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා.