Naifmvlog

Naifm vlog Gossip and News

පඩියක්වත් නැතිවම නගරය සුරකින අපූරු පරිසර හිතකාමියා

මෙම පරිසරහිතාමි පුද්ගලයා නමින් ඩබ් එම් කරුණාරත්න (65) හිගුරක්ගොඩ බුබුල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

හිගුරක්ගොඩ නගරය පුරා තැන තැන විවිධ පුද්ගලයින් විසින් බාවිතා කිරිමෙන් පසු ඉවත දමන නොදිරන බෝතල් සහ ටින් වැටුපක් නොලබාම එකතු කරමින් සේවය කරන පරිසරහිතකාමි අපුරු මිනිසෙක් අපට දකින්නට ලැබුනා.

මෙම පරිසරහිතාමි පුද්ගලයා නමින් ඩබ් එම් කරුණාරත්න (65) හිගුරක්ගොඩ බුබුල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අලුයම පහට පමණ නගරයට පැමි‍ණෙන මොහු නගරපුරා තැන තැන පරිභොජනයෙන් පසු විසිකර දමා ඇති පලාස්ටික් බෝතල් සහ ටීන් එකතු කිරිම දෛනික කාර්‍ය‍යක් බවට පත් කරගෙන සිටිනවා.

ටින් සහ පලාස්ටික් බෝතල් නිසා නගරය අව ලස්සන වෙනවා පමණක් නොව ඩෙංගු මදුරුවාට වාසස්ථානයක් වන්නේ ද මෙම දෙවල් බව නොරහසක්.

මෙම කාර්‍ය සිදු කරන ඩබ් එම් කරුණාරත්න මහතා ඒ පිළිබද මෙසේ පවසා සිටියාය.

මම පාන්දර හතරට නැගිටලා පහ වෙනකොට ටවුමට එනවා. අවිත් විදී සියල්ලගේමත් සැම කානුවකමත් ඇති බීයර් ටීන් සහ පලාස්ටික් බෝතල් එකතු කරනවා.
හැබැයි කවුරු හරි හිතයි මං මේ එකතු කරන්නේ ජෝබ් එකකට කියලා. එහෙම නැ. මේ වර්ග දෙකම ගෝනියක් එකතු කලත් කිලෝ දෙකක් විතර තමයි තියෙන්නේ.
කිලෝ එකක් රුපියල් 100ක් වුනත් රුපියල් 200ක් ලැබෙයි. මං දවසකට නගරය පුරා කිලෝ මිටර් 5කට වඩා ඇවිදිනවා. එහෙම ඇවිදිලා රුපියල් 200ක් මොනවා කරන්න ද.
නෑ මාගේ එකම අරමුණ තමයි ඩෙංගු මදුරුවන් බෝ වෙන මෙවැනි දේ නගරයෙන් ඉවත් කරන එක. අනික නගරය හොදට පිරිසිදුවට තිබුණොත් ලස්සනයි.

මට තනියෙන් මේ වැඩේ කරන්න අමාරුයි තමයි. නමුත් එක රෑයක් එළි වෙනකොට හිගුරක්ගොඩ නගරයෙන් විතරක් බියර් ටින් ගොනියක් මම එකතු කරනවා. එවා
ගොඩක් අය බීලා විසි කරන්නේ කාණු වලට එතකොට කාණුවත් බ්ලොක් වෙනවා. මදුරුවොත් බෝ වෙනවා.

දුප්පත් ද පොසත් ද කියලා වැඩක් නැ. පරිසරය ආරක්ෂා කර ගන්න සියලු දෙනා ඉදිරිපත් වෙලා තමන්ට හැකි පමණ පරිසරිය ආරක්ෂා කරන්න කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා යැයි ඔහු පවසනවා.

ගස් කොළන් සතා සිවුපාවා විනාශ කරමින් පරිසරය විනාශ කරන සහ විනාශ කිරිමට අනුබල දෙන උගතුන් සිටින රටක , ඔක්සිජන් කන්න ද යැයි අසන මිනිසුන් ජිවත් වන රටක තමන්ට හැකි පමනින් පරිසරය ආරක්ෂා කර ගැනිමට කටයුතු කරන මෙවැනි මිනිසුන් අගේ කල යුතු බව ප්‍රදේශවාසීන් පවසනවා.