Naifmvlog

Naifm vlog Gossip and News

මැටි පිළිමයකට පෙම් බැඳි අපුරු මිනිසෙක්ගේ අපූරු පුවත.

පිග්මේලියන්, මූර්ති ශිල්පියෙකි. දිනක් ඔහු ඇත්දත් වලින් රූමත් ගැහැනියකගේ ප‍්‍රතිමාවක් නෙළුවේය. ඒ ප‍්‍රතිමාව කොතරම් සුන්දරදැයි කිවහොත් ඔහුම ඊට වශී වූයේය. පිග්මේලියන් තමන් අතින්ම තැනුණු ප‍්‍රතිමාව සමග පෙමින් බැඳුණේය. එතැන් පටන් ඔහුගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව වූයේ කවදා හෝ ඒ ඇත්දත් ප‍්‍රතිමාවට පණ ලැබී තමන් සමග විවාහ වනුු ඇතැයි යන්න පමණකි. ඔහුගේ මේ උමතුව දුටු දෙවියන් ඔහුගේ බලාපොරොත්තුව ඉටු කළේය. පිග්මේලියන් හා ප‍්‍රතිමා ගැහැනිය එතැන්පටන් සතුටින් ජීවත් වූහ. මේ බොහෝ දෙනකු දැනටමත් අසා තිබෙන්නට හැකි පුරාණ ග‍්‍රීක මිථ්‍යා කතාවකි.

ග‍්‍රීක මිථ්‍යා කතාවකම මිස හැබෑ ලෝකයේදී නම් කවදාවත් එවැනි දෙයක් වෙන්නේ නැතැයි ඕනෑම කෙනෙකුට සිතෙන්නට හැකිය. එහෙත් එවැන්නක් සැබෑ ලෝකයේදීද

සිදුවිණ. මේ දෙවැනි සිදුවීම 1930 දශකයේ ඇමරිකාවේ සිදුවූවකි.

ලෙස්ටර් ගාබා එවකට ඇමරිකාවේ උන් ප‍්‍රකට මූර්ති ශිල්පියෙකි.

ලෙස්ටර් ගාබා මිසූරියේ කුඩා නගරයක් වූ හැනිබල් හි දුප්පත් පවුලක උපන් අයෙකි. එහෙත් කවදා හෝ සැප සම්පතින් ආඪ්‍ය වූ ජීවිතයක් ලබා ගන්නට ඔහු සිහින මැව්වේය. ඒ සිහිනය සැබෑ කරගන්නට ඔහුට හැකියාවක්ද තිබිණ. ඒ සබන් වලින් මූර්ති නිර්මාණය කරන්නට ඔහුට තිබුණු විශේෂ හැකියාවයි. මේ හැකියාව මුලින්ම ඔහුව චිකාගෝවට රැුගෙන ගියේය. එහිදී ලැබූ ප‍්‍රසිද්ධියත් සාර්ථකත්වයත් නිසා 1932 වන විට නිව්යෝක් නගරයට යන්නට ඔහුට හැකි විය. ඔහුගේ අවධානය මෝස්තර ලෝකයේ පෙරමුණේම උන් රෙදිපිලි ආයතනයක ඉදිරිපස ප‍්‍රදර්ශන කවුළු වෙත යොමු වෙන්නේ එහිදීය.

අද හැම සාප්පුවක් ගාණේම අප මේ දකින ”ඩමි” හෙවත් සජීවී ප‍්‍රමාණයේ ප්ලාස්ටික් බෝනික්කන් එකල තිබුණේ නැත. ඇඳුම් පැලඳුම් ප‍්‍රදර්ශනය සඳහා එවකට යොදාගැනුණේ ඉටියෙන් තැනූ කාන්තා අනුරූ ය. ඒවායේ පෙනුම අස්වාභාවික වූ අතර, රස්නය සහිත කාලගුණයකදී මේ අනුරූ දියවී යෑමක්ද සිදුවිය.

මේ අනුරූ සැබෑම කාන්තාවන්ගේ රූපය ආශ‍්‍රිතව නිමවා එයට සජීවී ස්වරූපයක් ලබා දෙන්නටත්, වැඩි කල් පාවිච්චි කරන්නට හැකි ලෙස වැඩි දියුණු කරන්නටත් ලෙස්ටර් ගාබාට වුවමනා විය.

ඔහුගේ ප‍්‍රයත්නය සාර්ථක වෙන්නට පටන් ගත්තේය. සාර්ථක වූවා පමණක් නොව ඔහු රෙදිපිලි වෙළෙඳ ලෝකයේ දැවැන්ත වෙනසක්ද සිදුකළේය.

ඒ සුප‍්‍රකට නිරූපිකාවන්ගේ රුවෙහි අනුරූ නිර්මාණය කරමිනි.

ඒ අවස්ථාව ඔහුට ලැබුණේ ී්නි ත්‍සඓය ්ඩැබමැ වෙතින් ඔහුට නව ප‍්‍රදර්ශන අනුරූ කිහිපයක් සාදන්නට ඉල්ලීමක කළ විටය. ඔහුගේ සිතෙහි මේ නව අදහස ජනිත වූයේ එවිටය. එවකට නිව්යෝක් හි ප‍්‍රකට මෝස්තර නිරූපිකාවන් කුලී පදනම මත ලබාගත් ඔහු තම අලූත් නිර්මාණයන් වෙනුවෙන් පෙනී සිටින්නට ඔවුන් යොදාගත්තේය. ඔවුන්ගේ රුව ඇසුරින් ඔහු සජීවී ප‍්‍රමාණයටම මැටියෙන් ප‍්‍රතිමා නිර්මාණය කළේය. ඉන්පසු මේ මැටි ප‍්‍රථිමා අච්චුව වශයෙන් ගෙන එයින් ප්ලාස්ටර් ඔෆ් පැරිස් අනුරූ සාදාගත්තේය. මෙසේ හදාගත් කාන්තා අනුරූ වලට ඔහු නම තැබුවේ ”ගාබා ගර්ල්ස්” යනුවෙනි. ශරීරයේ ඇතැම් තැනක සිහින් රැුල්ලක්, පාදයේ ප‍්‍රමාණයේ සුළු වෙනසක් වැනි දෙයක් හැරෙන්නට ”ගාබා ගර්ල්ස්” ලාගේ කියන්නට කිසිදු අඩුපාඩුවක් තිබුණේ නැත.

මෙසේ ගාබාගේ නිර්මාණයන් වෙනුවෙන් පෙනී උන් මෝස්තර නිරූපිකාවන් අතර සින්තියා වෙල්ස් නම් යුවතියකද උන්නාය. ඇය සිහින්ය. උසය. ලා පීච් පැහැති ඇගේ සම බෙහෙවින්ම සුමුදුය පැහැපත්ය. සිහින් දිගැටි මූණත්, මඳක් උල් නාසයත් රන් පැහැ හිසකෙසුත් නිසා ඇගේ රුව බෙහෙවින්ම සුන්දර විය. මා මේ කියන්නට යන්නේ ලෙස්ටර් ගාබා ඇය සමග පෙමින් බැඳුණා කියා නම් නොවේ.

ගාබා වශී වූයේ සින්තියාගේ මැටි අනුරුවටය. කොතරම් වශී වූයේදැයි කිවහොත් ඔහු තමන් සන්තකයේ තබා ගන්නට එහි තවත් කොපියක්ද නිර්මාණය කරගත්තේය.

එතැන් පටන් ලෙස්ටර් ගාබා යන යන තැන ගියේ සින්තියාගේ අනුරුවත් සමගය. ඔහු එයට නම තැබුවේද සින්තියා යනුවෙන්මය. ඒ වන විට ඇමරිකාවේ ප‍්‍රකට ධනවතෙකුව උන් ගාබා, ඇමරිකානු සමාජයේ ඉහළ පෙළැන්තියේ සාද හා උත්සව අවස්ථා හැම එකකටම ආරාධනා ලැබුවේය. ඔහු ඒ හැම උත්සවයකටම සාදයකටම සහභාගි වූයේ මේ ”මැටි” සින්තියා සමගය. නිකන්මත් නොවේ. ඇයට කුමාරිකාවකට මෙන් ජයටම අන්දවාගෙනය.

n6 3අඩි පහයි අඟල් හයක් උස, රාත්තල් සියයයක් බර මේ බෝනික්කා නිව්යෝක්හි ධනවතුන්ගේ රාත‍්‍රී සමාජශාලාවන්හිද ජනප‍්‍රියතම චරිතයක් බවට පත්වූයේ මේ අයුරිනි. එපමණක් නොව හොලිවුඞ්හිද ඇය ජනප‍්‍රිය වූවාය. සැබෑ සින්තියාගේ රූපයට ඒ හැටි අවධානයක් යොමු නොවූවද, මේ මැටි සින්තියාගේ රුවට හොලිවුඞ් සිනමා සඟරා වලද මුල් පිටුවලම ඉඩ වෙන්විය.

මැටි සින්තියාගේ ජනප‍්‍රියතාව දිනෙන් දින වර්ධනය වෙන්නට විය. තමන්ගේ නිෂ්පාදන ප‍්‍රවර්ධනය කරගන්නට මේ සින්තියා යොදා ගන්නට වෙළෙඳ ආයතන අතර තරගයක් විය. ඒ අතර ”මැටි සින්තියා” ට මල් කලඹ, ඇඳුම්, සුවඳ විලවුන් ආදී තෑගි එවන ඇගේ රසිකයන්ද දහස් ගණන් විය. ඔවුන් ඇයට ඇඳුම්, සපත්තු, මල්, ආභරණ එව්වේ ගාබා සමග සාදයන්ට සහභාගි වන විට සැරසෙනු පිණිසය.

ඒ අතර ඇතැම් අය ගාබාගේ මේ උමතුව ගැන සිනාසුනහ. කෙසේ වෙතත් කල් යත්ම ගාබාට ”උමතුවෙන්” මිදී පියවි සිහියට එන්නට කාලය උදාවිය. දෙවන ලෝක යුද්ධය එළඹිණ. ගාබාටද හමුදාවට බැඳී තම රට වෙනුවෙන් සතුරන් සමග සටන් කරන්නට යන්නට සිදුවිය.

යුද්ධයට යන්නට පෙර තම බිරිඳගේ ආරක්ෂාව ගැන කටයතු සලස්වන ආදරණීය සැමියෙකු මෙන් ගාබාද යුද්ධයට ගියේ සින්තියාව ඔහුගේ මවගේ ආරක්ෂාවට භාර දෙමිනි. මිසූරි වල උන් තම මව වෙතට ඔහු සින්තියාව යැව්වේ ඇය වෙනුවෙන් කළ යුතු දේ ගැන දැඩි නීති රීති සමූහයක්ද සමගින්මය. ඇයට සැබෑ තරුවකට මෙන් සැලකිය යුතුය. සතියකට වතාවක්වත් රූපලාවන්‍ය සත්කාර සඳහා ඇයව නගරයේ ඇති හොඳම රූපලාවන්‍යාගාරය වෙත ගෙන යා යුතුය. වරින් වර ඇගේ හිසකෙස් සෝදා හැඩ ගැන්විය යුතුය. මේ සියලූ දේ සඳහා ගාබා වෙනමම මුදල් වෙන්කොට තිබිණ.

ඔහු යුද්ධයට ගිය පසුව, මෙසේ සින්තියාව රූපලාවන්‍යාගාරයට ගෙන ගිය ගමනකදී, රූපලාවන්‍ය සත්කාර කරමින් සිටියදී ඇය පුටුවෙන් බිමට පෙරැුළී ගියාය. එතැනදී සින්තියා කැබලි වලට කැඞී ගියාය.

මෙය සැලවූ පසුව ගාබා තවත් සින්තියා කෙනෙකු නිර්මාණය කළේය. එවර සින්තියාට පටිගත කළ වචන දෙක තුනක් කතා කරන්නටත් හැකියාව තිබිණ. මේ සින්තියාව රූපවාහිනි වැඩසටහනකට ගෙන එන්නට ගාබා උත්සාහ කළද, ඒ වන විට පේ‍්‍රක්ෂක ජනතාවට සින්තියා ගැන තිබුණු උනන්දුව නැතිව ගොස් තිබිණ.

දැන් මේ සින්තියා කොහේ සිටිනවාදැයි හරියටම කියන්නට දන්නා කෙනෙකු නැත. ඇය නැගෙනහිර පළාතේ සිටිනා ගාබාගේ මිතුරෙකුගේ නිවසේ අඳුරු ගබඩා කාමරයක, දුහුවිලි එකතු කරමින් සිටිනවා වෙන්නට ඇතැයි සමහරු කියති.