Naifmvlog

Naifm vlog Gossip and News

රූස්ස ගන වනාන්තරේ මල් පුබුදන කතන්දරේ

1838 අවුරුද්දේ ඉපදුණු කිසිම කෙනෙක් මේ ලිපිය කියවන්න අද ඉතිරි වෙලා නැහැනේ. ඒත් ඒ අවුරුද්දේ ඒ කාලේ රට පාලනය කළ අධිරාජ්‍යවාදීන් අපේ රටේ මහිමයක් ළඟ තබා ගැනීම, විකිණීම, වැවීම, භාවිතය, ප්‍රවාහනය සහමුලින්ම අහිමි කරමින් අණ පනත් සකසලා මේ රටේ උන්නතිය වනසන තීරණයක් ක්‍රියාවේ යෙදෙව්වා. ඒ තමයි කං!සා තහනම. එච්චර තද නීති රීති දාලා වනසලා නැති කරලා මේ රටේ යහපත කණපිට හැරෙව්ව ඒ ශාකය තවමත් කොහොමද සියවසකට පස්සෙත් මල් පූදින්නේ. අන්න ඒ අසීරු අවදානම් අනීතිගත ගසේ මල් පිබිදෙන අසිරිමත් සත්‍ය කතාව අද අපි සත්‍යග්‍රහණයෙන් දැන ගමු. ඒකට ඒ වගේ තැනකට අපි යන්න ඕනේ. එනවද යන්න ඔබ මාත් එක්ක මහ රූස්ස වනාන්තරයක රැයක් ගෙවන්න. එතැන තමයි මේ කතාව විකසිත වෙන්නේ. ඉතින් දැන් රෑ වෙලා. ගිනි මැළේ ළඟ අපි ඇන තියාගෙන ඉද්දී බිං බස්සෝ දෙන්නෙක් හූම් හූම් ගානවා ළඟම ගහක අත්තක ඉඳලා…

කොහෙන්ද ඔය ඇට ගන්නේ මාමා. ගන්න තියෙනවා රහසේ මිනිස්සු ළඟ. ඒ අය ඒවා ඊට ඉස්සර අස්වැන්නෙන් ගත්ත ඒවා. කීයක් වෙනවද ඇට. ඇට තියෙන්නේ හිස් ගල් බෝතල්වල දාලා. එයින් ඇට පිරෙව්ව බෝතලයක් රුපියල් හත්දාහක් අට දාහක් විතර වෙනවා. ඇට කොච්චර තියෙනවද ඒ බෝතලේ. දහ පහළොස් දාහක් තියෙනවා. එයින් භාගයක්ම වගේ වතුර උඩ පා වෙනවා. ඒවා වැඩක් නෑ. ඒවා අයින් කරලා අනෙක් ටික තමයි තවාන් දාන්න ගන්නේ. එ් ඇට හොඳ ඇට. එතකොට අර අයින් කරන ඇට. ඒවා කුඩු කරලා මස්වලට එහෙම දානවා. තව ඉතින් ඔතලා බොනවා. බෙහෙත් හදන වෙද මහත්තුරුන්ට නිකම් වගේ දෙනවා. ඒ ඇට බොල්. ඒ වුණාට මත් ගතිය තියෙනවා. ඇත්තම කිව්වොත් මත් ගතිය නෙවෙයි. වැඩ කරන්න පුළුවන්කම…

ඒ ගාණ විතරද වෙන්නේ ඇට බෝතලයක්. නෑ. නෑ. වෙනස් වෙනවා. හයදාහටත් තියෙන කාල තියෙනවා. මං ගත්තේ මේ කන්නෙට ඇට බෝතලේ දහතුන් දාහකට. හොඳ ඇට. යායම වවන්න ඇති. ගාණ වෙනස් වෙන්නේ ඇටවල හොඳ නරක අනුව. හොඳ ඇට මොන වගේද මාමා. තද දුඹුරු පාටයි. බත් ඇට වගේ පිම්බිලා තියෙන්නේ. කොත්තමල්ලි ඇටයක් තරම්. ඇතුළේ පොඩි ඔයිල් ගතියක් තියෙනවා. පිට පොත්තත් ගනකම්. වතුරේ දැම්මාම යට යනවා. දවසෙන් මුල් අදිනවා. තවාන් කරලා දවස් දෙකෙන් පියලි එනවා. පොඩි ළමයි වගේ තමයි. හැදෙන්න පටන් ගත්තාම ඉබේම නැඟිටිනවා. ඇට බෝතලයක් කොච්චර ඉඩම් ප්‍රමාණයකට දාන්න පුළුන්ද. අක්කරයක විතර. දාන විදිය අනුව තමයි. සමහරු ළඟ ළඟ දානවා. තව අය අෑතින් අෑතින් දානවා. කොහොම කළත් වතුර දාන්න ඕනෙනේ. ඒ නිසා දැන් නම් කරන්නේ ළඟ ළඟ දාන එකයි. එහෙම නැතිව අෑතින් අෑතින් දැම්මාම අහුවෙන ප්‍රමාණයත් වැඩියි…

රසට රසේ කතාව ගලාගෙන ගියාට මාව මෙහෙට එක්කන් ආව හිතවතා හිටියේ ටිකක් බයෙන් වගේ. ඇත්තම කිව්වොත් මාත් හිටියේ එහෙම. මෙහෙම තැනකට එන්න රජයෙන් අවසර නෑ වගේම මේ තහනම් ගොවිතැන කරන ගොවි මහත්වරුන්ගෙනුත් ඊට අවසර නෑ. ඒත් ඉතින් දෙයක් දැනගන්න ඒ තැනකටම ගිහින් ඒ අය එක්කම කදේ ගහලා, ඒ අයගේ දිවි සැරියේ දවසක් ගෙවන්න බැරි අය පණ පිහිටලා බොරු කියද්දී ඇත්තම මේ මිනිස්සු කවුද. අහුවෙන ප්‍රමාණය කිව්වේ. ඇයි දැන් උඩින් ඇවිල්ලා බලනවානේ. එතකොට පාත ගොවිතැන හරි කැලෑ කුට්ටියක කං!සා වගාවක් කරලා තිබුණොත් පේනවනේ. ඒ නිසා කරන්නේ ගස් අස්සෙන් දාන එකයි. දැන් තියෙන ඇට හොඳ නැද්ද.. හොඳ නැත්තේ නෑ. ඇට බාල වෙලා නෙවෙයි. පොළෝ කුට්ටිය අනුවනේ ඇට හොඳ වෙන්නේ. වෙන මොනවත් ඕනේ නෑ. අවුරුදු සීයකට වැඩියිනේ කං!සා තහනම් කරලා. ඒත් ඔය තවමත් තියෙන්නේ ඇට. එතකොට තව හිතන්න මේ රටේ අනෙක් බීජ, වී, මුං, කව්පි, එළවළු ජාති පවා අද ඒවායේ මුල් බීජවලින් බිත්තර අරගෙන වවන්න බෑනේ. ඒ වුණාට කං!සා එහෙම නෑ. තවමත් ඒ කාලේ බීජමයි අරන් වවන්න ගන්නේ. අවුරුදු දාස් ගාණක් තිස්සේ අපේ රටේ තිබුණු ගහක්නේ කං!සා…

ඒකද මාමා කං!සා වවන්නේ. ඒකත් එක හේතුවක් තමයි. පොඩි ගතියක් තියෙනවානේ, තහනම් වැඩක් කරද්දී. අපි හරි මේක රැකගන්නේ නැත්නම් අපේ රටෙන් මේ ගහ තුරන් වෙලා යන්න තිබුණේ නැතිද. ඔව්. ඔව්. මොකක්ද ගතියක් තියෙනවා කිව්වේ. ඇයි ඉතින් අපිට නගරවල මිනිස්සු වගේ මහ ලොකු අරමුණු නෑනේ. ඉන්නේ කැලේ. අඳින්නේ සරම. කන්නේ තලප, කුරහන්, රතු හාල්, වැව් මාළු, දඩ මස්. ඉතින් මේ මහ වනේ ගහක් දිහා බලාගෙන හිටියත් හොඳටම සනීපයි. කොච්චර නම් කුරුල්ලෝ, සත්තු පරිසරයේ අපිත් එක්ක ගනුදෙනු කරනවද. ඒ කියන්නේ උන්ගෙන් හානි වෙන්නේ නැතිද. අලියා වුණත් කං!සා ගහට වැඩි කැමැත්තක් නෑ. දලු කාලෙදි තමයි පොඩ්ඩක් හරි හොඬ ගහන්නේ. මගේ හිතේ උන්ට කං!සා කෑවම අමාරු ඇති සද්දන්ත ශරීරේ ආම්බාන් කර ගන්න. ඒ නිසා උන් කන්නේ නැහැ. අනෙක් සත්තු කියන්නේ වල් උෟරා, දසමුලයා, මොදරා උන්ගෙනුත් පොඩි පොඩි වගා හානි තියෙනවා. ඒ වුණට අපි වවන්නේ උන්ටත් එක්කයි…

මොකාද දසමුලයා කියන්නේ. ඉත්තෑවා. මොදරා කියන්නේ. මොනරාට. උනුත් එනවා. ගිරව් එනවා. හදිස්සියේ හරි අපි කොහෙට හරි වහන් වුණොත් දලු, කොළ, ඇට, මල් කනවා. වඳුරොත් කනවද. රිළව්, වඳුරෝ දෙගොල්ලොම කනවා. කාලා ගස්වල ඔහේ වැටිලා නිදා ගන්නවා. අපි අනන්තවත් එහෙම උන්ව දැකලා තියෙනවා. වඳුරාට වඩා රිළවා නීචයි. ගස් පිටින් උදුරලා දානවා උන්.. කතාව ගලාගෙන යද්දී ගිනි මැළේ මහත්් කරන්නත් ඕනේ. මැසි මදුරුවෝ කිසිත් නැති මේ මහ වනේ හක්කලන් කරන අයිතිකාරයෝ දෙතුන් දෙනෙක්ගේ කුංචනාදේ දෙපැත්තකින් දැන් ඇහුණා. කාලය තරුත් එක්ක අපිව අතීතයටම ගෙන ගියා. ගිනි මැළේ නැඟෙන ගිනි දැල් අතරින් සිහින් දුමාරයක් අහසට ඇදිලා ගියා. ඉන්න හෙට වෙනකම් කං!සා ගහේ කතාව ඔබට, මට වඩා රස වෙයි…