Naifmvlog

Naifm vlog Gossip and News

කඳු මුදුණේ පැතිරුන ගින්න නිවන්න ගිය අපේ බෙල් 212

හැටන් සිංගිමලේ රක්ෂිතයේ නැගෙනහිර මායිමේ කඳු මුදුණේ හටගත් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සහය ලබාගත් බව හැටන් පොලිසිය පැවසිය.

(01)දින පස්වරු 1 ට පමණ රක්ෂිතයේ කඳු මුදුණේ ගින්නක් හටගෙන තිබු අතර, ගින්න පැතිර ගිය ස්ථානයට කිසිවෙකුටත් ළගා විමට නොහැකි නිසා ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය ලබා ගැණින.

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය කාසල්රි ජලාශයෙන් සිව්වතාවක් ජලය රැගෙනවිත් සිංගිමලේ කදු මුදුණට ඉහල ගුවනේ සිට ගින්න පැතිර යන ස්ථානයට ජලය ඉස පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට සමත්වින.

ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 10 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි තිබුණි..

තවදුරටත් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින වියළි කාලගුණයත් සමග රක්ෂිත වලට ගිනි තැබිම් බහුල වි ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.