Naifmvlog

Naifm vlog Gossip and News

කො-රෝනා වැලදුනු පලමු ශ‍්‍රී ලංකිකයා හමුවේ

ලොව පුරා වේගයෙන් පැතිරී යන කො-රෝනා වෛරසය මුල් වරට ශ‍්‍රී ලාංකිකයෙකුට වැලදී තිබේ. ඔහු ඉතාලියේ සේවය කරන ශ‍්‍රී ලංකාකියෙකු බව ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. මේ වනවිට ආසියාවෙන් පිටත කො-රෝනා වෛරසය ඒ වේගයෙන්ම ව්‍යාප්ත වන රට බවට ඉතාලිය පත් වී තිබේ. ඉදිරි අවුරුදු නිවාඩුව සඳහා මෙරටට පැමිණෙන ඉතාලියේ සහ කොරියාවේ සිටින ‍ශ‍්‍රී ලාංකිකයන් නිරෝධායන කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා රජය විසින් මේ වනවිටත් සූදානම් කර ඇත. එසේම කො-රෝනා වෛරස රෝගයෙන් ඉතාලි ජාතිකයින් දෙදෙනකු මියයෑමත් සමඟ ආසාදන තවදුරටත් ඉහළයෑම නැවැත්වීම සඳහා බලධාරීන් දැඩි පියවර අනුගමනය කරමින් සිටින බව වාර්තා වේ. නගර 12 කට සංචාරක සීමා පනවා ඇති අතර අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ පවසා ඇත්තේ උතුරේ බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවට එම ප්‍රදේශ වලින් බැහැර නොයන ලෙසයි.

පාසල් සහ කඩ සාප්පු වසා දමා ඇති අතර ආසාදිතයින් බහුලව හමු වූ ස්ථාන වලට ඇතුල්වන්නන්ට හා පිටවන්නන්ට විශේෂ අවසර ලබා ගතයුතු බව දැනුම් දී තිබේ. වෙනෙටෝහි 78 හැවිරිදි පුද්ගලයෙකු මියයෑමෙන් දිනකට පසුව 77 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර ඇය උතුරු දිග ලොම්බාඩ්හි කුඩා නගරයක් වන කොඩොග්නෝහි පදිංචිකාරියකි. මේ වනවිට වෛරස ආසාදිතයන් 79 දෙනෙකු ඉතාලියෙන් හමුවී තිබේ. මිලාන් හා රෝම නගර වලින්ද රෝගීන් හමුවීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස භීතියට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. උතුරු ඉතාලියේ සැණකෙළි, සැමරුම්, ක්‍රීඩා ඉසව් වැනි පොදු ක්‍රියාකාරකම් තහනම් කර ඇති අතර 50,000 ක පමණ පිරිසක් හුදකලා කර ඇත.