Naifmvlog

Naifm vlog Gossip and News

ලෙඩ ගොඩකට මූලික වූ පල­තුරු යුෂ.

සමේ පැහැය වැඩි කර­ගන්න නීරෝ­ගිව ඉන්න සිතා­ගෙන අද වන ­විට බොහෝ දෙනෙක් පල­තුරු යුෂ බොන්න පුරුදු වෙලා ඉන්නවා.පල­තුරු සිරු­රට ඉතා­මත් හොඳ දෙයක් වුණත් මෙය යුෂ බවට පත්වෙද්දි ස්වාභා­වික පල­තුරු ගෙඩියේ ගුණය එහෙම පිටින්ම නැතුව යනවා.ඒ පල­තුරු යුෂ සඳහා අධික සීනි – අයිස් ක්‍රීම් – සිරප් වර්ග දමන නිසා. තව ලුණු ද දමන යුෂ තිබෙ­නවා.
ඉතිං නිතර නිතර ඔබ පල­තුරු යුෂ බොන කෙනෙක් නම් නීරෝ­ගිකම කෙසේ වෙතත් හිතා­ගන්න බැරි ලෙඩ රෝග රැස­කට පත්වීම නම් වළ­ක්වන්න බැහැ.ඒනිසා පලතුරු කැබලි කෑමට පුරුදු වන්න.ඇපල් ඔබේ ප්‍රිය­තම පල­තුර නම් මේ ඔබ වෙනු­වෙ­න්මයි.ඔබ මහා කැමැ­ත්තෙන් මිලදී ගෙන හරිම ආසා­වෙන් රස විඳින ලස්ස­නම ලස්සන ඇපල් ගෙඩිය ගැන මොන­වද මෙච්චර කල් දැන­ගෙන උන්නේ කියලා මේ විස්ත­රය කිය­ව­පු­හාම ඔබට සිතෙයි.

ඇත්ත­ටම ඔබ සිතන්නේ ලොව ඇති හොඳම – රස­වත්ම – ගුණ­වත්ම පල­තුර ඇපල් කියලා නේද ? දරු­වන්ට හරිම ආද­ර­යෙන් නේද ඔබ ඇපල් ගෙඩි­යක් අරන් දෙන්නෙ.රෝගීව ඉන්න වැඩි­හි­ටි­යෙක්ව බලන්න ඔබ යන්නෙ ඇපල් – මිදි එහෙම අරන් නේද? කොටින්ම රුව රැක­ගන්න, නීරෝගී බව ආරක්ෂා කර­ගන්න ඔබ ඇපල් – මිදි නිතර ආහා­ර­යට අර­ග­න්නවා නේද .ඇපල් පිට­රට සිට ලංකා­වට එන්න මාස හයක් හතක් අවු­රු­ද්ද­කට කිට්ටු කාල­යක් ගත වෙනවා. නරක් නොවී ගේන්න ඇපල්වලට කල් තබා ගැනීමේ රසා­ය­නික දේවල් ඉසීම සිදු කර­නවා. මේවා ශරී­ර­යට හරිම විෂ බවයි වෛද්‍ය­වරු පව­සන්නෙ. ඇප­ල්ව­ලට DPA හෙවත් ඩයි­පි­නෙ­ල­ම­යින් නැමැති සංයෝ­ගය යොද­නවා.මේ DPA මඟින් උග්‍ර පිළිකා කාර­ක­යක් වන නයි­ට්‍රො­ස­ම­යින් යන සංයෝ­ගය සැදෙන අතර හරිම භයා­නක තත්ත්ව­යක් බවයි වැඩි­දු­ර­ටත් වෛද්‍ය­වරු පව­සන්නේ. ලංකාවේ ඇපල් කල් තබා ගන්න ෆෝම­ලින් ද්‍රාව­ණ­වල ගිල්වා ගන්නවා. ෆෝම­ලින්වලින් ෆෝමැල්ඩි­හියිඩ් නම් උග්‍ර පිළිකා කාර­කය ඇති­ව­නවා.ඇපල් මත විවිධ වැක්ස් ආලේප කරන්නේත් ස්ප්‍රේ කරන්නේත් කල් තබා ගන්න. ඇත්තටම අපිට ඇපල් කනවාටත් වඩා අපේ රටේ හැදෙන පේර- වෙරළු-නෙල්ලි-අලිගැටපේර වැනි පලතුරු කෑමට ගැනීම සෑම අතින්ම ගුණදායකයි.

ඉදල සහ කොස්ස ගෙදර අය­ට­වත් පේන්න තබන්න එපා.එහෙම කියන්නෙ හේතු­වක් ඇතු­වයි. බොහෝ දෙනෙක් කියන දෙයක් ‘ඉව­ර­යක් නෑ තියන කර­දර‘ කියලා. කොච්චර හම්බ කළත් ගෙද­රට ගෙනා­වත් හේදි­ලාම යනවා. සත පහක ඉතු­රු­වක් නෑ කියලා.ලෙඩ දුක් නිසා ගෙද­රම මූසල වෙලා කියලා. ඉතිං ඔබ යනවා දේවාල ගානේ. හඳ­හන බලන තැන්ව­ලට. සහ­න­යක් ලැබෙ­න­වද ? ඒක අපි දන්නෙ නෑ. හැබැයි ගෙදර ඔබට කර­දර ඉව­ර­යක් නෑ.චීන ‍ෙෆංශු­යි ක්‍රමය අද වෙද්දි නිවැ­රැදි අනා­වැකි නිර­න්ත­ර­යෙන් ම පළ කර­නවා. ගෙද­ර­කට හූනි­යම උදේ ඉඳන් රෑ වෙන­කම් ගේ දොර මිදුල අතු පතු ගාන එක බවත් විශේ­ෂ­යෙන් ඉදල හා කොස්ස නිතර ඇහැ­ගැ­ටෙන ලෙස ගෙදර තැබීම ඉල්ලන් කර­දර අර­ගැ­නීමක් බවත් පව­ස­නවා.අවශ්‍ය වෙලා­වට එළි­යට අරන් නොපෙ­නෙන තැනක මේ මෙව­ලම් දෙක තැබීම තමා හොඳම දේ.අත් සබන් දාලා සේදු­වාට කන පිඟාන අපි­රි­සිදු නම් ලෙඩ ගොඩයි.

කෑම කන්න පෙර ඔබ සබන් දමා හොඳට අත සෝද­නවා වෙන්න පුළු­වන්. එවිට ඔබ හිතන්නේ අත් පිරි­සි­දුයි විෂ බීජ ශරී­ර­යට දැන් යන්නේ නෑ කියලා.හැබැයි ඔබ නොද­න්නවා විය හැකි ඔබ ආහාර දමා ගන්නා පිඟන් කෝප්ප ඔ‍ෙබ් අත් මෙන් ම පිරි­සිදු කර ඇත්ද කියලා. නැත්නම් ඔබ නොයක් ආකා­රයේ ලෙඩ රෝග­ව­ලට ‍ගොදුරු­විය හැකියි.මුළු­තැ­න්ගෙයි උප­ක­ර­ණ­වල හූනෝ – කැර­පොත්තො – මීයො නිතර ලෙව කනවා. මල – මූත්‍ර කර­නවා. ඉතිං සේදුම් ද්‍රව්‍ය­යක් මඟින් කන බොන පිඟන් ආදිය නොසේ­දු­වොත් ඔබට රෝග රැසක් ඇති­විය හැකිය.මේ නිසා කෑම කන්න අත සෝද­නවා වගේම කෑම බෙදා­ගන්නා පිඟා­නත් ඒ මොහො­තේම සෝදා ගන්න. සපත්තුවලට විවේ­ක­යක් අව­ශ්‍යයිඔව්. ඒක එහෙ­මයි. එක දිගට එකම සපත්තු ජෝඩු­වක් පැල­ඳීම හොඳ නැති දෙයක් බවයි සපත්තු නිර්මා­ණය කරන විශේ­ෂ­ඥ­යන් පව­සන්නේ.එක දිග­ටම පැල­ඳීම නිසා සප­ත්තු­ව­ලට විය­ළීම සඳහා කාල­යක් නැතුව යනවා.ඒ නිසා සප­ත්තුවේ හැඩය ඉක්ම­නින්ම වෙනස් වෙනවා. අපේ කකු­ල්ව­ලින් පිට­වන දහ­ඩිය සප­ත්තුව මඟින් උරා ගන්නවා.මේ උරා­ගත් දහ­ඩිය විය­ළීම සඳහා කාල­යක් ලබා නොදු­න්නොත් එහි නැවීම් – ඉරි­තැ­ළීම් වැනි දේ ඇති වෙන්න පුළු­වන්. මේ නිසා ටික කාල­යක් යද්දි සපත්තු මුලින් තිබූ හැඩ­යට වඩා වෙනස් හැඩ­යක් ඇති වෙන්න පුළු­වන්.මාරු­වෙන් – මාරු­වට පල­ඳින්න ඔබ ළඟ සපත්තු ජෝඩු තුන­ක්වත් තබා­ගන්න. අද පල­ඳින සපත්තු දෙක හෙට පල­ඳින්න එපා. සපත්තුවල­ටත් විවේ­ක­යක් ඕනේ.එසේ නොවු­ණ­ හොත් ඔබ ආසා­වෙන් පල­ඳින ඔබේ සපත්තු ජෝඩුව ඉක්මනින්ම අබ­ලන් වෙන්නට බැරි නැහැ.

(විද්වත් දේශන හා විවිධ පොත්පත් ඇසු­රෙනි)