Naifmvlog

Naifm vlog Gossip and News

ඉතාලිය සහ දකුණු කොරියාවෙන් ඉතා ලොකු අනතුරක්

කෝවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වුවහොත් ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (03 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදීය.මෙරටට පැමිණෙන සියලුම මගීන් නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්ථාන ඉදිරියේදී ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීවේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේද කීය.‘‘නවතම අනතුරු තක්සේරුවට අනුව තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, ජපානය යන රටවලින් අපිට ලොකු අනතුරක් නැහැ. නමුත් දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය කියන රටවල්වලින් අපිට ලොකු අනතුරක් තියෙනවා. දකුණු කොරියාවේ මේ වනවිට රෝගීන් 4212 දෙනකු සිටිනවා.

ඉතාලියේ 1689 දෙනකු සහ ඉරානයේ 1000කට අධික සංඛ්‍යාවක් සිටිනවා. ඉතාලිය සහ දකුණු කොරියාව ගත්තාම හොඳ සෞඛ්‍ය පද්ධති තියෙන රටවල්. නමුත් ඉරානයේ යම්කිසි ආකාරයකට සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීමක් තියෙන බව පේනවා.බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පැමිණෙන මගීන්ගේ නිරෝධායන කටයුතු තවදුරටත් ශක්තිමත් කරලා තියෙනවා. ඒ වගේම දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් පෙබරවාරි 25 සිට 29 දක්වා දින පහක් තුළදී මෙරටට පැමිණි මගීන් සංඛ්‍යාව ගත්තාම 1145ක්. දකුණු කොරියාවෙන් 419 දෙනකු සහ ඉතාලියෙන් 726 දෙනකු වශයෙන්.මේ පැමිණෙන මගීන් නිරෝධායනය කිරීම පහසු කටයුත්තක් නෙවෙයි. හැබැයි කොතරම් අපහසු වුවත් අපි මේ ක්‍රියාවලියට යනවා.මේ සඳහා සියලු දෙනාම අපිට සහාය දැක්විය යුතුයි. ඒ වගේම කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වෙලා තියෙනවා.එම කාන්තාවට බරපතළ නැහැ. ඒ වගේම ඇයව ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේ නැහැ. මොකද ඇයට ඉතාලියේදී අවශ්‍ය ප්‍රතිකාර කරනවා.’’