Naifmvlog

Naifm vlog Gossip and News

ඩෙනිම ඔබට ලස්ස­නයි හැබැයි දැන­ගෙන අඳින්න

ඩෙනිම.. කාල­යක් පුරා කෙල්ලන්ගේ ජාතික ඇඳුම. හෝදන්න ඕනේත් නැති පට්ට ගහ ගහ අඳින්න පුරුදු වෙලා හිටපු මේ ඩෙනි­මත් පස්සේ සෑහෙන ලොකු විලා­සි­තා­වක් වුණා.. හැබැයි ඒ විලා­සිතා ඔහේ කර­න්නන් වාලේ කරන්නේ නැතිව දැන­ගෙන පිළි­වෙ­ළ­කට කළොත් මොකද…පෙන්සිල් කට් නොවන ඩෙනි­මක් ගත්තත් ඕක කපල කොටලා මහ­ගෙන පෙන්සිල් කට් එකක් කර­ග­න්න­වනේ. හිරට හිරේ ඕකට බහි­න්නේත් ෂොපින් කව­ර­වල පිහි­ටෙන්. මූණ ඇඹුල් කර­ගන්න දෙයක් නැහැ. ඕක තමයි වෙන්නේ. ඔච්චර හිරට ඇඳලා බලා­පො­රොත්තු වෙන්නේ ලස්ස­නට ඉන්න විත­ර­මද.. පොඩ්ඩක් සෙක්සි ලුක් එකක් ගන්න නැත්නම් අලුත් ලෝකේ තියන හැම­දේම කරන්න… එහෙම නේද… සම­හරු නම් අප­රාදේ කියන්න බැහැ රැල්ල­ටත් අඳි­නවා. ඉතින් මේ රැල්ලට අඳින අක්කලා, නංගිලා, ඇන්ටිලා වූණත් පොඩ්ඩක් ඔය දාගෙන ඉන්න පාට කන්නාඩි ගල­වලා ඇත්ත ලෝකේ දිහා බලන්න වෙන දෙයක් කිය­න්නයි ‍මේ හදන්නේ.දැන් ඔය ඩෙනිම ඇතුළේ කිටි කිටියේ හිර වේවි ඔබ දවසේ පැය කීයක් ගෙව­න­වද? උදේ ඉඳන් අඩුම පැය හත අටක් වත්.. ?ඔහොම හිරට හිරේ ඇඳන් ඉඳිද්දි කකුලේ මාංස පේශි අධික ලෙස තෙර‍පෙන බව ඔබ දැනන් හිටි­යද? ඊට පස්සේ ස්නායු තෙර­පෙ­නවා. දිගු කාලී­නව එහෙම ස්නායු තෙර­පී­ම්ව­ලට ලක් වෙන්න චුට්ට­ක්වත් හොඳ නැහැ. ඒකෙන් වෙන්නේ ඔබ රෝගී වීම. ඔබව අංශ භාග රෝගි­යකු කරන්න පවා ඒ හිර ‍ඩෙනිමට පුළු­වන්. මේවා කියන්නේ අපි නෙවෙයි, වෛද්‍ය­වරු. ලස්ස­නට ඉන්න ගිහින් ලෙඩෙක් වෙන්න ඕනෙද. ඔන්න හිතන එක ඔබට බාරයි.

ලෙගින් එකත් ඔය කලින් කිව්ව කාර­ණය එක්ක සිය­යට සියක් එක­ඟයි. මොකද ලෙගින් එක ඔබ අඳින්නේ කිටි කිටියේ හිර­වෙන්න නේ. ලෙගින් මුලින්ම නිර්මා­ණය වෙන්නේ සයි­ක්ලින් ෂෝට්ස් කියලා. සාක්කු මොකුත් නැති ඇඟට ඇලුණු මේ කලි­සම කපු රෙදි­ව­ලින් තමයි මුලින් මැහු‍වේ ක්‍රීඩාව වෙනු­වෙන්. පස්සේ කා‍ලෙක විලා­සි­තා­වක් වුණු ලෙගින්ස් බට­හිර රට­වල අඳින්නේ නම් සීත කාල­යට හම ආරක්ෂා කර­ගන්න. ඒ වුණාට අපේ ගෑනු ළමයි පට්ටේ­ටම ඉර පායන දව­ස්ව­ලත් අඳි­නවා. හරි ඒක කමක් නෑ කිය­මුකෝ.. ‍ලෙගින්ස් දැන් අපේ විලා­සි­තා­වක් ‍වෙලා ‍නේ. හැබැයි මෙන්න ‍මේ ‍දේ දැන­ගෙන ඉන්න!!!ලෙගින්ස් අඳි­නවා නම් ටොප් එක ටිකක් දිගට අඳින්න. ඒ තමයි විදිහ. ‍කොටට ඇඳලා කා‍ගෙත් හැඟීම් ඇවි­ස්සෙ­නවා කියන ‍දේ ඔ‍බට අයිති කාර­ණ­යක් ‍නොවුණත් ඔබ ගැන මුලින් හිතන්න. තමන්ගේ විලා­සි­තා­වල තමන්ට ගැලැ‍පෙන විදි­හට කරන්න.. දැන් ඕනම ඇඳුම් සාප්පු­වක දිගම දිග ටොප්ස් ඕනේ තරම් ති‍යෙනවා දැකල ඇති. අන්න ඒවා තියෙන්නේ මේ කියන ලෙගි­න්ස්ව­ලට.තව දෙයක්.. ලෙගින් එකේ තද සිප් එකක්, තද ඉණක් නැති නිසා ප්‍රෙග්නට් අයත් දැන් මේ ඇඳු­මට පුරුදු ‍වෙලා ඉන්නේ. හැබැයි මුල් මාස කීප­යේදී ඔබ අර ව‍ගේ ‍කොට ‍ටොප් එකක් එක්ක ලෙගින්ස් එක ඇන්දොත් ඔබ ඇත්ත­ටම ප්‍රෙග්නට් ද නැද්ද කියන එක හිතා­ගන්න බැරි මිනි­ස්සු‍ගෙන් ඔබට බස් එකේ ‍කෝච්චි‍යේ සිට් එක­ක්වත් ලැ‍බෙන එකක් නැති ‍වෙයි.

ඒ ව‍ගේම ටිකක් මහත කෙල්ලක් ලෙගින් එකක් ඇඳලා අර ව‍ගේ ‍කොට ‍ටොප් එකක් එ‍හෙම ඇඳන් ගි‍යොත් ඔබට මහා තර­හක් උප­ද­ව­මින් පොදු ප්‍රවා­හන සේවා­වල අසුන් ලැබෙ­න්නත් පුළු­වනි.අන්න ඒකයි කියන්නේ!! අපි නොහි­තන දේවල් ඇඳු­මට කරන්න පුළු­වනි. ලෙඩ කෝටි­යක් අරන් එන්න පුළු­වනි. කොච්චර සංවර හිතක් තියන කෙල්ලක් වුණත් ‍නොදැන ‍හෝ කරන විලා­සි­තාව නිසා අසං­වර පාටට දකින සමා­ජ­ය­කයි ඔබ ගැව‍සෙන්නේ කියන එක ඔළු‍වේ තියා ගන්න. ඒ නිසා… ට්‍රවු­සර් එක්ක පරි­ස්ස‍මෙන්!!!!