Naifmvlog

Naifm vlog Gossip and News

පාරිභෝගිකයන්ට විශේෂ ලීසිං සේවා පිරිනමයි

එල්. බී. ෆිනෑන්ස් සමාගම සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එක්වී පාරිභෝගිකයන්ට විශේෂ ලීසිං සේවා පිරිනමයිමෙරට මූල්‍ය සේවා ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන එල්.බී. ෆිනෑන්ස් සමාගම පසුගියදා සුප්‍රකට රථවාහන අලෙවි සමාගමක් වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට අස්සන් තැබීය. එම ගිවිසුම නිසා මින් ඉදිරියට පාරිභෝගිකයන්ට විශේෂ ලීසිං පැකේජ මෙන්ම සමාගම් දෙක වෙතින් වෙනත් විශේෂ ප්‍රතිලාභ හා දීමනා ද හිමිවනු ඇත.එල්.බී. ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් ආදිහෙට්ටි මහතා සහ ඉන්ද්‍රා සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ රුෂංක සිල්වා මහතා විසින් මෙම ගිවිසුමට අස්සන් තබන ලදී. එම අවස්ථාවට සමාගම් දෙක නියෝජනය කරමින් තවත් විශාල පිරිසක් එක්වූහ.මෙම හවුල්කාරීත්වය නිසා පාරිභෝගිකයන්ට සාමාන්‍යයෙන් ලීසිං සමඟින් වාහනයක් මිලදී ගැනීමේදී ලැබෙන සේවාවන්ට අමතරව තවත් විශේෂ වාසි රැසක් හිමිවනු ඇත. විශේෂයෙන්ම මෙහිදී සුවිශේෂී පොලී අනුපාත මෙන්ම පාරිභෝගිකයාගේ ආදායම අනුව සැකසූ ආපසු ගෙවීම් ක්‍රම සමඟින් ලීසිං සේවාවන් ලබාගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ.මෙහි තවත් විශේෂත්වයක් වන්නේ සාමාන්‍යයෙන් පවතින අවුරුදු 5 ලීසිං සීමාව ඉක්මවා ගොස් වසර 6ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් ලබාගැනීමට හැකියාව ලැබීමයි. මෙය හිමිවනුයේ එල්. බී. ෆිනෑන්ස් ලීසිං සමඟින් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙතින් රථවාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට පමණි. එමෙන්ම වාහන මාදිලි සඳහා අදාළ වන උපරිම සීමාවන් දක්වා ලීසිං පිරිනැමීමේදී වඩාත් නම්‍යශීලී වීමටද එල්. බී. ෆිනෑන්ස් සමාගම කටයුතු කරනු ඇත.

මීට අමතරව නොමිලේ ලියාපදිංචිය, වැඩ කුලිය රහිත සේවා වාර දෙකක් හිමි වීම සහ ඡ්දබඥපබචඪදථඥදබ ඉරඵබඥථ එකක් ඇතුළුව තවත් උපාංග කිහිපයක් නොමිලයේ සවිකිරීම අතුළු වාසි රැසක්ද පාරිභෝගිකයන් වෙත හිමිවේ.මෙම සුවිශේෂී ලීසිං පැකේජ දිවයින පුරා විසිරුණු එල්. බී. ෆිනෑන්ස් ජාලය වෙතින් ලබාගත හැකි අතර අවශ්‍ය අවස්ථාවකදී එම සමාගමේ නියෝජිතයන් ගනුදෙනුකරුවන් වෙතටම පැමිණ සේවාව ලබාදෙනු ඇත. ඒ නිසා මෙය වාහනයක් මිලදී ගැනීමට සිහින දකින ඕනෑම කෙනකුගේ ප්‍රමුඛතම තේරීමක් වනු නොඅනුමානය.
1971 වසරේදී ආරම්භ වූ එල්. බී. ෆිනෑන්ස් සමාගම මේ වන විට මෙරට ඉහළම පිළිගැනීමක් හා විශ්වාසයක් දිනූ සමාගමක් බවට පත්වී තිබේ. ශ්‍රී ලාංකිකයන්ගේ හදවතට සමීප වූ සමාගමක් ලෙස එය දිගින් දිගටම ජනතාවට සුවිශේෂී මූල්‍ය සේවාවන් සපයමින් සිටී. සමාජයේ සියලුමදෙනාට සාමකාමීව, සෞභාග්‍යවත් හා තිරසර ජීවිත ගතකිරීම සඳහා උපකාරී වන ජාත්‍යන්තර තලයේ ආර්ථික, පාරිසරික හා සමාජයීය පරිචයන් ක්‍රියාවට නැංවීම එල්. බී. ෆිනෑන්ස් සමාගමේ දීර්ඝකාලීන දැක්ම වේ. බැංකු නොවන මූල්‍ය ආයතන සම්බන්ධයෙන් ජ්ඪජබජඩ අචබඪදඨඵ ඹ්චදඬච සමාගම මඟින් සිදුකරනු ලබනු වාර්ෂික සමාලෝචනයේදී එල්. බී. ෆිනෑන්ස් සමාගම ‘ඒශේ්‍රණිය හිමිකර ගැනීමට සමත් වී ඇත.