Naifmvlog

Naifm vlog Gossip and News

බිලිඳු දරුවන් පාරේ දමා යන්න එපා

බිලිඳු දරුවන් මුල් කර ගෙන ගොඩ නැගුන විශ්වාස අතීතයේදී අපේ වැඩිහිටියන් අතර බහුලව තිබුනා. මේ විශ්වාස අත්දැකීම් සමග තවත් ශක්තිමත් වුනා. නව ජන්ම දරුවෙකුගේ අතේ වදකහ කෑලි කපල වළල්ලක් වගේ නූල් පොටක අමුණලා දරුවාගේ අතේ ගැට ගහනවා. මේ කහ සුවඳට දරුවාට වැදුනාම බඩේ අජීර්ණ වගේම වෙනත් ආබාධ ඇති වෙන්නේ නැතැයි වූ විශ්වාසයක් අපේ අම්මලාගේ තිබුණා. දෙමව්පියන් විසින් බිලිඳු දරුවන් මහමඟ දමා ගිය අවස්ථ‍ා රැසක් පසුගිය කාලය පුරාවටම අපට අසන්නට දකින්නට ලැබුනා. ඒ අනුව එම කරුණු සැළකිල්ලට ගනිමින් දරුවන් ප්‍රතික්ෂේප කිරීම සහ ඝාතනයට ලක් කිරීම වළක්වා ගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ වැඩපිලිවෙලක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.එහි මූලික යෝජනාව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකර ඇති අතර ඒ අනුව මව්වරුන් විසින් ප්‍රතික්ෂේප කරන දරුවන් දිවයිනේ ප්‍රධාන රෝහල්වල ස්ථාපිත කරන විශේෂ ළදරු ඒකකයක් හරහා රැකබලා ගැනීමට කටයුතු යොද‍ා තිබෙනවා.

ඉන් අනතුරුව ඔවුන් නිසි වයසට එළැඹුණු පසු පරිවාස භාරයට පත් කිරීම මෙමඟින් සිදුවන බවයි සඳහන් වන්නේ.මේ අතර පාසල්වල සිදුවන විවිධ අපයෝජන පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ‘‘පාසලෙන් – නීතියට’’ යන සංකල්පය යටතේ ලියුම් පෙට්ටියක් සෑම පාසලකම තැබීමටද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබෙනවා. එහිදී පාසල් දරුවන් මුහුණ දෙන විවිධ අපයෝජන පිළිබඳ සටහනක් ලියුම් පෙට්ටියට බහාලීමට හැකි අතර සතියකට වරක් එම ලිපි ලබාගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීම අධිකාරියේ බලාපොරොත්තුව වී තිබෙනවා.