Naifmvlog

Naifm vlog Gossip and News

ඉරාජ්ගේ රනිඳුගේ සිංදු රැප් කරපු විග්නේෂ්වරන්ගේ පුතන්ඩියා

ඔහු නමින් යෞවනන් විග්නේෂ්වරන්. ඇත්තටම යෞවනන් කියන්නේ කවුද ? මොහු මොනවාද කරන්නේ. මොහු ගේ පවුල් පරිසරය එහෙම කොහොමද ?ඔබ මේ චරිතය කවුද කියලා දැනගන්න නම් මේ කතාව කියවන්නම වෙනවා. මොහු මේ රටේ ජනප‍්‍රිය දේශපාලන චරිතයක ගේ පුතෙක්. හැබැයි මොහු සංගීතයට තමයි ලැදි. මේ ළඟකදී අලූත් වැඩක් එහෙමත් කළා.යෞවනන් විග්නේෂ්වරන්මගේ තාත්තා හිටපු නඩුකාරයෙක්. දැන් ඔහු වෘත්තියෙන් විශ‍්‍රාම ගොස් දේශපාලනයේ නිරත වෙනවා. මගේ අම්මා පුංචි කාලේම නැතිවුණා. මට අයියා කෙනෙක් ඉන්නවා. එයත් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයෙක් විදිහට සේවය කරනවා. මම සේවය කරන්නේ ෆොන්ටේරා කියන මල්ටිනැෂනල් ආයතනයේ.මම පාසල් අධ්‍යාපනය අවසන් කරලා ඉගෙන ගත්තේ තොරතුරු තාක්‍ෂණය. එකත් එක්කම සී.අයි.එම් හැදෑරුවා. අනික මම මෙතැනට යනවා කියලා නිසි අරමුණක් තිබුණේ නැහැ.

මම ඉපදුණේ කොළඹ. හැබැයි තාත්තා යාපනයේ විනිසුරුවරයෙක් විදිහට සේවය කරද්දී මමත් යාපනයේ අවුරුදු හතරක් විතර ජීවත්වුණා. අපේ මුළු පවුලම උතුරු පළාත්වලින් තමයි කොළඹට ඇවිත් ඉන්නේ. මම පාසල් ගියේ රෝයල් කෝලේජ් එකට. මගේ තාත්තා ගියේ රෝයල් කොලේජ් එකට. මගේ සීයත් ගියේ රොයල් කොලේජ් එකට.මගේ තාත්තා ගේ නම විග්නේෂ්වරන්. ඔහු උතුරේ හිටපු මහඇමැතිවරයා.තාත්තාගේ දේශපාලන දර්ශනය ගැන කතා කරන්න මම එච්චර කැමැති නැහැ. හැබැයි මට එකක් කියන්න පුළුවන් තාත්තා මේ රටට හරියට ආදරය කරන චරිතයක්. හැබැයි ඔහුගේ හොඳ මතය ඉස්සරහට යන්නේ නැහැ. ඒකෙන් කොටසක් තමයි මාධ්‍යයට යන්නේ.මමයි, ඉරාජ්, රනිදු සහ තිහාන් එකම පන්තියේ හිටියේ. අපි හොඳ යාළුවෝ. අපි ඒ කාලේ බෑන්ඞ් එකක් කළා. පාසැලේ තියෙන ටැලන්ට් ෂෝවලට එහෙම ගියා. අපි තමයි හිපොප් සින්දු පටන්ගත්තේ. 96,97 අවුරුදුවල තමයි අපි සංගීතය හොඳටම කළේ. ඒ කාලේ අපිට කවුරුවත් අවස්ථාව දෙන්නෙත් නැහැ. එහෙම අවස්ථාවන් ගන්නත් හරි අමාරුයි.

ඒ කාලේ අපි ගොඩක්ම කළේ කවර් සින්දු. අපි තමයි පළමුවැනි රැප්, හිපොප් බෑන්ඞ් එක හැදුවේ. ටීඑන්එල් ඔන් ස්ටේජ් කියලා රොක් බෑන්ඞ් තරගයක් තිබුණා. එතැනදී අපි තමයි රැප් බෑන්ඞ් එක විදිහට අවසන් මහා තරගයට තේරුණේ. අපි ඔක්කොම සිගස්ලා. ඉරාජ් තමයි මියුසික් කොම්පෝස් කළේ. ඒ කාලේ රනිදු වෙනම භාතිය එක්කත් සින්දු කියන්න ගියා. මායි ක‍්‍රිෂාන් මහේෂන් සහ ඔහුගේ අයියා සහ ගේ‍්‍රෂා සහ ඉරාජ් තමයි ඔය බෑන්ඞ් එකේ හිටියේ. ඒකේ එක සින්දුවක් තිබුණා රූට්ස් කියලා.ඉරාජ්ගේ පළවැනි ඇල්බම් එකේ පළවැනි සින්දුව තමයි ජේ ටවුන් ස්ටෝරි. ඒකේ මම තමයි වෝකල් රැප් එක කළේ. ඒක වෙනස්ම ගීතයක්. ලංකාවේ පළමුවෙන්ම ටැමිල්වලින් රැප් කළේ මායි ක‍්‍රිෂානුයි. දැන් නම් දක්‍ෂ රැප් ගායකයෝ ඉන්නවා. හැබැයි ඒ කාලේ සිංහලෙන් එච්චර රැප් කරන්නේ නැහැ. අපි ස්ටයිල්ස්වලට රැප් කරන්නේ නැහැ. ඇත්තටම රනිදු තමයි මට ටැමිල්වලින් රැප් කරන්න කියලා කිව්වේ.ඔබ හොඳ රැප් ගායකයෙක්. මම රැප් කෙනෙක්. ඇත්තටම මායි ක‍්‍රිෂානුයි තමයි ටැමිල්වලින් රැප් කරන්න පටන්ගත්තේ. ඒ කාලේ ඉරාජ් ගේ ගොඩක් සින්දුවල රැප් කොටස් තිබුණේ ඉංග‍්‍රීසිවලින් සහ ටැමිල්වලින්.

ජේ ටවුන් ස්ටෝරි, වන්නමින් බැන්ද ආලේ, මට අලෝකේ ගෙන දේවි, මට සිතන්න බැහැ, ආසයි මම පියාඹන්න ගීතයේ දමිළ ගීතයත් රැප් කළේ මම.ඇත්තටම විග්නේෂ්වරන්ගේ පුතා දක්‍ෂ රැප් කෙනෙක් ? සිනාසෙමින්… ඒක තාත්තත් එක්ක සම්බන්ධයක් නැහැ. අනික තාත්තා රැප් මියුසික්වලට එච්චර කැමැත්තක් නැහැ.මම රස්සාව කරන්න පටන්ගත්තට පස්සේ අවුරුදු හතක් අටක් විතර හිටියේ ඩුබායිවල. එතැනදී සංගීතයට සම්බන්ධවෙන්න හරි අමාරුයි. ඒකට කාලය වෙන්කරන්නත් අමාරුයි. ඒකලේ ඉරාජ් සහ සෙනාශ් කියලා එක්කෙනක් එක්ක වයි එෆ් එම් එකේ ගුවන්විදුලි වැඩසටහනකුත් කළා. ඉරාජ් තමයි මූලික වුණේ. මම රැප් කොටස තමයි කළේ. මේ සියල්ල නවත්වන්න සිද්ධවුණේ විදෙස්ගත වුණාට පස්සේ. නැවත ලංකාවට ආවට පස්සේ සංගීතයට වැඩි නැඹුරුවක් දැක්වූයේ නැහැ.ක‍්‍රිෂාන්ත් එක්ක එකතුවෙලා අලූත් වැඩක් කළා. ලංකාවේ ඉන්න ටැමිල් රැප් කට්ටියට තමයි ඒ වැඬේ කළේ. සිංහල මියුසික්වලට ගොඩක් ඉඩප‍්‍රස්ථාව තියෙනවා. ලොකු මාර්කට් එකක් තියෙනවා. හැබැයි ටැමිල් මියුසික්වලට දැන් එච්චර මාර්කට් එකක් නැහැ. දැන් ඉරාජ් වුණත් ටැමිල් රැප්වලින් මියුසික් කරන්නේ නැහැ. එයාට හොඳ අලූත් තරුණ රැප් කට්ටියත් ඇවිත් ඉන්නවා. අපි කළේ දමිළ රැපස්ලාට පොඩි පාලමක් හදලා දෙන එකයි.එච්චරිකෙයි කියලා ගීතයක් එළිදැක්වූවා. අවුරුදු දහයකට විතර පස්සේ තමයි මම ඒ ගීතයට සම්බන්ධවුණේ. රැපස්ලා විසිහතර දෙනෙක් මේ ගීතයට ඉන්නවා. අපිට ගොඩක් දක්‍ෂ තරුණයෝ ඉන්නවා. මේ ගීතය රැප් ශෛලිය ජනපි‍්‍රය කරන්න හිතාගෙන තමයි සිදුකළේ.