Naifmvlog

Naifm vlog Gossip and News

මේ දිනවල ආහාර මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් හිරුඑළියට නිරාවරණය වී ඇති ආහාර මිලදී ගැනීමේදී පාරිභෝගිකයා සැලකිලිමත් විය යුතු බව, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසනවා. එක් එක් ආහාර වර්ගවලට පැවැතිය යුතු උෂ්ණත්වයක් තිබෙන බවත්,එම ආහාරවලට ලැබෙන උෂ්ණත්වය වෙනස් වීමේදී ඒවායේ රසායනික සංයුතීන් වෙනස් වීමට ලක්වන බැවින් ඒවා ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග බෝ වීමේ අවදානමක් පවතින බවත් ඔහු පවසනවා. ප්ලාස්ටික් ජල බෝතල්, බීම වර්ග, ලුණු, අයිස්ක්‍රීම්, කිරි වර්ග නියමිත උෂ්ණත්වයේ නොතිබුණහොත් ඒවා ආහාරයට ගැනීම අහිතකර වන බව ඔහු තවදුරටත් පෙන්වා දෙනවා. ලුණු හිරු එළියට නිරාවරණය කිරීමෙන් ඒවායේ අයඩීන් වාෂ්ප වී යෑම, ප්ලාස්ටික් ජල බෝතල් අධික හිරු එළියට නිරාවරණය වීමෙන් ඒවායේ රසායනික සංයුතීන් වෙනස් වීම, බීම වර්ගවල වර්ණය වෙනස්වීම, අයිස්, යෝගට්, කිරි වර්ග ඉක්මනින් නරක් වීම සිදුවන බවද ඔහු පවසනවා. මේවා ආහාරයට ගැනීමෙන් පිළිකා රෝග, අස්ථි ආබාධ, ගැස්ට්‍රයිටීස්, වමනය, හිසරදය, පාචනය වැනි විවිධ අසාත්මිකතා ඇතිවිය හැකි බැවින් මේ දිනවල පවතින අධික හිරු රශ්මියට නිරාවරණය වන ආහාර භාවිතයෙන් වැළකී සිටින ලෙස ඔහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.