Naifmvlog

Naifm vlog Gossip and News

ශ්‍රී ලංකාවේ පැරණිතම ලී පාලම

එකල බැතිමතුන් විශාල ප්‍රමාණයක් මහනුවර සහ මහියංගනය සිට මුතියංගණය වන්දනා කිරීම සඳහා පැමිණ ඇති පොදු මාර්ගය වැටී ඇත්තේ බෝගොඩ ගල්ලන්දා ඔය හරහාය. මෙම ඔය ගල්තලාවල් මතින් ගලා බසින නිසාවෙන් ගල්ලන්දා නම පටබැඳිණි. එකල ගල්ලන්දා ඔය හරහා ඒ දණ්ඩක්වත් නොතිබුණු අතර ක්‍රි.ව. 1200 – 1283 දඹදෙනි යුගයේ දී ගල්ලන්දා ඔය හරහා ඒදණ්ඩක් නිමැවිය. පසුව කෙමෙන් විකාශය වූ මෙම පාලම දඹදෙණිය යුගයේ 16 වන සියවසේ දී (ශ්‍රී වි‍ක්‍රම රාජසිංහ සමයේ දී එනම් ක්‍රි.ව. 1798 – 1815) අද තිබෙන කලාත්මක නිර්මාණය බවට පත්විණ.

අත්වැල, පාදම, වහල දරා සිටින කුලුනු යන මේ සියල්ල ශක්තිමත් ලෙස ලීයෙන් නිර්මාණය වී ඇත. මහනුවර යුගයේ උළු වලින් මෙම පාලම අලංකාර වී ඇත.අපටම අනන්‍ය වූ අපේ තාක්ෂණයක් එකළ සිටම ලාංකිකයන්ට පැවැතුණා.මේ අතර බොල්ගොඩ ලී පාලමට හිමි වන්නේ සුවිශේෂ තැනක්.ශ්‍රි ලංකාවේ පැරණිතම ලී පාලම ලෙස මෙය සැලකෙනවා.බදුල්ල දිස්ත්‍රිරික්කයේ පිහිටා ඇති මෙම පාලම දඹදෙණි යුගයට අයත් වෙනවා.යකඩ ඇණ භාවිතයෙන් තොරව මෙම පාලම ලී වලින් සාදා තිබෙනවා.මෙම පාලම ඉදිකර ඇත්තේ බෝගොඩ විහාරයට මායිම්ව ලොග්ගල් ඔය හරහා ය.අතීත කතාවලට අනුව, පුරාණ සිංහල රාජධානි යුගයේ දී භාවිතා කරන ලද පැරණි බදුල්ල – මහනුවර මාර්ගයේ මෙය පිහිටා තිබෙනවා.වසර 400කටත් වඩා මෙම පාලම පැරණිය.මීටර 15ක් පමණ දිගින් යුතුව තනා ඇති පාලම මීටර 1.5 ක පමණ පළලකින් සමන්විත වෙනවා.මීටර 2.4 ක පමණ උසකින් යුතුව පාලමට සම්බන්ධ කොට වහළයක් ද නිර්මාණය කොට තිබෙනවා.ලංකීය උරුමය රැගත් මෙවැනි නිර්මාණ සුරැකීම සියළු ලංකිකයන්ගේ වගකීම හා යුතුකම වෙයි.