Naifmvlog

Naifm vlog Gossip and News

ආසියාවේම දක්ෂ දරුවන් අතර සිටින දැරිය

තමන් විසින් මේ වන විට දක්ෂතා රැසකට ඉතාම දක්ෂ අන්දමින් ඉදිරිපත් කර ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේම දක්ෂ පළමු දහදෙනා අතරට පත්වී ඇතත් ඉන් ඉදිරියට යෑම සඳහා තම පාසලේ පහසුකම් නොමැති බවත් පහසුකම් ඇති වෙනත් පාසලකට යෑමට අකැමැති අතර දුෂ්කර පාසලක් ඉගෙනුම ලබන පාසලේම ඉගෙනීම් කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස අරලගන්විල විලයාය ප්‍රාථමික විද්‍යාලයේ හතරවැනි (4) ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන චෙනුලි ලෙහන්සා නල්ලපෙරුම (9) ශිෂ්‍යාව පැවැසුවාය. කුඩා කල පෙර පාසල් අධ්‍යාපනයට යොමු වී නැති චෙනුලි ලෙහන්සා පළමු ශේ‍ර්ණියට ඇතුළත් කරන මොහොත වන විට ඉංග්‍රීසි භාෂාව ඉතා දක්ෂ හා චතුරව හැසිරවීමත් ගණිතය පිළිබඳවද විශේෂ දක්ෂතාවක් තිබුණු ඇය ආවර්තිතා වගුවේ සංඛ්‍යා 118ට දෑස් පියාගෙන ඉදිරිපත් කරන්නේ ඉතා වේගවත්ය. එම සංඛ්‍යා 118ට තප්පර කිහිපයක් තුළ කීමට හැකි ඇය ඕනෑම අංක 24ක් දක්වා සංඛ්‍යාව මිලියන, බිලියන හා ටි්‍රලියන ගණන් ඉතාම දක්ෂ අන්දමින් ඉදිරිපත් කරන්නේ කිසිවකුටත් ඇදහිය නොහැකි අන්දමටය. ඇය චෙස් ක්‍රීඩාවෙන් පළාතේ හා ලංකාවේද ආසියාවේද ඉහළම මට්ටමකට පැමිණ ඇත.

ඊට අමතරව ලෝකයේ වෙසෙන සත්ත්වයන් සිය ගණනකගේ හැසිරීම් රටාවන් හා චර්යාවන්ද එම සතුන්ගේ විද්‍යාත්මක නාමයන් කීමට හැකියාව තිබීම වයස අවුරුදු නවයක් (9) වන කුඩා ශිෂ්‍යාවට ඇති විශේෂම දක්ෂතාවකි. චෙනුලි ලෙහන්සා පිළිබඳ අදහස් දැක්වූ එම විදුහලේ විදුහල්පති කිත්සිරි අබේගුණවර්ධන මහතා, දරුවාට පුදුම දක්ෂතා රැසක් තියෙනවා. ඒවා ඉස්මතු කරලා අපේ රට බබළවන්න බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න ඕන. ඒ ළමයා විශේෂ ළමයකුත් නෙවෙයි. සාමාන්‍ය දරුවෙක්. නමුත් ඇය ඉදිරිපත් කරන දේවලුත් ඉංග්‍රීසි භාෂාව හසුරුවන හැටි දැක්කමත් අපට පුදුම හිතෙනවා. චෙනුලි ලෙහන්සාගේ පන්තිභාර ගුරුතුමිය වන පී.පී. එම්. නිලුෂිකා ජයරත්න මහත්මිය, මේ ළමයා ඉතාම දක්ෂයි. එක පැත්තකින් නෙවෙයි පැති කිහිපයකින්ම ඉදිරියෙන්. මෙයා ඉන්න පාසල ගත්තම එයාට අවශ්‍ය පහසුකම් ලැබුණොත් ඉතාම දක්ෂ දරුවෙක් වෙනවා. ගණිත හැකියාව ලොකු පන්තිවල ළමයින්ට වගේ තියෙනවා. ඉංග්‍රීසි භාෂාව ගැන කිසිම අඩුපාඩුවක් නැහැ. මෙහෙම දරුවන්ට මේ පාසල්වල පහසුකම් නැහැ.

යාපනයේ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශ, ජේ‍යෂ්ඨ කථිකාචාර්ය අභිරාම් සිවරූබනි මහත්මිය පැවැසුවේ යාපනය විශ්වවිද්‍යාලය තුළත් මෙවැනි දක්ෂතා ඇති අය දුර්ලභ බවත් සත්ත්වයන් පිළිබඳව මෙතරම් කුඩා දරුවකුට විස්තර කිරීමට හැකිවීම තමන් මවිතයට පත්වන බවය. යාපනය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා උපදේශක අරුණකිරිනාදන් මහතා පැවැසුවේ ඉතා චතුරව ඉංග්‍රීසි භාෂාව හැසිරීමට හා කථනයට ඇති දක්ෂතාව ගැන තමන් විස්මයට පත්වන බවත් පැවැසීය. වෙනුලිගේ පියා වන පුලස්ති ඉන්දික නල්ලපෙරුම මහතා, මගේ දුවට කුඩා කාලේ ඉඳලම ඉංග්‍රීසි දැනුම ලබාගන්න මම ඉඩ සලසා දුන්නා. ඊට අමතර ගණිතය පිළිබඳවත් තරමක් දුරට මඟපෙන්නුවා. දැන් දුවට ඕනෑම තරාතිරමේ අයෙක් සමඟ ඉංගී්‍රසි බසින් ඉතාම දක්ෂ ලෙස කතා කරන්න පුළුවන්. ගණිතය ගැන මට හිතාගන්නත් බැරිතරමට දැනුම තියෙනවා. ආවර්තිතා වගුවේ සියලුම අංක යටතේ ඇති වර්ගය තප්පර කිහිපයකින් කියන්න පුළුවන්. ආවර්තිතා වගුවේ 118 දෑස් පියාගෙන කියනවා. අතරමැදින් කියන ඕනෑම අංක වුණත් ඊට අදාළ වර්ගයත් දෙපැත්තේ තියෙන වර්ග කීමත් ඊට අමතර චෙස් ක්‍රීඩාවටද ලංකාවේත්, ආසියාවේත් ඉහළම මට්ටමකට ඇවිත් තියෙනවා. ඒ වගේම ලෝකයේ ජීවත් වෙන සත්ත්ව වර්ග සිය ගණනකගේ පැවැත්මත් ඒ සතුන්ගේ චර්යා රටාවන්ද දන්නවා. දුවට වයස අවුරුදු (9) නවය වුණාට ඉහළම ශේ්‍රණිවල ළමයින්ට සමාන දැනුමක් තියෙනවා.

ඉගෙන ගන්න රෑට නිදිවරාගෙන වද විඳින්න ඕන නැහැ. මේක සුළුදෙයක්. මේ ග්‍රාමීය ප්‍රදේශයක පහසුකම් නැතිව වුණත් මට දුවව මේ ගනනට ගන්න පුළුවන් වීම ගැන මම ඉතාම සතුටු වෙනවා. මම කියන්නේ මගේ දුවට මොනවත් එපා මගේ දරුවාට මගේ අනෙක් දරුවන්ටත් ඉගෙන ගන්න මේ පාසලේම පහසුකම් ලබාදෙන්න කියලා. නමුත් දුවට මේ වෙනකොට චෙස් ක්‍රීඩාවට සහභාගි වෙන්න රටවල් හයකින් (6) විතර සුදුසුකම් ලැබිලා තියෙනවා. ලංකාවේත් කොළඹ වගේ තැන්වලට දුවව එක්කගෙන ගියත් ඉන්න තරම් පහසුකම් නැහැ. චෙස් ක්‍රීඩාවට රට යෑම කෙසේ වුණත් ලංකාවේ කොළඹට ගියාමත් ඉන්න මට පහසුකම් නැහැ. තම අවුරුදු තුනකින් විතර මට පුළුවන් සාමාන්‍ය පෙළ දරුවකුගේ දැනුමට සමාන දැනුමක් දෙන්න. නමුත් මම පෞද්ගලික ගුරුවරයෙක් නිසා ඒ පහසුකම් වගේම වත්කමක්ද නැහැ. අවශ්‍ය නම් ඕනෑම දෙයක් ඉහළ මට්ටමට උගන්වන්න පුළුවන්. මේ පහසුකම් නැතිවුණොත් දරුවා පාසලෙන් අස්කර ගන්නවා. මට පුළුවන් දැනුම ලබාදෙන්න. විලයාය ප්‍රාථමික විද්‍යාලය අරලගන්විල අධ්‍යාපනය අතින් ඉතා දුෂ්කර කලාපයක් වන දිඹුලාගල අධ්‍යාපන කලාපයෙන් බිහිවුණු හතර වසරේ ඉගෙනුම ලබන චෙනුලි ලෙහන්සා ගමට රටට හා ලොවටම වටිනා දීප්තිමත් ශිෂ්‍යාවක්.