Naifmvlog

Naifm vlog Gossip and News

සචිනිට යාළුවෝ දුන්න Bride to be සාදය

ජනප්‍රිය නිවේදිකාවක් වගේම නර්තන ශිල්පිනියක් විදිහට හැමෝගෙම ආදරය දිනාගත්ත සචිනි නිපුන්සලා අද හෙටම විවාහ වෙන්න යනවා කියලා ඔන්න ආරංචියක් තියනවා. තාම සචිනි මේ ගැන ප්‍රසිද්ධියේ මුකුත් කියලා නැති වුනත් පහුගිය දවස් ටිකේ ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් දිහා බැලුවම ඒ බව දැනගන්න ලැබෙනවා. සචිනිගේ වෙඩින් ප්‍රී ෂූට් එක කියලා හිතන්න පුළුවන් විදිහේ ලස්සන ඡායාරූප කිහිපයකුත් මේ අතරේ දැකගන්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සචිනි මෙන්න මේ වගේ පෝස්ට් එකකුත් මීට ටික දවසකට කලින් දාල තිබුනා.ආරංචියේ හැටියටනම් මේ ඉන්නේ සචිනිගේ බ්‍රයිඩ්ස් මේඩ්ලා ටික. මේ කතාව ඇත්ත එකක්ද තව ටික දවසකින් ඔයාලටම බලාගන්න පුළුවන්නේ. මේ අතරේ සචිනිගේ Bride to be පාර්ටි එකත් බොහොම ජයට පැවත්විලා තිබුනා. සචිනිගේ ලංගම යහළුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා තමයි මේ වැඩේ සංවිධානය කරලා තිබුනේ. විවාහය කවද්ද කියලා තාමත් හරියටම දැනගන්න නොලැබුනත් ඒක වැඩි ඈතක දවසක් වෙන එකක් නෑ කියලයි හැමෝම කියන්නේ. ඉතින් ඔන්න අද හෙටම විවාහ පත්වෙන්න ඉන්න අපේ මේ සුන්දර තාරකාවියට සුබ මංගලම් කියලා අපි හැමෝම එකතු වෙලා සුබ පැතුම් එකතු කරමු.