Naifmvlog

Naifm vlog Gossip and News

අපේ රටේ ළමා කතන්දර කලාවේ පුරෝගාමී චරිතය

සිබිල් වෙත්තසිංහ ගිනස් පොතට යයි අපේ රටේ ළමා කතන්දර කලාවේ පුරෝගාමී චරිතයක් ලෙස ප්‍රකට ‘ආදරණීය සිබිල් නැන්දා’ හෙවත් සිබිල් වෙත්තසිංහ මහත්මියගේ නම ගිනස් පොතට එක්වී තිබේ.මේ කීර්තිමත් ගෞරවය ඇයට ලැබී ඇත්තේ පසුගිය වසරේ ලෝක ළමා දිනයට සමගාමීව එළිදැක්වුණු ‘පුදුම පළිඟුව’ නම් වූ ළමා ග්‍රන්ථය පාදක කොටගෙනය. වෙත්තසිංහ මහත්මිය ‘පුදුම පළිඟුව’ ග්‍රන්ථය එළිදැක්වූවේ දිවයින පුරා වෙසෙන දරුවන් 20,000ක් පමණ තම නිර්මාණශීලී ග්‍රන්ථයට හවුල් කර ගනිමිනි. ඒ අනුව ඇය විසින් රචනා කරන ලද කතාන්දරවල අවසානය දරුවන් විසින් අවසන් කළ යුතු විය. ඒ සඳහා සිතුවම්, පද්‍ය හා රචනා ආදී මාධ්‍ය භාවිත කිරීමට නිදහස තිබිණි. වෙත්තසිංහ මහත්මිය මේ ක්‍රමෝපාය උපයෝගී කරගත්තේ දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව වර්ධනය කර ගැනීමේ අරමුණිනි.ඒ අනුව ලොව වැඩිම දරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් අවසන් වුණු කතන්දර පොත ලෙස ‘පුදුම පළිඟුව’ ළමා ග්‍රන්ථය හා එහි කතුවරිය වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ නම ගිනස් පොතට ඇතුළත් විය.ඇය මේ හපන්කම කරන විට වයස අවුරුදු 90 පසුකොට සිටීම තවත් සුවිශේෂී කරුණකි.