Naifmvlog

Naifm vlog Gossip and News

ජනප්‍රිය නිරූපිකා අමන්දාගේ පළමු සිනමා ආගමනය

හැමෝම දන්න දක්ෂ මෝස්‌තර නිරූපිකාවක් වුණ නිලුක්ෂි අමන්දා ඔන්න හා හා පුරා කියලා සිනමාවට පිවිසිලා තියනවා. ඒ චන්දන එදිරිසිංහ සහ පූජිත ගුණතිලක එක්ව ගෙනෙන අලුත්ම සිනමා පටයකින්. මේකේ නම ෂෙලීනා. අනුජ් රණසිංහ සහ දිනෙත් ද සිල්වා තමයි මේ චිත්‍රපටයේ අමන්දා එක්ක ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.ජීවන් කුමාරතුංග, වීනා ජයකොඩි වගේ ප්‍රවීන පිරිසකගේ රංගන දායකත්වයත් මේ චිත්‍රපටයට මදි නැතුව ලැබිලා තියනවා. පහුගිය දවසක මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට මුදාහරුනා මේ තියෙන්නේ ඒක. සිනමාවේ විවිධ අංශයන්හී දිගු කලෙක සිට නියැලුන චන්දන එදිරිසිංහ හා පූජිත ගුණතිලක දෙපළගේ සුසංයෝගයෙන් යුතුව සම අධ්‍යක්ෂණය කළ කුළුඳුල් සිනමා සිත්තම ‘ෂෙලීනා’ ළඟදීම එම්.පී.අයි මණ්ඩලයේ සිනමාශාලාවන් හී තිරගත වීමට නියමිතව ඇත.පළිගැනීමේ චේතනාව පෙරදැරිව, තම නිල බලයට මුවා වෙමින් බිහිසුණු මිනීමැරුම් රැසක් සිදුකළ නිලධාරියෙකු හඹා යන තවත් සහෝදර නිලධාරීන් පිරිසක් හා උන්මත්තකයෙකු බව නොදැන මිනීමරුවාට පෙම් කරන සොඳුරු යුවතියක් කේන්ද්‍ර කර ගනිමින් මෙහි කතාව නිමවා තිබේ. ප්‍රවීණ රංගනවේදී ජීවන් කුමාරණතුංග, දිනෙත් ද සිල්වා, අමන්දා ද සිල්වා, අනූජ් රණසිංහ, වීණා ජයකොඩි, රොහාන් විජේතුංග, මනෝහාරි විමලතුංග, රෝහිත ඩයස්, දුෂීප්‍රභා ඉලංගකෝන්, දයාසිරි හෙට්ටිආරච්චි ඇතුළු නළු නිළියෝ රැසක් ‘ෂෙලීනා’ රංගනයෙන් හැඩ කරති. කැමරා අධ්‍යක්ෂණයෙන් නිරංග සංජීව, සංස්කරණය, වර්ණ සංයෝජනය සහ ශබ්ද පරිපාලනයෙන් දිලාන් ගුණවර්ධන, අංගරචනයෙන් තාරක අධිකාරි, කලා අධ්‍යක්ෂණයෙන් ජනක ප්‍රදීප් කුමාර් සෙනවිරත්න, සහය අධ්‍යක්ෂණයෙන් ජනක ආඳාසූරීය, සටන් අධ්‍යක්ෂණයෙන් සුමුදු අමල්ක, සංගීත අධ්‍යක්ෂණයෙන් ලසන්ත වීරසූරිය, ගීත ගායනයෙන් ඉන්දික රුවන් (රූනි), රංග ප්‍රසාද් සමගින් රෙසංජනී නවෝද්‍යා එදිරිසිංහ මේ සඳහා දායකත්වය සපයති. ගීත රචනය, ගී තනු නිර්මාණය සහ නිෂ්පාදනය ෂෙලීනා ෆිල්ම්ස් වෙනුවෙන් පූජිත ගුණතිලක විසිනි.