Naifmvlog

Naifm vlog Gossip and News

බ්‍රිටැනික් ණැව සොයා සාගර පතුලට ගිය අපුරු ගමන

ඉතා අවාසනාවන්ත ඉරණමකට ලක් වුණු ටයිටැනික් නැවේ සොහොයුරියක සේ සැලකෙන “බි්‍රටැනික්” නෞකාවද ඒජියන් මුහුදේ අඩි 300ක් ගැඹුරෙහි සංචාරක ආකර්ෂණයක් බවට ඉතා ඉක්මනින්ම පත් වෙනු ඇත. ටයිටැනික් නැව නිෂ්පාදනය වුණු ව්‍යාපෘතියේම කොටසක් වශයෙන් නිෂ්පාදනය කරන ලද බි්‍රටැනික් නැව, පළමු වැනි ලෝක මහා සංග්‍රාමයේ (1914 ජූලි 26දා සිට 1918 නොවැම්බර් 11 දක්වා) බි්‍රතාන්‍ය හමුදා වෙනුවෙන් රෝහල් නෞකාවක් බවට පරිවර්තනය කරන ලදී. 1916දී මෙම නැව කී (kea) නමැති ගී්‍රක දූපතට ඔබ්බෙන් මූදු බෝම්බයක ගැටී පැයක් ඇතුළත මූදු පත්ලටම කි¼දා බැස්සේ නැවේ සිටි පුද්ගලයන්ගෙන් තිස් දෙනකු මරණයට පත් කරමින්ය. නැව තුළ තිබෙන නොයෙක් දේ රැගෙන යනු ඇතැයි යන සැකය මත කිමිඳුම්කරුවන් ඒ වෙත යැම වළක්වාලමින් පැනවී තිබෙන තහනම් නියෝගය ලිහිල් කරන ලෙස ගී්‍රක රජය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ ඡන්ද විමසීම ලබන මාසයේදී පැවැත්වෙනු ඇත. එය සම්මත වූ පසු, 1860 සිට 1970 දක්වා කාලය තළ ගිලී ගිය නැව් බොහෝ ගණනක නටබුන් සහිත මූදු පත්ලේ උද්‍යානය නැරඹීමට කිමිඳුම්කරුවන්ට අවසර ලැබෙනු ඇත.දිගින් අඩි 883ක් වූ මෙම නැවේ නටබුන් 1975දී සොයා ගන්නා ලද්දේ කීර්තිමත් සාගර ගවේෂක ජැකෝස් කොස්ටියෝ විසිනි, මූදුබත්ව තිබෙන බි්‍රටැනික් නැව නැරඹීම සඳහා දැනට කිමිඳුම්කරුවන්ට ලැබී තිබෙන සීමිත නිදහස වඩාත් පුළුල් කළහොත් එයින් නව නිර්මාණාත්මක ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසෙන බවත් සංචාරක ව්‍යාපාරයේ උන්නතියට එය මහත් රුකුලක් වන බවත් ගී්‍රක ජාතික කිමිඳුම් උපදේශක යැනිස් ට්සැවලකෝස් “ද ටයිම්ස්” පුවත්පතට පැවැසීය. එහෙත් ඒ සඳහා හොඳ අරමුණු තිබිය යුතු යැයිද මෙම නැවේ නිර්මාණාත්මක සැකැස්ම ඉදිරියටද අනුගමනය කළ යුතු යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.කිමිඳීම හුදු විනෝද ක්‍රීඩාවක් බවට පත් කර ගත්තවුනට ළඟා විය නොහැකි තරම් ගැඹුරෙහි බි්‍රටැනික් නටබුන් රැඳී තිබෙන හෙයින් එය මැනවින් ගවේෂණය කළ හැක්කේ මනා පළපුරුද්දක් ඇති කිමිඳුම්කරුවන්ට පමණකි.

එසේ වුවද කිමිඳීම අනතුරුදායක නොවන ක්‍රියාවක් නොවේ. වෘත්තීය කිමිඳුම්කරුවකු වූ, තිස් හත් හැවිරිදි කර්ල් ස්පෙන්සර් 2009 වසරේදී මියගියේ සමවායු පීඩනය (Decompression) අහෝසි වීම නිසා හට ගන්නා “බෙන්ඩ්ස්” (Bends) නමැති රෝගයට ගොදුරු වීමෙනි.ඒ මූදුබත් බි්‍රටැනික් නැවේ නටබුන් ගවේෂණය සඳහා ලැබුණු අනුමැතිය මත එම කාර්යයෙහි යෙදී සිටියදීය. ඒජියන් මුහුදෙහි ගිලී තිබෙන වෙනත් නැව්වල නටබුන් ගවේෂණය සම්බන්ධයෙන්ද ගී්‍රක රජය පනවා තිබෙන්නේ ඉතා ලිහිල් නීති කිහිපයක් පමණකි. දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී (1939 සැප්, 1 සිට 1945 මැයි 8) යොදා ගැනුණු “ජන්කර් යූ- 52, ලෆට්වෝෆ් ගුවන් යානය 1943 පැරෝස් වෙරළට ඔබ්බෙන් මුහුදට කඩා වැටිණි. එයද දැන් ‘මූදු පත්ලේ උද්‍යානයේ කොටසක් බවට පත්ව තිබෙන හෙයින් ගවේෂණ සඳහා ඉඩ සැලසෙනු ඇත. එහෙත් 1860ට පෙර මූදු බත් වුණු නැව්වල හෝ මුහුදට කඩා වැටී ගිලීි ගිය ගුවන් යානාවල හෝ නටබුන් ගවේෂණය සඳහා තවමත් නීතියෙන් ඉඩ නොලැබේ. ටයිටැනික්් නැවද මෑතදී නොයෙක් විමර්ශනවලට ප්‍රස්තුතයක් මෙන්ම එහි ආරක්‍ෂාව පිළිබඳ අයිතිය සම්බන්ධයෙන්ද නොයෙක් කතා බස් ඇති විය. බි්‍රටැනික් නැවේ බඳට පිටතින් යමක් තිබේ නම් ඒවා ඉවත් කරගැනීමේ අවසරය කොම්පැනිවලට දීමේ හෝ නොදීමේ බලය ඇමෙරිකා එක්සත් ජනපදයටත් බි්‍රතාන්‍යයටත් පවරන ගිවිසුමක් දෙරට අතර ඇති කර ගැනීමේ වැඩපිළිවෙළක් යෙදී තිබේ.එහෙත් 1912දී අත්ලාන්තික් සාගරයෙහි ගිලුණු ටයිටැනික් නැවට ගවේෂකයන් යැවීමේ අයිතිය ලැබී තිබෙන ආර්.එම්.එස්. ටයිටැනික් කොම්පැනිය, එම ගිවිසුම ඇමෙරිකා එක්සත් ජනපදයට නිසි බලතල දෙන්නක් නොවේ යැයි පවසමින් ඊට විරෝධය පළ කර ඇත. බි්‍රටැනික් නැව “ඔලිම්පික් වයිට් ස්ටාර්ලයින්” සමාගම විසින් නිෂ්පාදිත ඔලිම්පික් පන්තියේ තුන්වැන්නය.1912 අප්‍රේල් මාසයේදී ටයිටැනික් නැව ගිලී ගියායින් පසු බරින් ටොන් 53,000ක් වූ “බි්‍රටැනික් නැවේ” බඳ නැවත සැලසුම් කොට 1914 පෙබරවාරි 26 වැනිදා දියත් කරන ලදී. එවකට පළමුවැනි ලෝක යුද්ධය පැවැති හෙයින් එම නැව කවදාව ට්‍රාන්ස්-අත්ලාන්තික් නැව් සමාගමේ වෙළෙඳ යාත්‍රාවක් වශයෙන් යොදා නොගැනිණි.1915 නොවැම්බරයේදී රෝහල් නෞකාවක් බවට පරිවර්තනය කෙරුණු බි්‍රටැනික් මැදපෙරදිග ඒජියන් පෙරමුණට යවන ලදී. බිහිසුණු ගැලිපොලි සටනේදී තුවාල ලැබූ සෙබළුන් රැගෙන ඒම සඳහා 1916 නොවැම්බර් 21 වැනිදා ගිය හයවැනි ගමනේදී බි්‍රටැනික් ගිල්වා දමන ලද්දේය.

නැවේ සිටි 1066 දෙනාගෙන් 30 දෙනෙක් මියගියහ. නැවට ටෝර්පිඩෝ පහරක් වැදුණේද, නැතහොත් නැව මුහුදු බෝම්බයක ගැටුණේද යන්න වසර ගණනාවක්ම රහසක්ව පැවැතිණි. සුප්‍රකට ප්‍රංශ ජාතික සාගර ගවේෂක ජැකොස් කොස්ටියෝ 1975දී බි්‍රටැනික් නැවේ නටබුන් සොයා ගත්තේය. එය මූදු බෝම්බයක ගැටීමෙන් ගිලී ගිය බව සනාථ කරන සාධක 2003දී කරන ලද විශ්ලේෂණයක ප්‍රතිඵල ඇතුළත් ලේඛනයකින් ලැබිණි. බෝම්බය වැදීමෙන් නැව් බඳෙහි සෑදුණු විශාල සිදුරකින් නැව තුළට ජලය වේගයෙන් ගලා ඒම නිසා ඉතා සුළු වේලාවකින් නැව ගිලා බැස්සේය.ජීවිතාරක්‍ෂක බෝට්ටු වහාම පිටතට දමන ලද නමුත් ඒ බව නොදත් කපිතාන් නැව වෙරළ දෙසට යාත්‍රා කිරීමේ උත්සාහයක් දැරුවේය. බෝට්ටුවලින් දෙකක් නැවේ අවර පෙත්තෙහි පැටලුණු අතර එම බෝට්ටු ඒවායෙහි සිටියවුන්ද සමඟ කැබැලිවලට කැපී ගියේය. බි්‍රටැනික් නැවේ රෝහල් වාට්ටුවලට ආලෝකය ලබා ගැනීම සඳහා විවෘත කරන ලද ආලෝක බුබුළු අතරින්ද නැව තුළට ජලය ගලා ආවේය. “වයිට් ස්ටාර්ලයින්” නමැති නැව් සමාගම වෙනුවෙන් “හාර්ලට් ඇන්ඩ් වුල්ෆ්” ආයතනය විසින් ඉදි කරන ලද බි්‍රටැනික් හා ඔලිම්පික් යන නැව් දෙක වැඩි දෙනකු නොදන්නා සොයුරියන් දෙදෙනකු සේ සැලකෙන අතර ඒ දෙකම “ඔලිම්පික්” ගණයට අයත් බවත් කිසිසේත්ම ගිල්විය නොහැකි යාත්‍රා දෙකක් බවත් ප්‍රකට විය.කිසිදු අනතුරකට ලක් නොවුණු “ඔලිම්පික්” නැව 1935දී සේවයෙන් ඉවත් කරන ලද්දේය.ඔලිම්පික්, බි්‍රටැනික් හා ටයිටැනික් යන නෞකා සහෝදරියන් තිදෙනාගෙන් වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව තිබුණු ටයිටැනික් ඇගේ මංගල ගමනේදී විශාල හිම කුට්ටියක ගැටීමෙන් අත්ලාන්තික් සාගරයෙහි ගිලුණේය.එම ඛේදවාචකයෙන් පසු, නැව් තුනෙන් විශාලතමයා වූ “බි්‍රටැනික්” නැව, වඩාත් ආරක්‍ෂාකාරීව සේවයෙහි යෙදවීම සඳහා එහි නොයෙක් අංග වැඩිදියුණු කරන ලද්දේය. 1914 මුල් භාගයේදීම එම කටයුතු සම්පූර්ණ වූ අතර එම වසරේම පළමුවැනි ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූ හෙයින් මෙම නැව රාජකීය නාවික හමුදාවේ සෙබළුන් වෙනුවෙන් රෝහල් නෞකාවක් බවට පරිවර්තනය කෙරිණි. තුවාල ලත් බි්‍රතාන්‍ය සෙබළුන් පිරිසක්මැදපෙරදිග සිට රැගෙන ඒම සඳහා 1916 නොවැම්බ්ර් 21 වැනිදා බි්‍රටැනික් නැව ඒජියන් මුහුද ඔස්සේ යාත්‍රා කරමින් තිබියදී ජර්මන් යූ.

බෝට්ටුවකින් මුහුදට දමන ලද බෝම්බයක ගැටීමෙන් නැව් බඳෙහි සෑදුණු සිදුරෙන් නැව තුළට ජලය ගලා එන්නට විය. මගීන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා කපිතාන් බාට්ලට්, නුදුරෙන්ම වූ කී (ඬඥච) දූපත වෙත නැව යාත්‍රා කරවීමේ උපරිම උත්සාහයක් දැරුවේය. ඔහු නැවේ අවරපෙති හැකිතාක් වේගයෙන් ක්‍රියා කරවද්දී වෛද්‍යවරු මගීන් ඉවත් කිරීමෙහි යෙදුණහ.ටයිටැනික් ඛේදවාචකයෙන් පසු බි්‍රටැනික් නැවේ වැඩිදියුණු කරන ලද වැදගත්ම අංගය, හදිසි අවස්ථාවකදී ජීවිතාරක්‍ෂක බෝට්ටු පිටතට දැමීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමය. කපිතාන්ගේ ප්‍රයත්නයේ අන්තිම මොහොත වන විට නැව ගිලෙන්නට පටන් ගත් හෙයින් බෝට්ටු දෙකක් පිටතට දැමිණි. ඒවා දියට වැටුණු වේගය පමණට වඩා ඉක්මන් වීම නිසා එය අවර පෙතිවල පැටලී එහි වූ මගීන්ද සමඟම කැබැලිවලට කැපී ගියේය. තවත් බෝට්ටු හෝ ජීවිත විනාශ වන්නට කලින් කපිතාන් අවර පෙති ක්‍රියා විරහිත කළේය. ඒ වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 21ක් පමණ වූ හෙයින් අවශ්‍ය තරම් ජීවිතාරක්‍ෂක බෝට්ටු යෙදීමෙන් හා දෙපැයක පමණ මෙහෙයුමකින් මගීහු බේරා ගැනුණහ. පළමුවැනි ලෝක මහා සංග්‍රාමයේදී විනාශ වුණු විශාලතම නැව බි්‍රටැනික්ය.