Naifmvlog

Naifm vlog Gossip and News

ඇදුම රෝගයෙන් පීඩා විඳපු කාලේ ඉවරයි

අලූත උපන් බිලිඳා ගේ සිට මහලූ වයස දක්වා ජීවිතයේ ඕනෑම වයස් ස්ථරයන්වලදී මෙම රෝග තත්ත්වය ඇති විය හැකි අතර මෙය ඇති විය හැකි ඉතා සුලභ වයස් කාණ්ඩය වනුයේ අවුරුදු පහළොවට අඩු දරුවන් ය. මෙහි දී සිදු වනුයේ කුමක්ද යන්න අපි මුලින්ම සලකා බලමුදිනෙන් දින කාර්මීකරණයට නතු වන නාගරිකකරණයේ හිනි පෙත්තට නැග කිරුළු දරන්නට වෙර දරනා සොබාදහමෙහි වටිනාකම තවමත් තේරුම් නොගත් මිනිසුන්ට අමතක වූ දෙය නම් මෙකී සියලූ නිමැයුම් ස්වභාවධර්මය මතම රඳා පවතිනවා යන්නය.අප විසින් සිදුකරන සියලූ කාර්යන්හි ප‍්‍රතිඵල භූක්ති විඳින්නන් වනුයේ ද මතු දිනක අපම ය. මෙලෙස අප ජීවත්වන පරිසරය හා බැඳී පවතින කාලයත් සමග පැහැදිලි වැඩි වීමක් පෙන්වන චීන කටු ප‍්‍රතිකාර සඳහා ද බහුලව පැමිණෙන ස්වසන පද්ධතිය ආශ‍්‍රිත රෝග තත්ත්වයක් පිළිබඳ අද මෙම ලිපිය මගින් සාකච්ඡුා කරමු.බෝ නොවන රෝග ගණයෙහි ලා සලකන නමුදු ජානමය පදනමක් මත ඇතිවීමේ හැකියාවක් පවතින, තමා එම රෝගයෙන් පෙළෙන බව කීමට අකමැත්තක් දක්වන දෙමාපියන් වැඩිපුර අවධානයට ලක් කරන හතිය රෝගය පිළිබඳ අපි අද මෙම ලිපිය මගින් කරුණු දක්වමු. බටහිර වෙදකමෙහි bronchial asthma ලෙස හඳුන්වන මෙය ඇදුම wheeze එකක් ලෙස ද හඳුන්වයි.

මෙම හතිය රෝගයෙන් පීඩා විඳින රෝගීන් ඕනෑම පුද්ගලයෙකු දැක ඇතිවාට සැක නැත. නොඑසේ නම් ඒ ඔබ හෝ ඔබේ සමීපතමයකු විය හැක. අද වන විට මෙම රෝගයෙහි එතරම්ම වැඩි වීමක් දක්නට ඇත.අලූත උපන් බිලිඳා ගේ සිට මහලූ වයස දක්වා ජීවිතයේ ඕනෑම වයස්ස්ථරයන්වලදී මෙම රෝග තත්ත්වය ඇති විය හැකි අතර මෙය ඇති විය හැකි ඉතා සුලභ වයස් කාණ්ඩය වනුයේ අවුරුදු පහළොවට අඩු දරුවන් ය. මෙහි දී සිදු වනුයේ කුමක්ද යන්න අපි මුලින්ම සලකා බලමු.අපගේ ශ්වසන පද්ධතියේ පෙණහලූ කරා වාතය රැුගෙන යෑම ස්වාසනාල මගින් සිදුකරන අතර එම නාල බිත්ති මාංශපේෂි වළලූවලින් සමන්විත වේ. එමගින් නාල බිත්තිය අවශ්‍ය ප‍්‍රමාණයට අඩු වැඩිවීමක් සිදුවෙයි.මෙහි ඇතුළු බිත්තියෙහි සාමාන්‍යයෙන් තුනී ශ්ලේෂ්මල තට්ටුවක් පවතින අතර බාහිර පරිසරයේ යම් සාධකයක් ශ්වසන මාර්ගයට ඇතුළු වී ආසාදන ඇතිවී ස්වසන මාර්ගය අවහිර වී ස්වාසනාල ඇතුළු බිත්තියේ ඉදිමීම, ශ‍්‍රාව වැඩිපුර ගැලිම හෙවත් අධි ස‍්‍රාවය සිදු වෙයි. එමගින් ස්වාසනාල කුහරය සිහින් වී මහත් ආයාසයකින් හුස්ම ගැනීමට සිදු වෙයි. මෙලෙස ඇදීමකින් හුස්ම ගැනීමට වෙර දරන අරුතින් මෙය ඇදුම රෝගය ලෙස හඳුන්වනවා විය හැකමෙහිදී මූලිකවම හුස්ම ගැනීමේ අපහසුතාවය, පපුව හිරවීමත්, පපුවේ මහන්සිය, හුස්ම ගැනීමේදී පපුවෙන් නිකුත් වන රාං රූං ශබ්දය. වියළි කැස්ස හා රාති‍්‍රයේ දී තීව්ර වන කැස්ස රෝගයත්, හතිය රෝගයෙහි ප‍්‍රචලිත රෝග ලක්ෂණ වෙයි.මෙකී රෝග ලක්ෂණ සරල අවස්ථාවේ සිට ඉතාමත් සංකීර්ණ තත්ත්වයන් දක්වා විහිද යා හැක. ඉතාමත් සංකීර්ණ අවස්ථාවලදී ස්වසන පද්ධතියෙහි ඇතිවන බිඳවැටීම් හේතුවෙන් මරණය පවා ඇති වූ අවස්ථා පවතී.ලොව පුරා ජනගහනයෙන් මිලියන තුන්සියයකට අධික පිරිසක් මෙම ඇදුම රෝගයෙන් පීඩා විඳින අතර වසරකට විසිපන්දාහකට වැඩි පිරිසක් මිය යන බව ද වාර්තා වෙයි.

එනිසා මෙම රෝගයේ ඇති සුලබතාවය මෙන්ම අවදානම ද ඔබට දැන් වැටහෙනවා ඇත. මෙසේ මෙම රෝගය ඇතිවීමට බලපාන හේතු සාධක සලකා බැලීමේදී බාහිර මෙන්ම අභ්‍යන්තර හේතු ද බලපායි. මෙමගින් පෙනහළු ඇතුළු ශ්වසන මාර්ගයේ අසාත්මිකතාවක් ඇති වීම සිදුවේ. මෙලෙස අසාත්මික වීමට පහසුවෙන් පෙනහළු කරා ළඟා වෙන අසාත්මික කාරක හේතු වෙයි.මෙලෙස ඇතුළු වන ආසාදන කාරක වාතය හරහා ස්වසන මාර්ගය තුළිනුත් ආහාර හරහා ආහාර මාර්ගය තුළිනුත් ස්පර්ශය හරහා සම තුළිනුත් ඇතුළු විය හැකිය. එලෙස ම අධික තරබාරුව දීර්ඝ කාලීනව පවතින ගැස්ට‍්‍රයිටීස් රෝගය මෙන්ම ස්වසන පද්ධතියට ඇතුළු වන ක්‍ෂුද්‍ර ආසාදන- වෛරස් බැක්ටීරියා දිලීර- නිසා ද රෝගය හට ගනී. එමෙන්ම මව, පියාට හෝ සහෝදරයන්ට රෝගය තිබේ නම් ජානමය පදනමක් මත රෝගය ඇතිවීමේ හැකියාව ද පවතී. මෙය බාහිර පරිසරයේ සාධක මගින් උත්තේජනය වී වර්ධනය වීම ද සිදුවිය හැක. මුලින් සඳහන් කළ පරිදි ඔබ ජීවත් වන පරිසරය මේ සඳහා කෙතරම් බලපෑමක් සිදුකරනු ලබයි දැයි බලමු.නාගරීකරණය කාර්මීකරණය නිසා සිදුවන වායු ¥ෂණය මීට ප‍්‍රබලම හේතුකාරකයකි. ලංකාව තුළ අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වනුයේ වායු ¥ෂණය වැඩි නාගරික පරිසරයේ වෙසෙන පුද්ගලයන් අතර මෙම රෝගය බහුල බවත් ස්වභාවික ගස් වැල් සහිත පරිසරවල සිටින පුද්ගලයන්ට සාපේක්ෂව අඩු බවත්ය.

එමෙන්ම නිවසෙහි උයන පිහන කටයුතුවල දී පිටවන දුම්, වාහන දුම් කර්මාන්තශාලාවලින් පිටවන දුම් කුණු පිලිස්සීම් ආදියෙන් මදුරු දඟරවලින් පිටවන දුම් සුවඳ විලවුන් ආදිය මෙන්ම සක‍්‍රීයව හෝ අක‍්‍රීයව සිදුකරන දුම්පානය ද සුලබතම සාධක වේ.එමෙන්ම වත්මනෙහි පහසුව සඳහා ගනු ලබන ආහාර පානවල වැරදි භාවිතය ද මීට බලපායි.රසකාරක අධිකව යෙ¥ කල්තබාගැනීමේ නොයෙක් රසායන වර්ග සහිත ආහාර කල්තබාගැනීමේ නොයෙක් රසායන වර්ග වර්ණක ආදි විවිධ නුසුදුසු දෑ යෙ¥ කෘත‍්‍රිම ආහාරපාන වර්ග අධිකව භාවිතය ද මෙම රෝගයෙන් මිදීමට මංඅහුරයි. මෙවන් ආහාරපාන ගනිමින් ප‍්‍රතිකාරවල ගුණයක් නොපවතින බව පවසන දෙමාපියන් අපමණ වෙයි.එමෙන්ම නිවෙස්වල ඇති කරන විවිධ සතුන්ගේ එනම් බල්ලන්, පූසන් කුකුළන් වැනි සතුන්ගෙන් නිකුත් වන අසාත්මිකකාරක ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට රෙදිවලින් සැ¥ සෙල්ලම් බඩු, මදුරු දැල් ආදියේ තිබෙන ¥විලි මයිටාවන් ගොවිතැන් කරන කාල ගොයම් කාටු මල් පරාග දේශගුණික වෙනස් වීම් මෙන්ම ස්පේ‍්‍ර කිරීම් ආශ‍්‍රිත, ලී කුඩු ආශ‍්‍රිත රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය ව සිටින වෘත්තිකයන්ට ද ඇතැම් ඖෂධ වර්ග නිසා ද උදාහරණයක් ලෙස ඇස්ප‍්‍රීන් අධිරුධිරය රුධිර පීඩනයට දෙන බෙහෙත් වැනි,කැරපොත්තන්ගේ මලපහ, අධිකව වෙහෙස වීමේ දී මෙන්ම මානසික ආතතිය ඇති අයටත් ඇදුම රෝගය සෑදීමේ වැඩි ප‍්‍රවණතාවක් ඇති කිරීමට ඉහත සාධක බෙහෙවින් බලපානු ලබයි.

මෙලෙස ඇතිවන ඇදුම රෝගය සඳහා රෝග ඉතිහාසය අනුව ප‍්‍රතිකාර ස්වභාවය ද වෙනස් වෙයි.එමෙන්ම ඉහත සඳහන් කළ හේතු සාධක ද රෝගියාගෙන් රෝගියාට වෙනස් විය හැක.එය රෝගියා සතු කායික ප‍්‍රතිශක්තිය මත ද වෙනස් වෙයි. මෙම හතිය රෝගයට ගොදුරු වන රෝගීන් නිතර අසාත්මිකතාවයන්ට ගොදුරු වන නිසා චර්ම රෝග ඇතිවීමේ ප‍්‍රවණතාවක් ද පවතී.මෙලෙස කුඩා දරුවන් නිතර ඇදුම රෝගෙන් පීඩා විඳීම නිසා පාසල් ගමනට බාධා සිදු වී අධ්‍යාපන කටයුතු මගහැරීම දරුවා පාසලේ කටයුතුවලට ඉදිරිපත් වීමට මැලිකමක් දැක්වීම, පෞර්ෂ වර්ධනයට සිදුවන හානිය මෙන්ම පෝෂණය, කායික, සමාජීය මට්ටම පහළ යෑම ද සිදුවෙයි. මෙය වළක්වා ගැනීම ඉතා වැදගත් වන්නේ ඒ නිසාවෙනි.වැඩිහිටි අයෙකුගේ නම් දෛනික කටයුතු සියල්ල අඩාල වීමට මෙම රෝගී තත්ත්වය හේතු වන අවස්ථාබහුලය. මේ හේතුව නිසාම ඇදුම රෝග පාලනයට අතුරු ආබාධවලින් තොර සාර්ථක ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස චීන කටු ප‍්‍රතිකාර ක‍්‍රමය හඳුන්වා දිය හැක. ක‍්‍රමවත්ව ලබා ගන්නා ප‍්‍රතිකාර මගින් රෝගය හොඳින් පාලනය කරගන්න හැකි අතර රෝගයට හේතු සාධක වූ දෙයින් ඈත්වී සිටීමට ද වගබලා ගත යුතුය. ඒවා ලෙස විෂ සහිත රසකාරකවලින් අනූන කෘතිම ආහාර වෙනුවට ස්වභාවික ආහාර රටාවකට හුරුවීම නිවස අවට වටපිටාව පිරිසිදුව තබා ගැනීම කොට්ට මෙට්ට, ඇඳ ඇතිරිලි සෝදා පිරිසිදුව තද අව්වේ හොඳින් වියළා ගැනීම, සතුන් නිවසින් ඈත්කර තැබීම සේම බයිසිකල් පැදීම දිවීම පිහිනීම වැනි ව්‍යායාම සිදු කර ශරීර ශක්තිය සහ ප‍්‍රතිශක්තිකරණය ඉහළට එසවීම, මානසික සුවතාව, සක‍්‍රීය හෝ අක‍්‍රීය ව සිදුවන දුම් පානයෙන් ඈත් වීම මෙන්ම සුදුසු යෝග ව්‍යායාම මගින් ද ඇදුම රෝග තත්ත්වය මැඩ පවත්වා ගත හැක.මහාචාර්ය ඇන්ටන් ජයසූරිය මහතාට උපහාරක් ලෙසින් සුදුසුකම් ලත් වෛද්‍යවරුන් මගින් නොමිලේ ඔබට ප‍්‍රතිකාර ලබා ගැනීමට ඇන්ටන් ජයසූරිය ශික්ෂණ රෝහලේදී හැකියාව තිබේ.