Naifmvlog

Naifm vlog Gossip and News

බ්‍රහස්පතීගේ චන්ද්‍රයා මත අද්භූත ජීවීන් කොටසක්

බ්‍රහස්පති ග්‍රහයාගේ “යුරෝපා” නමැති චන්ද්‍රයා අද්භූත ජීවින් කොටසකට වාස භූමිය වී තිබෙන බවත් ඔවුන් බූවල්ලන් වැනි සත්ව විශේෂයක් බවත් බි්‍රතාන්‍ය අභ්‍යවකාශ විද්‍යාඥවරියක වන මොනිකා ගේ‍ර්ඩි නිශ්චිතව ප්‍රකාශ කරයි., ඇය ‘ලිවර්පූල් හෝප් විශ්වවිද්‍යාලයේ කුලපතිවරියයි. යුරෝපා ග්‍රහයාගේ පෘෂ්ඨයට යටින් තිබෙන හිම මුහුදු, නිසැකවම සාගර ජීවීන් දැක ගත හැකි පරිසරයක් බවද ඇය ප්‍රකාශ කරයි. අඟහරු ග්‍රහයා මත තිබෙන ගැඹුරු අඳුරු ගුහා දැඩි සූර්ය විකිරණවලින් වැළකෙන හෙයින් ඒවායෙහි නොයෙක් ජීවීන් බිහි වීමට උපකාරී වන පරිසරයක් පවතින බවත් ඇය සඳහන් කරයි. දැනටමත් එම ගුහා තුළ ජීවීන් දැකගත හැකි වනු ඇතැද ඇය විශ්වාස කරයි. අඟහරු ග්‍රහයා මතද යම් හෙයකින් ජීවීන් සිටියත් ඒ අනිවාර්යයෙන්ම එහි පෘෂ්ඨයට යටින් විය යුතුයැයිද මොනිකා විශ්වාස කරයි.

එහෙත් අඟහරු ග්‍රහයා මත සිටිය හැකි ඉතා කුඩා බැක්ටීරියා විශේෂයක් වනු ඇති නමුත් යුරෝපා උපග්‍රහයාගේ පෘෂ්ඨයට යටින් සිටිනු ඇත්තේ වඩා ලොකු ජීවීන් කොටසක් යැයිද මෙම විද්‍යාඥවරිය සඳහන් කරයි.බ්‍රහස්පතීගේ යුරෝපා උපග්‍රහයා මත බූවල්ලන් සමාන ජීවීන් සිටිය හැකිය යන මතය ඇදහිය නොහැක්කක් වන නමුත් 2013දී නිෂ්පාදනය කරන ලද “යුරෝපා රිපෝර්ට්” චිත්‍රපටයට ප්‍රස්තුත වූයේ එයයි. චිත්‍රපටයෙන් දැක්වෙන පරිදි අජටාකාශගාමීහු හයදෙනෙක්, යුරෝපා උපග්‍රහයා මත ජීවීන් සිටීදැයි සොයනු සඳහා පෞද්ගලික ධන ආයෝජනයකින් සංවිධානය කරන ලද අභ්‍යවකාශ ගමනක යෙදෙති. එහිදී ඔවුනට එම ග්‍රහලෝකයේ පෘෂ්ඨය යටින් බූවල්ලෝ වැනි සත්තු අහම්බෙන් හමුවෙති. එය මොනිකා ගේ‍ර්ඩි විද්‍යාඥවරිය ප්‍රකාශ කළ මතයට සර්වප්‍රකාරයෙන්ම සමාන සිද්ධියක් විය. “මේස ලුණු” යන සරල නාමයෙන් හැඳින්වෙන “සෝඩියම් ක්ලෝරයිඩ් රසායන ද්‍රව්‍ය යුරෝපා උපග්‍රහයෙහි තිබෙන බව, නාසා ආයතනයේ හබ්ල් දුරේක්ෂයෙන් පසුගිය ජූනියේදි අනාවරණය විය.යුරෝපා පෘෂ්ඨයට යටින් සාගර තිබෙන නමුත් එහි මතුපිට වැසී තිබෙන්නේ මිදුණු ජලයෙනි. එයින් දැක්වෙන්නේ එම හිම තට්ටුවට යටින් තිබෙන ලවණ ජලයෙහි සෝඩියම් ක්ලෝරයිඩ් ඉතා විශාල ප්‍රමාණයක් තිබෙන බවය.

පෘථිවියේ චන්ද්‍රයාට වඩා මඳක් කුඩා යුරෝපා උපග්‍රහයා දවස් තුන හමාරකට වරක් බ්‍රහස්පති වටා භ්‍රමණය වෙයි. එහි අයෝමය මධ්‍ය කේන්ද්‍රයක්ද පෘථීවියේ මෙන්ම ලවණ ජලය සහිත සාගරවලින් යුත් පෘෂ්ඨයක්ද ඊට යටින් හිම ස්තරයක්ද ඇතැයි අදහස් කරනු ලැබේ. පොළොවෙහි ජීවීන් බිහි වීමට හේතු සාධක වූ පාරිසරික තත්ත්වය ක්‍ෂීරපථයෙන් ඔබ්බෙහි වෙනත් තැනකද තිබිය හැකි යැයි මොනිකා ගේ‍ර්ඩි ප්‍රකාශ කරයි. අපගේ සෞරග්‍රහ මණ්ඩලය විශේෂ ග්‍රහලෝක සමූහයකින් නිර්මාණය වූවක් නොවන බවත් ක්‍ෂීරපථයට අයත් සියලු ග්‍රහලෝක මෙතෙක් මිනිසාගේ පුළුල් ගවේෂණයකට භාජන වී නැති බවත් මොනිකා ප්‍රකාශ කරයි. එහෙත් එහි කිසියම් තැනක පංච මහා භූතවලින් නිර්මිත ජීවීන් සිටිය හැකි යැයිද ඇය විශ්වාස කරයි. වෙනත් ග්‍රහ ලෝකවල ජීවීන් ඇතැයි යන මතය හුදු අනුමානයක් බවට පත්ව තිබෙන්නේ අපත් අනෙක් ග්‍රහලෝකත් අතර තිබෙන අති විශාල දුර ප්‍රමාණය නිසා යැයි කියන මෙම විද්‍යාඥවරිය, අනෙක් ග්‍රහලෝකවලින් ලැබෙතැයි කියන සංඥා විශ්වාස කළ හැකි ඒවා නොවේ යැයිද ප්‍රකාශ කරයි. අඟහරු ග්‍රහයා මත ජීවීන් සිටීදැයි සෙවීමේ ගවේෂණ තුනක් මේ වසර තුළදී වෙන් වශයෙන් ආරම්භ වීමට නිමිතය.

ජූලි මාසයේ ආරම්භ වීමට නියමිත “එක්සෝ මාස් 2020 (Exo Mard 2020-) යුරෝපීය අභ්‍යවකාශ ආයතනය (ESA) සහ රුසියානු රොස්කොස්මස් (Roscosmos) අභ්‍යවකාශ ආයතනයද ඒකාබද්ධව ක්‍රියාත්මක කරන්නකි. නාසා ආයතනයේ අලුත් රෝවර් යාන 2021 පෙබරවාරියේදී අඟහරු පොළොවට බැස්සීමට නියමිතය. ඒ අතර එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයද මීළඟ ගිම්හානයේදී “හෝප් මාර්ස් යනුවෙන් ආරම්භ කරන ගවේෂණ වැඩපිළිවෙළකට අරමුදල් යොදා ඇත.මෙවැනි තත්ත්වයක් යටතේ බුද්ධිමත් ජීවීන් සිටින එකම ග්‍රහ ලෝකය පෘථිවිය පමණක් යැයි තහවුරු වුවහොත් එහි පරිසරය අපගේ ජීවිතාරක්‍ෂාව රැක ගැනීම කෙරෙහි අති විශේෂ අවධානයක් අප යොමු කළ යුතුව ඇතැයිද ගේ‍ර්ඩි අවධාරණය කරයි.යුරෝපා උපග්‍රහයාගේ විශේෂත්වයබ්‍රහස්පති ග්‍රහයාගේ උපග්‍රහයා වන යුරෝපා පෘථිවියේ උපග්‍රහයා වන චන්ද්‍රයාට වඩා මඳක් කුඩාය. යුරෝපා, සෑම දවස් තුන හමාරකට වරක් බ්‍රහස්පති වටා භ්‍රමණය වන නමුත් ඒ දෙසට හැරී තිබෙන්නේ යුරෝපා උපග්‍රහයාගේ එකම පැත්තකි. එය පෘථිවියේ චන්ද්‍රයාද පෘථිවිය වටා භ්‍රහණය වන්නේ එහි එකම පැත්තහැමවිටම පෘථිවිය දෙසට හැරී තිබෙන අන්දමිනි. යුරෝපා, සූර්යයාගෙන් බොහෝ දුරස්ථව පිහිටා තිබෙන හෙයින් ඒ මත සාගර ජලය හැම විටම මිදී පවතී. එහි පෘෂ්ඨය තුළ සැඟවී තිබෙන එම සාගරය බ්‍රහස්පති ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණ උදම් වේගය නිසා ඒ තුළ ජීවීන් බිහි විය හැකි පරිසරයක් පවතින්නේ දැයි බොහෝ විශේෂඥයෝ විශ්වාස කරති, නාසා ආයතනයේ විශේෂඥයෝ ඒ පිළිබඳව ගවේෂණයක යෙදීමට සූදානම් වෙති.පිටසක්වළ ජීවීන් සෙවීම සඳහා මේ වන විට තමන්ගේ හොඳම ඉලක්කය වී තිබෙන්නේ යුරෝපා උපග්‍රහයා යැයි ඔවුහු ප්‍රකාශ කරති. ඉදිරි දශකය තුළ ඒ සඳහා යුරෝපා වෙත ගමන් වාර දෙකක් සංවිධානය කරන බවද නාසා ආයතනය කියයි.