Naifmvlog

Naifm vlog Gossip and News

ඉතාමත් ගුණයෙන් යුක්ත අපූරු පළතුර

කාමරන්ගා ඉදුණු ගෙඩි රක්තජ රෝග, රක්තපිත්ත, ශිතාද (ස්කර්වි) සඳහාද යොදන අතර රක්ත ප‍්‍රකෝප ජනිත ශීර්ෂ රෝගයන්හිදී කාමරන්ගා යුෂ මිශ‍්‍ර තෛල ප‍්‍රයෝගයෙන් විශේෂ ගුණ ඇතිකරයි. ඉදුණු ගෙඩි වලින් සැකසූ පානය, දාහය, උණ, පිපාසය නිවාරණය කරන අතර දුර්වල අවස්ථාවන්හිදීද හිතකරයි.මෙහි සිරුරේ විෂ නසන ගුණ පවතී. තවද මෙය පිළිකා ෙසෙල නැසීමේ ගුණයෙන් යුක්තයිකාමරන්ගා ලෙස අප හඳුන්වන මෙම පළතුර ඉංග‍්‍රීසියෙන් Carombola ලෙසද දෙමළ භාෂාවෙන් කන්ඩා, සාගලම් ටමරට්ටායි ලෙසද සංස්කෘත භාෂාවෙන් බි‍්‍රහද්දාල, මුද්ගාර රුජාකර යන නම් වලින්ද හඳුන්වයි. මෙය 10m පමණ උස ගසකි. අතු බෙදී පවතී. පත‍්‍ර මාරුවෙන් මාරුවට පවතී. මෙහි මල් වසරේ මැයි මස සිට අගෝස්තු මස දක්වා දැකීමට හැකියි. එසේම නොවැම්බර් මාසය දක්වා ද පවතියි. මෙම ශාකය ලංකාවේ පහතරට ප‍්‍රදේශවල හා මධ්‍යම පළාතේ වැඩිපුර දැකීමට ලැබේ.

මෙම පළතුරෙහි විටමින් A,B,C‍ හා E අන්තර්ගතව ඇත. එසේම කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම් හා සින්ක් වැනි ඛනිජ ලවණ අන්තර්ගතව ඇත. ඒ වගේම කාබොහයිඩ්‍රේට්, සීනි, මේද (Fat) ප්‍රෝටීන් අඩංගු වේ. රස ලෙස ගත්විට කාමරන්ගා ඇම්බුල් (අම්ල), පැණි (මධුර) හා කෂාය යන රස වලින් යුක්තයි. ආයුර්වේදයට අනුව අමු ගෙඩි උෂ්ණ වීර්ය සහිත නිසා සෙම හා වාත දෝෂ සමනය කරයි. ඉදුණු ගෙඩි පැණි රස හා ශීත වීර්යයෙන් යුතු නිසා පිත් දෝෂය සමනය කරයි.කාමරන්ගාවල 100g ක පෝෂ්‍ය පදාර්ථ ප‍්‍රමාණ පහත දැක්වේ.කාබොහයිඩ්‍රේට් 6.73gසීනි 3.98gsuwa2 2ආහාරමය තන්තු 2.8gමේද 0.33gප්‍රෝටීන් 1.04gමීට අමතරව විටමින්, ඛනිජ ලවන සහ ජලය අන්තර්ගතවේ.ග‍්‍රාහී ගුණයෙන් යුතු මෙය ආහාරයට ගැනීමෙන් ආහාර රුචිය වැඩිකිරීම හා මනා ලෙස ආහාර දිරවීම සිදුවන අතර ඉදුණු ගෙඩි පැණිරස හා ශීත වීර්ය ඇති නිසා ශ්‍රෝණිත ස්ථාපනය (ලේ නැවැත්වීම) සිදු කරන අතර බාහිර ලෙස යෙදීමෙන් නොපැසවූ ව‍්‍රණශෝථ පැසවීමද, ලෝහ වලින් සිදුවූ තුවාලවලට බැඳ තැබීමෙන් විස ඇද්දවීමද සිදුකරයි.

තවද මෙම පළතුර පිපාසය, කෑම නුරුස්සන ස්වභාවය (අරුචි), බඩගින්න නොදැනීම, ජීර්ණය නිසිලෙස සිදු නොවීම වැනි විටදීද, එසේම රක්තාර්ශස් වැනි රෝගයන්හිද භාවිතා කරයි. විශේෂයෙන් ඉදුණු ගෙඩි පිපාසයට අග‍්‍රයි.රක්තාර්ශස් වලදී ඉදුණු ගෙඩි ආලේපයක් ලෙස යෙදීම අනර්ඝ මහෞෂධයක් ලෙස සැලකිය හැක. කාමරන්ගා ඉදුණු ගෙඩි රක්තජ රෝග, රක්තපිත්ත, ශිතාද (ස්කර්වි) සඳහාද යොදන අතර රක්ත ප‍්‍රකෝප ජනිත ශීර්ෂ රෝගයන්හිදී කාමරන්ගා යුෂ මිශ‍්‍ර තෛල ප‍්‍රයෝගයෙන් විශේෂ ගුණ ඇතිකරයි. ඉදුණු ගෙඩි වලින් සැකසූ පානය, දාහය, උණ, පිපාසය නිවාරණය කරන අතර දුර්වල අවස්ථාවන්හිදීද හිතකරයි. මෙහි සිරුරේ විෂ නසන ගුණ පවතී.තවද මෙය පිළිකා ෙසෙල නැසීමේ ගුණයෙන් යුක්තයි. නමුත් මෙය දිනපතා ආහාරයට ගැනීම සුදුසු නොවේ. මෙය මළ බද්ධයට හිතකරයි. රක්ත වර්ධනය ඇති කරයි. අධිරුධිර පීඩනයට ගුණදායක වේ. ප‍්‍රතිශක්තිය වර්ධනය කරයි. එනම් බොහෝ රෝග වලින් වැළකීමේ ශක්තිය ඇතිකරයි. අත් පා සන්ධි වල ඇතිවන වේදනාව අඩුකරයි.

විශේෂයෙන් සිරුරේ ඇතිවන හිරිය නසයි. ස්නායු රෝග සඳහාද ගුණ දායකවෙයි.මෙහි මේදය අඩුවෙන් පවතින නිසා අධික තරබාරු බව හෙවත් ස්ථූලතාවයට ගුණදෙයි. ඒ වගේම කොලෙස්ටරෝල් අඩුකිරීමේ හැකියාවද ඇත. තවද මානසික ආතතියට බොහෝ ගුණ දායක වන පළතුරකි. නමුත් මෙය වකුගඩු රෝග ඇති අයට හා මූත‍්‍රා ගල් ඇති අයට සුදුසු නොවේ. ඊට හේතුව කාමරන්ගා වල Caramboxin හා Oxalic acid ඇති නිසා මෙය අධිකව ගතහොත් වකුගඩු (Kidnies) දුර්වල වීමට හැක. එම නිසා වකුගඩු ආශ‍්‍රිත රෝග ඇති අයට මෙම පළතුර සුදුසු නොවේ.කාමරන්ගා අඩු කැලරි සහිත පළතුරක් නිසා ස්ථූල අයට සුදුසුයි.එසේම මෙම ගසේ කොළ වලින් සාදනු ලබන කෂාය වමනය අවස්ථාවේදී යොදන ලෙස දක්වා ඇත. තවද සිරුරේ අභ්‍යන්තරව රක්තවහනය සඳහාද, අම්ලපිත්ත (Gastritis) රෝගයේදී, ආමාශ ගත තුවාල වලින් ඇතිවන රක්තවහනය නැවැත්වීම සඳහාද කාමරන්ගා පානය මහත් වූ ඖෂධයකි. එසේම රක්තාර්ශස් වලටද සුදුසු පළතුරකි. මෙය ආහාරයට ගැනීමේදී දැනගතයුතු වැදගත් කරුණක් වනුයේ, ආහාරයට ගැනීමට පෙර මෙහි මැද නාරටිය හා වටේ දාර කොටස් ඉවත් කළ යුතු බවයි. තවද මෙය අධික ලෙස ආහාරයට නොගත යුතුයි.දිනකට ගෙඩි එකක් පමණ ගත්තාට වරදක් නැත. ගෙඩි 10ක් 12ක් පමණ ගැනීම කෙලෙසකවත් සුදුසු නොවේ කාමරන්ගා ගැන සමාජයේ ඇති මිථ්‍යා හා දුර්මත දුරුකර නියම ප‍්‍රමාණයට ආහාරයට ගැනීමෙන් නිරෝගි බව වර්ධනය කර ගත හැකිය.