Naifmvlog

Naifm vlog Gossip and News

ගන්ධබ්බයකු වී සැරිසරන්නට පුළුවන්ද

විද්‍යානුකූල ව සොයාගෙන ඇති තොරතුරු අනුව මවු කුසක කලල රූපයක් හට ගැනීම පිළිබඳ කතාව සරල එකක්. නමුත් එම කලල රූපයට ජීවයක් එකතු වුණේ කොහොමද කියන එක විද්‍යාත්මක නව පර්යේෂණයන්ට හසු නොවන ගැඹුරක් දක්වා දුර යන එකක්.සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ එන සරල දේ නම් මරණින් මතු නැවත ප්‍රතිසන්ධියක් ලබනතුරු සැරිසරමින් පසුවන තත්ත්වය “ගන්ධබ්බ” කියලයි. මේ ගන්ධබ්බ තත්ත්වයෙන් සැරිසරමින් පෙර ආත්මයේ දී මියගිය පසු ශරීරයෙන් ඉවත් වූ පුද්ගලයා සතු ශක්තියක් නම් ඔහු තමන්ට සුදුසු උපදින ස්ථානය ලැබෙනතුරු ගත කරන ජීවිතය ගන්ධබ්බ තත්ත්වයේ එකක් බවයි මින් තවදුරටත් පැහැදිලි කරන්නේ.මේ පිළිබඳ කරුණු විග්‍රහ කරන අය කරණීය මෙත්ත සූත්‍රයේ තැනක් මතු කර ගන්නේ මේ සඳහා හොඳ ප්‍රවේශයක් හැටියට සලකාගෙනයි. කරණීය මෙත්ත සූත්‍රයේ තැනෙක “සම්භවේසි” යන්න සඳහන් වෙනවා. එය අර්ථ නිරූපණය කරන අය දක්වන්නේ සම්භවේසි කියන්නේ “යම්කිසි කුසක පිළිසිඳ ගන්නා බලාපොරොත්තුව ඉන්න ජීවියෙක්” කියලයි.

එම අර්ථ නිරූපණය එසේනම් ශරීරයෙන් පිටතට ඇදුණු කයක් නම් භෞතික ශරීරය මෙන් ස්පර්ශ කර අල්ලාගන්න පුළුවන් එකක් වෙන්නේ නැහැ. එය ඇසට නොපෙනෙන තත්ත්වයක්. කොහි සිටිනවද? කොතැනට යනවද කියලා හොයාගන්න බැහැ. තවත් සමහරෙක් මේ ගන්ධබ්බ තත්ත්වය මනෝමය කාය වන්නටද පුළුවන් බව කියනවා.එම අර්ථ නිරූපණය එසේනම් ශරීරයෙන් පිටතට ඇදුණු කයක් නම් භෞතික ශරීරය මෙන් ස්පර්ශ කර අල්ලාගන්න පුළුවන් එකක් වෙන්නේ නැහැ. එය ඇසට නොපෙනෙන තත්ත්වයක්. කොහි සිටිනවද? කොතැනට යනවද කියලා හොයාගන්න බැහැ. තවත් සමහරෙක් මේ ගන්ධබ්බ තත්ත්වය මනෝමය කාය වන්නටද පුළුවන් බව කියනවා.කුසලාකුසල ශක්තීන්ගේ යුත් නාම ධර්මයක් හැටියට මෙහිදී විඤ්ඤාණය ගතහොත් තවත් තැනක උපත ලබන්නට එම විඤ්ඤාණයට හැකියාවක් තියෙන්න ඕන. අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනවා නම් සංස්කාර නිසා විඤ්ඤාණ ඇතිවෙනවා නම් විඤ්ඤාණය නිසා නාමරූප ද නාමරූප නිසා සලායතන ද ඇතිවෙන්න ඕන. එහෙමනම් නාමරූපයක් හා සලායතන ඇතිවන්නට හේතුවන විඤ්ඤාණය තුළ ශක්තියක් නැතිනම් නාමරූප ඇතිවන්නේ කොහොමද? කියලා කෙනකුට ප්‍රශ්න කරන්න පුළුවන්.අපි මොහොතකට ඔබ දන්නා උදාහරණයක් දිහාට හැරෙමු. ඔබ අහලා තියෙනවා තුසිත දිව්‍ය ලෝකයේ ඉඳලා බෝධිසත්ත්වයෝ චුත වෙලා මායා දේවියගේ කුසට ඇතුළු වී උපත ලැබූ බව.

මෙය දීඝනිකායේ මහාපදාන සූත්‍රයේ “තුසිතකායා එවිත්වා සතෝ සම්පජානෝ මාතුකුච්ජිං ඔක්කම්” වශයෙන් හඳුන්වනවා. එහෙමනම් බෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ දිව්‍ය ශරීරය අත්හැර මවුකුසට ආවේ මොකක් ලෙසද? එය විඤ්ඤාණයද? මනෝකායක්ද? එසේත් නැත්නම් ගන්ධබ්බයාද? කියන එක අද විවාදයට බඳුන් වෙලා. එහි සැබෑව තේරුම්ගන්න උනන්දුවක් ඇතිවෙලා.මේ ගැටලුවට හොඳ නිරවුලක් ඇතිකරගන්න බැරි නැහැ. දිව්‍යමය කාය අතහැර මවුකුසට මේ උදාහරණය අනුව පැමිණි යමෙක් සිටි බව කියැවෙනවා. එය විඤ්ඤාණය නම් එහි හොඳ සිහියෙන් තේරුම්ගෙන වටහාගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මනෝමය කාය තුළද මේ කියන සිහිය තියෙනවා. ගන්ධබ්බ තත්ත්වය තුළද මේ කියන සිහිය තියෙනවා. ඒ අනුව සිහිය හෙවත් කල්පනාව ඇති ශරීරයෙන් ඉවත්ව ගිය නොපෙනෙන ශක්තියක් තිබෙන බව පැහැදිලියි.කොහොම වුණත් අප මෙතෙක් කතා කළ සිදුවීම් හා අප දන්නා තොරතුරු අනුව මෙහි ඇති පැටලිලි සහගත බව හටගෙන තියෙන්නේ භාෂා ව්‍යවහාරයේ එන වචන යෙදෙන ආකාරයේ අඩුපාඩුකම් අනුව බව පෙනෙන්නට තියෙනවා.ගන්ධබ්බයා- අන්තරාභවිකයා- කියන තත්ත්වය උපතක් ලබන තුරු ගත කරන කාලය තුළ සැරිසරන තත්ත්වය නම් එය සූක්ෂ්ම ශරීරයක් වන්නට පුළුවන් බවට තර්කයක් නැඟෙනවා. එතැනදී එය මනෝමය කායක්ද යන්නත් ප්‍රශ්නයක් වෙනවා. ඔය කියන තත්ත්වය අනුව විඤ්ඤාණය මිය ගිය පසු ශරීරයෙන් ඉවත්වෙනවා කියන්නේ එය සූක්ෂ්ම ශරීරයක් වශයෙන් අවකාශයට එක් වී ප්‍රතිසන්ධියක් ලබනතුරු පාවෙමින් සැරිසරන බව යැයි සලකා බලන්නට සිදුවෙනවා. අපි මියයනතුරු පැවැති නාම-රූප සහිත පංචස්කන්ධය ජීවත් වනතුරු රැගෙන ආ කුසලාකුසල ශක්තීන් මත මිය ගිය පසු ඊළඟ මොහොතේම ප්‍රතිසන්ධියක් ලබන්නටත් පුළුවන්. එසේ වන තත්ත්වයක දී ගන්ධබ්බ යැයි කියන්නේ නැහැ.

නමුත් පිළිසිඳගත්තේ මැරුණු පුද්ගලයාගේ විඤ්ඤාණ ශක්තිය හෝ සූක්ෂ්ම ශරීරයද කියා ගැටලුවක් ඇතිවන්නේ නැහැ.“අන්තරාභවය” කියා හැඳින්වූයේ ගන්ධබ්බ තත්ත්වයේ අවස්ථාව නම් එම අවස්ථාවේදී ගතකරන ශරීරය සූක්ෂ්ම ශරීරයක් වන්නට ද බැරි නැහැ. උපත සිදුවනතුරු සැරිසරන්නට ශක්තියක් සහිතව සූක්ෂ්ම ශරීරය සැරිසරනවා වන්නටද පුළුවන්. මෙය කුමන නමකින් හැඳින්වුවත් එහි ගැටලුවක් නැති බව පෙනී යනවා.නමුත් මනෝමය කාය සංකල්පයට අනුව මනෝමය රුවක් මැවීම හෝ එම මනෝකාය ශරීරයෙන් පිටතට මුදාහැරීම එක් අවස්ථාවක් පමණක් බව පෙනෙනවා. එය බොහෝදුරට ජීවත්ව සිටින ආත්මයේදී දරන ශරීරයට පමණක් කළ හැකි දෙයක් බව පෙනෙනවා. නොමළ කෙනෙක් මනෝමය කාය මැවීම සහ මළ කෙනකුගේ ගන්ධබ්බ තත්ත්වය අවස්ථා දෙකක් බව තර්ක කෙරෙන්නේ ඒ නිසයි.ගන්ධබ්බ සහ මනෝකාය යන දෙක එකිනෙකට ගැළපිය නොහැකිය. ගන්ධබ්බ යනු මවුකුසක ජීවිතයක් ආරම්භ කරන තත්ත්වයක්. චුල්ලපන්ථක තෙරුන් මනෝමය රූප නිර්මාණ කරන ලද්දේ තමාගේ රූපයට සමාන වන ලෙස කරන ලද වෙන්වීම් සමූහයක් පමණයි. එක්කෙනකුගේ චිත්ත බලය මත බිහිකරන ලද්දක් මිස උන්වහන්සේ තුළ ඇතැයි සිතන මනෝකාය එළියට ගැනීමක් නොවේ. එතුමෝ සිහිකල්පනාවෙන් හා සමාධි සුවයෙන් තම අසුනේම හෝ හිටි ඉරියව්වෙන් වැඩසිටි සේක. මේ නිසා මනෝකාය, මනෝමය කාය හා ගන්ධබ්බ යන කරුණු තුනක් බව සැලකීම වඩාත් උචිත බව පෙනෙනවා.ගන්ධබ්බ තත්ත්වයට මනෝකායක් කියලා සඳහන් නොවෙන්නේ මේ කරුණු නිසා වන්නට පුළුවන්. කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කෙරෙමින් පවතින තත්ත්වයක් තුළ ඉතා සරලව අපට තේරුම් කරගත හැකිව ඇති සත්‍යය එයයි.බෙල්ලන ශ්‍රී ඥානවිමල නාහිමියන්ගේ දෙසුමක් ඇසුරිනි,