Naifmvlog

Naifm vlog Gossip and News

යුධ හමුදාවෙන් මේවගෙ දෙයක් කරයි කියා ඔබ සිතුවාද

දමිළ තරුණ තරුණියන් හට ඔවුන්ගේ ගායන හා නර්තන හැකියාවන් කලඑලි දැක්විමට මහගු අවස්ථාවක් උදාකර දෙමින් ආරක්‍ෂක සේනා ආඥාපතිගේ සංකල්පයකට අනුව JAFFNA GOT TALEN – 2020 තරගාවලිය සංවිධානය කෙරිණ.ඒ යාපනය අර්ධද්විපය තුල ජිවත්වන දමිළ ජනතාව හා යුද්ධ හමුදාව අතර පවතින සුහදතාවය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින්ය.මෙම තරගාවලියේ සියළුම සංවිධාන කටයුතු යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරියගේ මග පෙන්විම මත 52 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් සේන වඩුගේගේ පුර්ණ අධික්‍ෂණය යටතේ සිදු කෙරෙන අතර මෙහි සියළුම තරග සංවිධානය කිරිමෙි දී යාපනය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය හා කලා අංශයේ පුර්ණ දායකත්වය ලබාගැනිමට කටයුතු කර ඇත.තරගාවලිය ගායන හා නර්ථන වශයෙන් අංශ දෙකක් යටතේ පැවැත්වෙන අතර එහි මුලික තරග 2020 පෙබරවාරි මස 11 සිට 15 වන දින දක්වා යාපනය මරදනාමඩමිහි උතුරු ශි‍්‍ර ලංකා පෙරදිග සංගිත සංගම් ශාලාවේදී පැවැත්වෙන ලදි.

එහිදී දමිළ තරුණ තරුණියන් විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් හා උද්යෝගයෙන් යුතුව මෙම තරගාවලිය සදහා සහභාගිවිම කැපීපෙනුන කරුණක් බවයි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පැවසුවේ.මුලික වටයේ තරග තුලින් ගායන අංශයෙන් තරගකරුවන් 112 දෙනෙකු හා නර්ථන අංශයේ තරගකරුවන් 80 දෙනෙකු තෝරාගෙන ඔවුන්ගේ දක්‍ෂතාවයන් තවදුරටත් විද්වත් විනිශ්චය මණ්ඩලය විසින් පරික්‍ෂා කිරිමෙන් අනතුරුව අර්ධ අවසන් පුර්ව වටයේ තරග සදහා ගායන අංශයෙන් තරගකරුවන් 30 දෙනෙකු හා නර්තන අංශයෙන් තරගකරුවන් 25 දෙනෙකු බැගින් තෝරාගන්නා ලදි.තවද මෙම තරගාවලියේ විනිශ්චය මණ්ඩලය සදහා යාපනය විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ විද්වතුන්ගේ සහය මෙන්ම ඉන් පරිබාහිර විද්වතුන්ගේ සහය ද ලබා ගැනිමට කටයුතු කිරීම ද විශේෂත්වයක්.ඒ අනුව 2020 පෙරවාරි මස 25 සහ 26 වන දිනයන් තුලදී අර්ධ අවසන් පුර්ව වටයේ තරග පැවැත්වු අතර එහිදි අර්ධ අවසන් තරගය සදහා ගායන අංශයෙන් තරගකරුවන් 10 දෙනෙකු හා නර්තන අංශයෙන් තරගකරුවන් 10 දෙනෙකු බැගින් ඔවුන්ගේ විශේෂ හැකියාවන් හා දක්‍ෂතාවයන් ඉතා සුක්ෂමව විද්වත් විනිශ්චය මණ්ඩල දෙකක් විසින් (ගායන හා නර්තනයන් සදහා වෙන් වෙන්ව) පරික්‍ෂා කිරිමෙන් අනතුරුව අවසන් පුර්ව වටය සදහා ගායන හා නර්තන අංශයන්ගෙන් තරගකරුවන් 20 දෙනෙකු තෝරා ගෙන ඇත.

මෙම තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග 2020 මාර්තු මස 10 වන දින (හෙට) 09.00සිට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරියගේ ප‍්‍රධානත්වයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය – යාපනයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විමට මේ වන විට සියළු කටයුතු සංවිධානය කර ඇත.මෙහිදී නර්තන අංශයෙන් තරගකරුවන් 05 දෙනෙකු හා ගායන අංශයෙන් තරගකරුවන් 05 දෙනෙකු බැගින් අවසන් මහ තරගය සදහා තෝරාගැනිමට නියමිතයි.මෙහි අවසන් මහ තරගය 2020 අපේ‍්‍රල් මස 05 වන දින වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ගේ ප‍්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් යාපනය THANTHAI CHELVA ශාලාවේදී පැවැත්විමට සියළු කටයුතු සුදානම් කර ඇති බව ද සදහන්.