Naifmvlog

Naifm vlog Gossip and News

රට හැමතැන තියෙන ස්-පා කඩ

S~P~A ඔබ මේ වචනේ තේරුම දන්නවද. ලංකාව පුරා විවිධ නගරවල දිවා රාත්‍රි වෙනසක් නැතිව දැල්වෙන විදුලි එළි අතර නිතර දකින මේ ස්~පා අස්සට යන්න මට හිතුණා. ඒකට ඉතින් ඒ වගේ කෙනෙක් මුණ ගැහෙන්න ඕනේ. ඩික්සන් අයියයි, ඩේසි ඇන්ටියි (අන්වර්ථ නාමයකි) මට හමු වුණේ එහෙම. තැන කොළඹ අවට පොඩි නගරයක්. එතැන ඔවුන්ගේ සම්~බාහන මධ්‍යස්ථානයක් තියෙනවා. ළමයි දහයක් විතර වැඩ කරනවා. ඒ හැමෝම දවසට රුපියල් පන්දහසකට වඩා උපයා ගන්නවා. ඒ තමයි අවම ගාණ මේ වගේ පොඩි ස්~පා කඩවල දවසේ උපයන. ඒ වුණාට සුපිරි ලක්ෂුරියල් ස්~පාවල දවසට එක සම්~බාහනයට එන අය වියදම් කරන (කරවන) මුදල ලක්ෂ ගණන්. හරි අපි ඩික්සන් අයියා එක්ක මුලින්ම කතා කරමු…

කොච්චර කල්ද අයියේ මේ ස්~පා වැඩේ පටන් අරන්…මම අවුරුදු තිහකට එහා මේ ව්‍යාපාරේ පටන් අරගෙන. මේ ඉන්න ඩේසි අක්කා තමයි මුල්ම මගේ සේවිකාව. මුලින්ම අපේ මසාජ් එක තිබුණේ මහරගම. ඊට පස්සේ තව තැන් ගොඩක ඉඳලා තමයි මෙහෙට ආවේ… මෙතැන ඉස්සර තිබුණේ රූම්ස් දෙන තැනක් නේද… ඔව්. ඒ බිල්ඩින් එක නඩුවක් හින්දා දෙකට වෙන් වුණානේ, ඊට පස්සෙ තමයි මම අරගෙන මේ මසාජ් එක දැම්මේ… ඇයි මසාජ් එක කියන්නේ… කරන්නේ ඒකනේ. ඇඟ, ඔළුව මසාජ් කරන එකනේ කරන්නේ… ඩික්සන් අයියා ළග කී දෙනෙක් විතර වැඩ කරලා තියෙනවද… මේ අවුරුදු තිහට දාහකට වඩා මං යටතේ වැඩ කරලා තියෙනවා. ඒ හැමෝම හොඳ ගණන් උපයාගෙන ජීවිතේ ගොඩ දාගෙන තියෙනවා… තාමත් ඒ අය වෘත්තියේ ඉන්නවද… සමහරු ඉන්නවා. තව අය බැඳලා පෙළවහක් වෙලා ලස්සන පවුල් ජීවිත ගෙවනවා… කතාබහ කරන අයත් ඉන්නවද… අපෝ ඔව්. මට මේ රටේ ඕනෑම නගරෙක දන්නා ළමයෙක් ඉන්නවා. කොහේ ගියත් එහෙමයි. මං කවදාවත් මගෙන් ගිය කෙනෙක්ට ගණන්කාරකම් දාන්නේ නෑ. වෙන අය වගේ…

ගණන්කාරකම් කියන්නේ මොකක්ද… අපි මෙහෙම කතා කර කර ඉන්න අතරේ ඩේසි ඇන්ටි අපි ඉන්නා තැනට ආවා. ඇය හිසෙන් සීසීටීවී එක ඩික්සන් අයියාට පෙන්නුවා. දැන් වේලාව රෑ නවයයි හතළිස් පහයි. ඩික්සන් අයියා ඩේසි ඇන්ටි දිහා බැලුවා… අදත් අර පිස්සා ඇවිත් නේද… ඒක නේන්නම්. කුමාරි වැඩක ඉන්නේ… ඩේසි ඇන්ටි ඩික්සන් අයියට කිව්වා… ඔය යකා කුමාරිවම ඉල්ලලා ඩෙඟා නටයි අදත්… බලමු. මං මොකක්හරි විධියක් බලන්නම්…. අනේ මේ ඩේසි අක්කේ, ළමයි දෙන්නෙක් දාලා හරි මෑන්ව ෂේප් කර ගන්න. පොලිස්කාරයෙක්නේ. මොනවා කරයිද දන්නේ නෑ… ඊට පස්සේ ඩේසි ඇන්ටි කොරිඩෝව දිගේ ඇතුළට ගියා. ඩික්සන් අයියා ගල් පඹයා අතට ගත්තා. මේ වෙනකොට ඩික්සන් අයියා හිටියේ හොඳටම පදම් වෙලා. මං ඔහුට උදවු කරන්න හිතාගෙන මේසේ අෑත තිබුණු වීදුරුව අරගෙන ඔහු ළඟින් තිබ්බා… ඇයි මොකක්ද ප්‍රශ්නේ අයියේ… ස්~පා කියන්නේ මාර රස්සාවක් බං. ඔය ඇවිත් ඉන්න මෑන් ගල් නරියා. ඉල්ලන්නේ එකම කෙල්ල. ඒකිගේ නම කුමාරි. ගම ගලේවෙල. ඇවිත් මාස පහක්. ඩේසි අක්කාමයි හොයාගෙන ආවේ. මේ මනුස්සයා මේ කෙල්ලට වහ වැටිලා ඉන්නේ. එයා ආවම පැය දෙක තුන ඉන්නවා. සල්ලි දෙන්නේ නෑ…

සල්ලි නොදී කොහොමද මසාජ් කර ගන්නේ… එහෙම තමයි මල්ලි. සල්ලි ඉල්ලලා ගන්න පුළුවන් අයත් ඉන්නවා. සල්ලි දීලා වැඩෙත් කරවගන්න ඕන අයත් ඉන්නවා. එහෙම නැතුව මේ ව්‍යාපාරෙ කරන්න බෑ. ප්‍රශ්න අනන්තයි. මොකක්ද සල්ලි දීලා වැඩෙත් කරවන කතාව. ඔය ඇවිත් ඉන්න එකා (නගරයක නමක්) පොලිසියේ. උෟ කරන්නේ ෆී මසාජ් එකකුත් දාගෙන, අපෙනුත් ගාණක් කපාගෙන, පොඩි සත්තමකුත් දාල ළමයි ටිකත් බය කරලා යන එකයි. ඊට පස්සෙ මේ ළමයි වැඩ කරන්න කැමැති නෑ. බයයි. කොයි වෙලේ පොලිසියෙන් ඇවිත් වට කරයිද දන්නේ නෑනේ. අපේ ළමයි ඉන්නෙත් මේ ඇතුළෙමයි. ඉතින් ඒ වගේ අය එක්ක හැප්පෙන්න බෑනේ. ඊට වැඩිය ලේසියි උෟට ඕන දේ දීලා බිස්නස් එක කරගෙන යන එක. මේ වගේ ව්‍යාපාරවලට ප්‍රශ්න තියාගෙන යන්න බෑ. මොනවා හරි බොරු දාලා නඩු දාන්න පුළුවන්නේ… මොනවාද දාන බොරු චෝදනා… ග~ණි~කා නිවාසයක් පවත්වාගෙන යනවා කියලා. මේකේ ඇතුළේ ඒ මඟුල් වෙන්නේ නෑ. මං හරි ප්‍රමිතියකට මේක කරන්නේ. මස් කඩදාලා හම්බු කරන සල්ලිවලට වැඩිය අවශ්‍ය දේ විතරක් කරලා හම්බු කරන ගාණ ඇති.

මෙහෙම ස්පා කරන්න අවසර ගන්න ඕනේ නේද. ඔව්. ඒ වගේම පිළිගත් ආයුර්වේද වෛද්‍යවරයකුගේ නිර්දේශය ඕන. බලලා තමයි අවශ්‍ය මසාජ් එක මොකක්ද කියලා තීරණය කරන්නේ… මෙහේ එහෙම පැය විසිහතරම වැඩ කරන ඩොක්ටර් කෙනෙක් ඉන්නවද… එක පාරටම ඩික්සන් අයියා ඔළුවේ අත ගහගත්තා. සීසීටීවී කැමරා එකේ එක රූප රාමුවක කෙනෙක් මල් පෝච්චියක් පොළොවේ ගහනවා පෙනුණා. ඩික්සන් අයියා දඩිබිඩි ගාලා නැඟිට්ටා. ෆෝන් එක අරගෙන කාටද කතා කරන්න නොම්බර එබුවා. මසාජ් කරන ළමයි ටික ඔක්කොම තව රූපරාමුවක ගුළි වෙලා ඉන්නවා පෙනුණා. තව කවුරුහරි මසාජ් එකක් දාගන්න ආව කෙනෙක් ටවල්එක පිටින් කොරිඩෝ එකේ එහාට දිව්වා… කෝ උඹලගේ මහ එකා. එන්න කියාපන් මෙහාට. මං අද මේක දෙක කරලයි යන්නේ. කවුද මන්දා කෙනෙක් ලොකු ගෝරනාඩුවක් දානවා අපි ඉන්න තැනට ඇහුණා. ඩික්සන් අයියා ගල් පඹයා මේසේ යටින් තියලා තොල් දෙක තද කරලා නිශ්ශබ්ද වෙන්න කියලා මට සංඥා කළා…

පාට පාට විදුලි බුබුළක් නිවි නිවී දැල්වුණා. අර ළමයි ගොඩක් හිටිය කාමරේට ඩේසි ඇන්ටි යනවා සී.සී.ටී.වී. කැමරා එකේ රූප රාමුවක පෙනුණා. එයින් එක ළමයෙක් එක්ක ඩේසි ඇන්ටි මොනවද මන්දා කිව්වා. ඇය බැගෑපත් ලෙස ඒ ළමයාගේ අතින් අල්ලාගෙන එළියට ආවා. අර මල් පෝච්චිය පොළොවේ ගැහුව කෙනා පුටුවක ඉඳගෙන හිටියා. ඩේසි ඇන්ටි අර ළමයත් එක්ක එතැනට ගියා. අර මෑන් නැඟිට්ටා. අර ළමයාගේ අතින් අල්ලා ගත්තා. ළමයා යන්ත්‍රයක් වගේ ඒ මෑන් පස්සෙන් ගියා. ඔවුන් කොරිඩෝවක් දිගේ එහාට ගිහින් නොපෙනී ගියා. ඩේසි ඇන්ටි සී.සී.ටී.වී. කැමරා එක දිහා බලලා හිනාවක් දැම්මා. ඩික්සන් අයියා මේසේ යටින් ගල් පඹයා අරගෙන උඩින් තිබ්බා. ඔහුගේ මුහුණේ තිබුණේ කලකිරීමක්ද, සහනයක්ද කියලා මං දස අතේ හිතුවා. දැක්කද වෙච්ච දේ. ඔය පිස්සා ඔහොමමයි. මෙහෙ ඇවිත් හොඳ නාඩගමක් නටලා උගේ වැඩේ කරගෙන යනවා… එයා මසාජ් එකක් දාගන්නද ගියේ. එහෙම වෙන්න ඇති…

ඩික්සන් අයියා ඒ කියපු විදිය කතා ගොඩක් මට තේරුම් කරලා දුන්නා. කොහොම වුණත් මේවාට මැදිහත් වෙනවට වැඩිය මං ආපු වැඩේ වැදගත් හින්දා මම ආයිත් මාතෘකාවට බැස්සා. මං ඉස්සෙල්ලා ඇහුවේ අයියේ පැය විසිහතරම වැඩ කරන ඩොක්ටර්ස්ලා ඉන්නවද කියලා. ආ. ඒක එහෙම තමයි. මේවා ආයුර්වේද සම්~බාහන මධ්‍යස්ථාන විදිහටනේ රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඉතින් රෑ කීයට වුණත් අපි දෙන කෝල් එකට එන ඩොක්ටර් කෙනෙක් එක්ක අපි සම්බන්ධයි. එයාට වෙනම රූම් එකක් එහෙම තියෙනවද. ඔව්. ප්‍රෙශර් එහෙම බලනවා. ඇස් එහෙම බලනවා. ඒවාට වෙනම රූම් එකක් තියෙනවා. ඔය අතරෙ රෑ වුණා. දැන් වෙලාව රෑ එකොළහයි තිහයි. අර පිස්සු මෑන් කොරිඩෝව දිගේ එනවා සීසීටීවී රූප රාමුවක පෙනුණා. ඒ පිටිපස්සෙන් ගෑනු ළමයත් ආවා. ඇය හිටියේ තෙහෙට්ටුවෙන් වගේ. මෑන් ඩේසි ඇන්ටි දිහා බලලා මොනවද කිව්වා. ඩේසි ඇන්ටි පුටුවෙන් නැඟිිටලා ඔහුට මොනවද කිව්වා. ඔහු ආයේ අර ගෑනු ළමයාගේ අතෙන් අල්ලලා ළඟට ඇදලා ගත්තා. ඩික්සන් අයියා ඇස් පුංචි කරගෙන ඒ දිහා බලාගෙන හිටියා…