Naifmvlog

Naifm vlog Gossip and News

මෙරටින් පළමු කො-රෝනා ආසාදිත ලාංකීකයා හමුවෙයි

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ.ඔහු සංචාරක මඟ පෙන්වන්නෙක් වන අතර මේ වනවිට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ අදාළ රෝගියාගේ වෛද්‍ය වාර්තා අනුව ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.කෙසේ වෙතත් එය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා MRI පරීක්ෂණ සිදු කරන බව වෛද්‍ය සුදත් සමරවීර මහතා අද දෙරණ සමඟ පැවසුවේය.