Naifmvlog

Naifm vlog Gossip and News

හෙළ වෙදකමේ අපූරු හාස්කම් ගැන ඔබ මේ ලෙස දැන සිටියාද

බටහිර වෙදකම වසර 800 ක් වැනි කෙටි ඉතිහාසයක් ඇති වෛද්‍ය ක්‍රමයක් වන අතර දේශීය වෙදකම වසර 4000 ක් 5000 කටත් වඩා වැඩි ඉතිහාසයක් ඇති වෛද්‍ය ක්‍රමයකි. එසේම දේශීය වෙදකම පරිපූර්ණ වෛද්‍ය ක්‍රමයක් වශයෙන් හැඳින්විය හැකිය. බටිහර වෙදකම දිනෙන් දින වර්ධනය වෙමින් තවත් අලුත් දේවල් සොයාගන්නා වෛද්‍ය ක්‍රමයකි. නමුත් දේශීය වෙදකමෙහි ආයුර්වේදයෙහි නැත සොයා ගත යුතු දෙයක් නැත. ඖෂධ සහ ඒ ඒ රෝගවලට ප්‍රතිදාර තිබේ. නමුත් විවිධ හේතු නිසා ඇතැම් වෙදකම් භාවිතයෙන් ඈත්වී තිබේ. අතීතයේ සිදුවුණ විදේශීය ආක්‍රමණවලදී පොත්පත් විනාශ වූ අතර ලංකාවෙ තිබුණු ශල්‍ය වෛද්‍ය ක්‍රම විදේශිකයන් විසින් විනාශකොට දැමීය. එවැනි හේතු නිසාවෙන් මෙම වෛද්‍ය ක්‍රමයේ යම්කිසි පරිහානියක් සිදු වී තිබේ. නමුත් දේශීය වෛද්‍ය ක්‍රමයේ අද දක්වාම රැකුණු කොටස් තිබේ.බොහෝ වෙලාවට රෝගීන් සිංහල වෙදකමට යොමුවන්නේ බටහිර වෙදකම ඇතුළු බොහෝ වෛද්‍ය ක්‍රම වෙත ගොස් සුවකරගත නොහැකි අවස්ථාවන්හිදීය. එවිට එම රෝගීන්ට රෝගය සුවකර ගැනීමට කාලයක් ගතවේ. නමුත් රෝගය නිට්ටාවටම සුව වේ. අනෙකුත් වෛද්‍ය ක්‍රම මඟින් සුව කළ නොහැකි රෝග කල්ගත වී හෝ සිංහල වෙදකමෙන් සුවකළ හැකියි. බටහිර වෙදකමෙන් ඉක්මනින් සුවකළ හැකි රෝග සිංහල වෙදකමෙන් ද ඉක්මනින් සුවකළ හැකිය. බොහෝ විට කල්ගත වී සුවකළ නොහැකි රෝග සුවවීම සඳහා කල්ගත වේ.

ආතරයිටිස්, අංශභාගය යන රෝග සුවවීම සඳහා කල්ගතවීම සිදුවේ. අනෙකුත් වෛද්‍ය ක්‍රම මඟින් සුවකර ගත නොහැකි වූ රෝග සිංහල වෙදකම් කර කල්ගත වී හෝ සුවකර ගැනීම සුවකරගත නොහැකි වීමට වඩා ප්‍රතිඵලදායකය.කොඳු ඇට පෙළ රෝග සඳහා ඇති වෛද්‍ය ක්‍රමය ඉතාමත් සාර්ථකය. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව ශල්‍යකර්ම මඟින් සුවකළ නොහැකි කොන්දේ වේදනාව ශල්‍යකර්මවලින් තොරව සිංහල වෙදගම මඟින් නිට්ටාවටම සුවකළ හැකිය.දැවුම් පිළිස්සුම් වෙදකම ඉතාමත් ප්‍රතිඵලදායකය. දැවුම් පිළිස්සුමක් සිදු වූ විට කැළලක් නොමැතිව සුව කළ හැකි ප්‍රවීණ සිංහල වෛද්‍යවරු ලංකාවේ සිටිති. ගැඹුරු පිළිස්සුමකදී කැළල් නොමැතිව සුවකළ හැකි වෛද්‍ය ක්‍රමයක් ලෝකයේ කොතැනකවත් නැත. ප්ලාස්ටික් ශල්‍යකර්මයකදී හෝ තිබුණු පරිදි සම සෑදිය නොහැකිය. නමුත් සිංහල වෙදකම මඟින් පිළිස්සුණු මොහොතේ තුවාල සුවකර ගත හැකිය. සම පෙර තිබූ පරිදිම සුවකළ හැකිය. ඉන් රෝගියා විකෘතිවීම වළක්වාගත හැකිය. බොහෝ රෝගීන් පිළිස්සුණු ගමන් දිවයන්නේ මහ ‍රෝහල වෙතය. එහිදී පිළිස්සුම් තුවාල සුව වුවද පිළිස්සුණු කැළල් ඉතිරි වේ. ඊට පසු සිංහල වෙදකම් කළ විට සුව කළ නොහැකිය. පිළිස්සුණු සැණින්ම සිංහල ප්‍රතිකාර සඳහා ගිය විට කැළල්වලින් තොරවම සුවකර ගත හැකිය. බොරැල්ල ආයුර්වේද රෝහලේ මේ සඳහා පළපුරුදු වෛද්‍යවරු සිටිති.සර්ප වෙදකමට දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රධාන තැනක් හිමිවේ.

සර්ප විෂ ශරීරගත වූ විට මුර්ජා මළකඳ යන තත්ත්වයට රෝගියා පත්වේ. එම අවස්ථාව මරණය හා සමානය. ශරීරය සීතලය. හදවත ස්පන්දනය නොවේ. ආශ්වාස ප්‍රාශ්වාස නොකරයි. මොළයේ සෛල වැඩ නොකරයි. ඇසේ කර්ණිකාව ක්‍රියාකිරීම නතර වේ. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව කෙනකු මියගිය බව දැනගන්නේ ඉහත ලක්ෂණ අනුවය. මුර්ජා මළකඳ අවස්ථාවේදී මේ සියලු ලක්ෂණ විද්‍යාමාන වුවද ආශ්වාස ප්‍රාශ්වාස නොකළද සරල විසරණයෙන් වායු හුවමාරුව සිද්ධ වේ. පෙනහල්ලේ සිදුවන වායු හුවමාරුව පිටතට නොපෙනේ. නාග, පොළොං වැනි දරුණු සර්ප දෂ්ටනයකදී මෙම ලක්ෂණ පහළ වී මුර්ජා මළකඳ තත්ත්වයට පත්වේ. දේශීය වෛද්‍ය ක්‍රමය මඟින් මෙම දරුණු අවස්ථාවන්ද රෝගියා ගොඩගත හැකිය. මෙවැනි රෝගීන් අභාග්‍යසම්පන්න ලෙස මිය යන අවස්ථා ද දක්නට ලැබේ.ශල්‍යකර්ම මඟින් සුවකළ යුතු හෘදයාබාධ ශල්‍යකර්මවලින් තොරව සුවකිරීමේ හැකියාව තිබේ. එවැනි දක්ෂ දේශීය වෛද්‍යවරු ද ලංකාවේ සිටිති.කැඩුම් බිඳුම්වලදී ද බොහෝ රෝගීන් බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලට පෙර මෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලින් පසුව ද කැඩුම් බිඳුම් වෙද මහත්වරුන් සොයා පැමිණෙති. කැඩුණු අස්ථියක් විනාඩි ගණනකදී සන්ධානගත කළ හැකි දේශීය වෛද්‍යවරු ලංකාවේ සිටිති.ඇස් වෙදකම ද එලෙසින්ම වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවකර ගත හැකිය. ඇතැම් ඇස් රෝගවලදී ඇසට නොව මහපට ඇඟිල්ලට බෙහෙත් බඳින අවස්ථා දක්නට ලැබේ.

මෙවැනි වෙදකම් ලෝකයේ කොතැනක හෝ සිදු නොවේ. ලෝකයේ බොහෝ රෝගීහු ශල්‍යකර්ම සිදුකර ගැනීමට බියක් දක්වති. ඇතැම් රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් ඔවුනට ශල්‍යකර්ම කළ නොහැකිය. එවැනි රෝගීන්ට සිංහල වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් ශල්‍යකර්ම කිරීමෙන් තොරවම රෝග සුවකර ගත හැකිය. ලංකාවේ මෙම ප්‍රතිකාර ක්‍රම දියුණු කළහොත් එය ලෝකය පුරා ප්‍රචලිත කොට ලංකාවේ සිංහල වෙදකමට ලෝක ප්‍රසිද්ධියක් ලබාගත හැකිය. එම පහසුකම් සිංහල වෛද්‍ය ක්‍රමයට ලබාදිය හැකි නම් විශාල විදේශිකයන් ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ගෙන්වා ගත හැකිය. එවැනි ප්‍රතිකාර සොයන පුද්ගලයෝ ලෝකයේ කොතෙකුත් සිටිති. දේශීය වෙදකම ප්‍රචලිත චීනයට ද වඩා අප රටේ සිංහල වෙදකම ඉදිරියෙන් සිටියි. අතීත රාවණා යුගයේදී ද ලෝකයේ තාක්ෂණය අතින් අපේ රට ඉදිරියෙන් සිට ඇත. චීන ඉතිහාසයේ සඳහන් වන පරිදි සඳුන් ලීයෙන් නිමකළ නැව් ලංකාවෙන් ඉන්දියාව මිලදීගෙන තිබේ. එමෙන්ම ආයුධ ද මෙරටින් මිලදී ගෙන තිබේ. ඊජිප්තුවේ පිරමීඩවල සඳහන් වන්නේ අහසින් පැමිණි සිංහ මිනිසුන් මෙම පිරමීඩ තැනූ බවයි. කාලය සමඟ සැසඳීමේදී එය රාවණා යුගය සමඟ ගැළපෙන කාලයකි. දඬු මොනර ගැන මෙන්ම අහසින් ගිය සිංහ මිනිසුන් ගැන සඳහන් වන එකම රට ලංකාවයි. දඬු මොනර පිළිබඳව සඳහන් වීමේදී අපට එකඟ විය හැක්කේ එකලද ගුවන් යානා තාක්ෂණය පිළිබඳ අවබෝධය ඇති මිනිසුන් ජීවත්ව සිට ඇති බවයි. එකල රාවණා රජු තාරකා යුද්ධ කළ බව ද සඳහන් වේ. රාම රාවණ යුද්ධයේදී රාවණා මිසයිල ද භාවිත කළ බව කියැවේ. සීගිරියේ ගල මතට අදට ද ජලය පැමිණේ. එය කෙසේ වනවාදැයි අදටත් සොයාගත නොහැකිය. යෝධ ඇළේ තාක්ෂණය ද විස්මිතය. මෙම උදාහරණවලින් පෙනී යන්නේ ලංකාවේ තාක්ෂණය මීට අවුරුදු දහස් ගණනකට පෙර සිට ද දියුණු වී තිබී ඇති බවයි. මිහින්තලා රෝහලේ ද මීට අවුරුදු දහස් ගණනකට පෙර අද භාවිත කරන උපකරණවලින් ශල්‍යකර්ම කර ඇති බවට සාක්ෂි තිබේ.

විස්මිත වෙදකම් කරන ලංකාවේ දේශීය වෛද්‍යවරුන්ට බෙහෙත් කිරීම සඳහා එක ස්ථානයක් නොමැත. වෙන වෙනම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලදී බෙහෙත් කරනු ලබයි. ඔවුනට අවශ්‍ය තාක්ෂණික මෙවලම් සාදාගැනීමේ ක්‍රමයක් ද නැත. ඔවුනට අවශ්‍ය උපකරණ නිර්මාණය කර දීමට හැකියාවක් ඇත්නම් මෙම වෙදකම මීට වඩා දියුණු කළ හැකිය.දේශීය වෛද්‍යවරුනට ඇති ලොකුම ගැටලුව වී ඇත්තේ ඖෂධ සොයා ගැනීමයි. බෙහෙත් පැළෑටි සොයා ගැනීමට ඇති අපහසුව හේතුවෙන් ඇතැම් විට අත්‍යවශ්‍යම ප්‍රතිකාර නොමැතිව විකල්ප ඖෂධ (ප්‍රතිනිධි) යොදාගෙන ප්‍රතිකාර කෙරේ. එවිට නියමිත ‍ඖෂධවල ඇති ගුණය ප්‍රතිනිධිය තුළ නොමැත. මෙම බෙහෙත් පැළෑටි කිනම් හෝ ක්‍රමයකින් ඔවුනට වගාකොට දිය හැකි නම් එය ඔවුනට ඉදිරි ප්‍රතිකාර කිරීම්වලට විශාල උදව්වක් වනු ඇත. බෙහෙත් පැළෑටි වැවීම කළ නොහැකි බරපතළ ක්‍රියාවක් නොවේ. එය අප රට තුළ උද්‍යෝගයක් ඇතිකළහොත් විවිධ ක්‍රම ඔස්සේ ක්‍රියාවට නැංවිය හැකිය. උදාහරණයක් ලෙස වර්තමානයේ මෙරට ලස්සන කිරීම සදහා පාරවල්වල ඇති අපිරිසුදු බිත්ති පිරිසුදුකොට ඒවායේ සුන්දර සිතුවම් ඇඳීමේ රැල්ලක් ඇතිවී තිබේ. එමෙන්ම තරුණ පරපුර පුරන් කුඹුරු වැපිරීමට පටන්ගෙන තිබේ. එය ද රැල්ලක් වෙමින් තිබේ. එලෙසින්ම මෙම ඖෂධ පැළෑටි සිටුවීම ද රැල්ලක් කළ හැකි නම් සිටුවිය හැකි හැම බිම් අඟලකම බෙහෙත් පැළෑටියක් සිටුවිය හැකිය.මෙය විවිධ ක්‍රම ඔස්සේ ක්‍රියාවට නැංවිය හැකිය. එනම් අදාළ ස්ථානවලට ගැළපෙන ලෙස පැළෑටි සිටුවිය හැකිය. සෙවණ අවශ්‍ය ස්ථානයන්ට සෙවණ ලැබිය හැකි බෙහෙත් පැළෑටි සිටුවිය හැකිය.

කුඩා ඉඩ ප්‍රමාණයක් ඇති තැන්වල විශාල ලෙස නොවැඩෙන කුඩා බෙහෙත් පැළෑටි වැවිය හැකිය. විසිතුරු ලෙස තබාගත යුතු ස්ථානවල විසිතුරු මල් වර්ග ලෙස සව්කෙන්ද වැනි ශාක වැවිය හැකිය. බුලු වැනි ශාක සහ ඇහැළ ශාකයෙහි ද විසිතුරු බවක් තිබේ. ස්වර්ණ වෘක්ෂ ලෙස හැඳින්වෙන බෙලි ගසෙහි ඇති හැඩය අනුව විසිතුරු ශාකයක් ලෙස ද පලතුරක් ගත හැකි ශාකයක් ලෙස ද සිටුවිය හැකිය.මීට අමතරව රජයට අයිති අතහැර දමා ඇති ඉඩම්වල ද ඖෂධ පැළෑටි වගා කළ හැකිය. මහවැලිය, වාරිමාර්ගය වැනි අමාත්‍යාංශවලට අයිති ඉඩම් තිබේ. එමෙන්ම නව ව්‍යාපෘති පටන්ගෙන ඇති භූමිවල කිසියම් පරිසර හානියක් සිදුවේ. එවැනි ස්ථානවලද ඖෂධ පැළෑටි වැවිය හැකි නම් ඉන් පරිසර හානිය නැතිකළ හැකි සේම සිංහල වෛද්‍ය ක්‍රමය රැකගැනීමට අවශ්‍ය බෙහෙත් පැළෑටි ද සොයාගත හැකි වේ.