Naifmvlog

Naifm vlog Gossip and News

තම බිරිඳ ගෙන්වා ගන්න දේවාලයට දවස් 7ක් ගිහින්

දේවාලයක් පවත්වාගෙන යන කපුවකුගේ බිරියක් වයස අවුරුදු දෙකක් පමණ වයසැති බිලිදා භූමිතෙල් පානය කර ඇති බව ඇඟවීමට බිලිදාගේ කට වටා භූමිතෙල් තවරා බිලිදා රෝහල්ගත කිරීමට යන මුවාවෙන් බිරිය හැර ගිය බව කියමින් කපුවාගේ පිහිට පතා ආ පුද්ගලයකු සමඟ පලායෑමේ පුවතක් කළුතර දකුණ පොලිසියෙන් වාර්තා වේ.කළුතරට ආසන්න ගමක පුද්ගලයකුගේ බිරියක් හිටිහැටියේ ඔහුව අත්හැර දමා නිවෙසින් පලාගොස් තිබූ අතර එම කාන්තාව සොයාගැනීමට එම පුද්ගලයා සෑම අතින්ම උත්සාහ කළ ද එය ගඟට කැපූ ඉනි මෙන් අසාර්ථක විය.

මේ අතර මිතුරකුගේ මාර්ගයෙන් කළුතර ප්‍රදේශයේ දේවාලයක් පිළිබඳ තොරතුරු දැනගත් එම පුද්ගලයා දේවාලයට ගොස් කපුවා හමුවී තමන් පත්ව තිබෙන අසරණ තත්ත්වය දෑසේ කඳුළු පුරෝගෙන පැවැසුවේ තමන්ට පිහිට වන ලෙස ආයාචනා කරමිනි. .මඳ වේලාවක් තුළදී එම පුද්ගලයාව දේවාලය තුළට කැඳවූ කපුවා අඳුන බලමින් අඳුනින් ඔහුගේ බිරිය තවකකු හා නිවෙසක සතුටින් ගත කරන බවට පෙන්නුම් කරන බවත් ඇයව යළි ගෙන්වා දීමට හැකියාව ඇති බව පවසා ඒ වෙනුවෙන් තමන්ට යම් කැපවීමක් කරන්න වන බවත් දේව මෑණියෝ පවසන බව එම පුද්ගලයා අමතා පවසා ඇත.‍ෙදාහොත් මුදුන් දී වැඳවැටුණු එම පුද්ගලයා තමන් ඒ වෙනුවෙන් ඕනෑම කැපවීමක් කරන බවට සහතික වී ඒ සඳහා උපදෙස් බලාපොරොත්තු වන බව පවසා ඇතැයි පොලිසිය කියයි.සතියේ දින දෙකක් පිරිසුදුව දේවාලයට පැමිණ දේවාලය අවට පිරිසුදු කොට මල්, පහන් පූජා කොට දේව මෑණියන්ට කන්නලව් කරන ලෙස අඳුන බලමින් කපුවා එම පුද්ගලයාට එම උපදෙස් ලබාදී ඇතැයි පොලිසිය කියයි.

එම උපදෙස් අකුරට පිළිපදිමින් දේවාලය කරා පැමිණි එම පුද්ගලයා සතියට දින දෙකක් බොහෝ වේලාවක් එහි ගත කර බිරිය යළි ගෙන්වා ගැනීමට කැපවී තිබූ බව පොලිසිය කියයි.ඒ අයුරින් පුරා සති හතක් එම දේවාලය කරා පැමිණි එම පුද්ගලයා හා කපුවාගේ බිරිය අනියම් ඇසුරක් හොර රහසේ පවත්වා දෙදෙනාට දෙදෙනා ජංගම දුරකථනය හරහා කතා බස් කරගත් තීරණයක් පරිදි නිවෙසින් පලාගොස් තිබුණේ එම පුද්ගලයා කපුවාගේ බිරියට දරුවාගේ කට වටා භූමිතෙල් තවරන ලෙස ලබාදුන් උපදෙස් මත බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා එන්. දිස්නා ප්‍රියන්ති මහත්මිය පරීක්ෂණ පවත්වයි.